Gregory වැවේ වතුර අයින් කරලා !!!

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Gregory වැවේ වතුර අයින් කරලා !!!

    nuwara-www.nethfm.com1_.jpg


    nuwara-www.nethfm.com2_.jpg


    nuwara-www.nethfm.com3_.jpg


    nuwara-www.nethfm.com4_.jpg


    nuwara-www.nethfm.com5_.jpg


    nuwara-www.nethfm.com6_.jpg


    nuwara-www.nethfm.com7_.jpg


    නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය මුදාහරිනු ලැබුවේ කිසිවෙකුගේ අවශ්‍යතාවයකට නොවන බව නුවරඑළිය මහ නගර සභාවේ පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතා පවසනවා.

    පුරපතිවරයා පවසන්නේ දේශපාලන වාසි ලබා ගැනිම සදහා ඇතැම් අය හා ඇතැම් මාධ්‍ය තමන්ගෙන් කරුණූ විමසීමකින් තොරව නුවරඑළිය නගරයේ ඉදිවන අංගසම්පුර්ණ වෙළද සංකීර්ණයක් පදනම් කර ගනිමින් මෙම අසත්‍ය ප්‍රචාරය පතුරවා හරින බවයි.

    මෙම ජල කාන්දුව සම්බන්ධයෙන් සභා තීරණයක් මත රුපියල් ලක්ෂ දහඅටක වියදමින් වසර එකසිය හතළිස් හයකට පසු මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බවත් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුනොකර සිටිමෙන් ග්‍රෙගරි වැවේ සොරොව්ව කැඩී යෑමේ අවධානමක් පැවති බවත්, පවසන පුරපතිවරයා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවයි පැවසුවේ.

    මෙම ප්‍රතිසංස්කරණ කටයුත්ත තව සති දෙකක් ඇතුලත අවසන් කරන බවත්, ජලාශයේ තැන්පත් වි ඇති පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කර මේ වසරේ දෙසැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ග්‍රෙගරි වැවේ ජලය පිරවීමට කටයුතු කරන බවයි පුරපතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

    මේ අතර,ග්‍රෙගරි වැව අවට සංචාරක කර්මාන්තයේ නියලි සිටින අය පවසන්නේ. ග්‍රෙගරි වැවේ ජලය මුදාහැරිම නිසා සංචාරකයන් ග්‍රෙගරි වැව ආසන්නයට නොපැමිණීම නිසා තම අදායම් තත්ත්වය පහළ වැටී ඇති බවයි.

    වැවේ සොරොව්ව ප්‍රතිසංස්කරණය කර වැවේ තැන්පත්වී ඇති පොලිතින් හා ප්ලාස්ටික් වැනි අප ද්‍රව්‍ය ඉවත් කළ යුතු බවද එම පිරිස් පවසා තිබෙනවා.

    source - nethfm
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :shocked: ඕකෙන් ජීවත් උන කට්ටියට නම් කෙල වෙනවා නේ බන් ටික දවසක් යනකල් :sorry:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නිදන් හාරන්න කියල කියන්න තිබුන ටික දවසකට කලින් උනා නම්
     
