Gregory වැවේ වතුර අයින් කරලා !!!
source - nethfm
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය මුදාහරිනු ලැබුවේ කිසිවෙකුගේ අවශ්‍යතාවයකට නොවන බව නුවරඑළිය මහ නගර සභාවේ පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතා පවසනවා.
පුරපතිවරයා පවසන්නේ දේශපාලන වාසි ලබා ගැනිම සදහා ඇතැම් අය හා ඇතැම් මාධ්‍ය තමන්ගෙන් කරුණූ විමසීමකින් තොරව නුවරඑළිය නගරයේ ඉදිවන අංගසම්පුර්ණ වෙළද සංකීර්ණයක් පදනම් කර ගනිමින් මෙම අසත්‍ය ප්‍රචාරය පතුරවා හරින බවයි.
මෙම ජල කාන්දුව සම්බන්ධයෙන් සභා තීරණයක් මත රුපියල් ලක්ෂ දහඅටක වියදමින් වසර එකසිය හතළිස් හයකට පසු මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බවත් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුනොකර සිටිමෙන් ග්‍රෙගරි වැවේ සොරොව්ව කැඩී යෑමේ අවධානමක් පැවති බවත්, පවසන පුරපතිවරයා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවයි පැවසුවේ.
මෙම ප්‍රතිසංස්කරණ කටයුත්ත තව සති දෙකක් ඇතුලත අවසන් කරන බවත්, ජලාශයේ තැන්පත් වි ඇති පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කර මේ වසරේ දෙසැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ග්‍රෙගරි වැවේ ජලය පිරවීමට කටයුතු කරන බවයි පුරපතිවරයා වැඩි දුරටත් පවසන්නේ.
මේ අතර,ග්‍රෙගරි වැව අවට සංචාරක කර්මාන්තයේ නියලි සිටින අය පවසන්නේ. ග්‍රෙගරි වැවේ ජලය මුදාහැරිම නිසා සංචාරකයන් ග්‍රෙගරි වැව ආසන්නයට නොපැමිණීම නිසා තම අදායම් තත්ත්වය පහළ වැටී ඇති බවයි.
වැවේ සොරොව්ව ප්‍රතිසංස්කරණය කර වැවේ තැන්පත්වී ඇති පොලිතින් හා ප්ලාස්ටික් වැනි අප ද්‍රව්‍ය ඉවත් කළ යුතු බවද එම පිරිස් පවසා තිබෙනවා.

ඕකෙන් ජීවත් උන කට්ටියට නම් කෙල වෙනවා නේ බන් ටික දවසක් යනකල් 