    • Like
    Reactions: 3rdEye

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    547
    113
    Dubai
    වැඩෙ නම් හොදයි ඒත් හරියට වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. පේන හැටියට නම් කිසිම ප්‍රතිසංස්කරණ කටයුත්තක් වෙන බවක් පේන්න නම් නෑ. මේ වගේ දෙයක් කරනකොට නියමිත සැලැස්මකටයි කරන්න ඕනේ. වැව සුද්ද කරන්න ඕන කරන යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා හැම දෙයක්ම ලෑස්ති කරලා තමයි වැව හිස් කරන්න ඔන. නමුත් වෙලා තියෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් දෙයක් වගේ. හැම දෙයකටම කලින් වැව හිස් කරලා වගේ.
    අපේ මිනිස්සුන්ටත් නීති දාන්න ඕන අඩුම තරමේ ටොපී කොලයක්වත් බිම දාන්න බැරි වෙන්න. එහෙම නැතුව මේවා ආරක්ශා කරන්න බෑ.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    වැඩෙ නම් හොදයි ඒත් හරියට වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. පේන හැටියට නම් කිසිම ප්‍රතිසංස්කරණ කටයුත්තක් වෙන බවක් පේන්න නම් නෑ. මේ වගේ දෙයක් කරනකොට නියමිත සැලැස්මකටයි කරන්න ඕනේ. වැව සුද්ද කරන්න ඕන කරන යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා හැම දෙයක්ම ලෑස්ති කරලා තමයි වැව හිස් කරන්න ඔන. නමුත් වෙලා තියෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් දෙයක් වගේ. හැම දෙයකටම කලින් වැව හිස් කරලා වගේ.
    අපේ මිනිස්සුන්ටත් නීති දාන්න ඕන අඩුම තරමේ ටොපී කොලයක්වත් බිම දාන්න බැරි වෙන්න. එහෙම නැතුව මේවා ආරක්ශා කරන්න බෑ.

    උඹ ඔය ටෝක් දෙන්නේ මෙතන ෆොටෝ ටික බලලාද නැත්නම් නුවර එලිය පැත්තේ ගියාද?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දෙසැම්බර් කියන්නේ session එකනේ බන්.
    ඇයි දන්නේ නැහැ මේ වගේ සැලැස්මක් නැතුව වැඩ කරන්නේ.
    ඕක session එක ඉවර උනහම පටන් ගත්ත නම් කාටවත් කරදරයක් නැහැනේ.
    පවු එදා වේල හොයා ගන්න මිනිස්සු.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    metchara kal idala december walama keliyane,aran niwaduwak ganna hitapu minussui buinsess ekak karaganna hitapu unui ivarai.off season karanan ivarayane.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දෙසැම්බර් කියන්නේ session එකනේ බන්.
    ඇයි දන්නේ නැහැ මේ වගේ සැලැස්මක් නැතුව වැඩ කරන්නේ.
    ඕක session එක ඉවර උනහම පටන් ගත්ත නම් කාටවත් කරදරයක් නැහැනේ.
    පවු එදා වේල හොයා ගන්න මිනිස්සු.

    Kohomada season eka kiyala oka karanne nathuwa idala wawe bamma kaduna nam...

    Mona kalath waradiy ape minissunta......
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් කොහොමත් නුවරඑළියට මිනිස්සු යනවා වැඩි. ඕකේ ජරාව තියනවා එදා ඉඳලම ඒකයි මේ සුද්ද කරන්නේ. සුද්ද කරාට පස්සේ හොඳට තියෙයි. කොහොමත් අප්‍රේල් සීසන් එකට කලින් ඕක පිරෙව්වොත් හොඳයි. :)
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දෙසැම්බර් කියන්නේ session එකනේ බන්.
    ඇයි දන්නේ නැහැ මේ වගේ සැලැස්මක් නැතුව වැඩ කරන්නේ.
    ඕක session එක ඉවර උනහම පටන් ගත්ත නම් කාටවත් කරදරයක් නැහැනේ.
    පවු එදා වේල හොයා ගන්න මිනිස්සු.


    Moakakda ban session kiyanne? Season eka thiyenne nam April wala. Me dawas wala patta seethalai, wahinawa, off season eka.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දෙසැම්බර් කියන්නේ session එකනේ බන්.
    ඇයි දන්නේ නැහැ මේ වගේ සැලැස්මක් නැතුව වැඩ කරන්නේ.
    ඕක session එක ඉවර උනහම පටන් ගත්ත නම් කාටවත් කරදරයක් නැහැනේ.
    පවු එදා වේල හොයා ගන්න මිනිස්සු.

    siraawata,, kisi deyak plan karanna danne nathi gonnu :frown: