Gym ස්ප්ලිමන්ට්

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
හැම supplement එකකම අතුරුආබාධ තියෙනව.. ඕවා පාවිච්චි කරන්න ඕන නැහැ ඇඟ හදාගන්න.. supplement වලින් ඇඟ හැදෙන්නෙත් නැහැ.. ඒකෙන් කරන්නෙ වැයවෙන ශක්තිය නැවත ලබාදීමක් විතරයි.. ඒක නිසා රතු කැකුළු බත්, සමපෝෂ, කොස් ඔය වගේ දේවල් කාපන්.. එළකිරි බීපන්.. හොඳට පළතුරු කාපන්.. එහෙම කලාම ඇඟ හදාගන්න එක අමාරු නෑ..:)

මචන් සප්ලිමන්ට්ස් වලින් ශක්තිය ලබාදෙන එකට වඩා ඉලක්කගත කරන්නේ ප්‍රෝටීන ලබාදෙන එක. ඒ වගේම ඒවගෙන් ප්‍රතිපළ ලැබෙන්නේ නැහැයි කියන්ත් බෑ..ඒවා උදව් වෙනව..ප්‍රශ්නේ ගොඩක් සප්ලිමන්ට්ස් ආවට ඒවගේ ප්‍රමිතිය සම්බන්ද ප්‍රශ්න. අනික තමයි එක එක පුද්ගලයාගේ ශරීරවලට මේදේ ගලපගන්නවට වඩා පෝෂණවේදීයෙක් ගාවට ගිහින් තමන් කරන ස්පොර්ට් එක ගැන කියල. සහ තමන්ගේ ශරීරයට ගැලපෙන විදියට එකක් තොරා ගැනීම වැදගත්..කොහොමත් කෟතිම දේවල් වලට වඩා ස්වභාවික ආහාර වලින් ලැබෙන පෝෂණය අගය කරන්න පුලුවන්...

නමුත් ගැටලුව තමයි...කාය වර්ධනය වැනි විශේෂිත ක්‍රීඩා කරන අයට සාමාන්‍ය අයට වඩා වැඩි මාත්‍රාවකින් ප්‍රෝටීන අවශ්‍ය වෙනවා..ඒනිසා ගොඩක් ප්‍රහුණු කරන්නන් අද්දැකීමෙන් දන්නව සප්ලිමන්ට්ස් වල වැදගත්කම...

මොකද ශරීරයේ එක් කොටසකට වර්කවුට්ස් කරාම දින 2සිට 7ක් 8ක් යනව සාමාණ්‍යයෙන් එම කොටස නැවත වර්කවුට්ස් කරන්න සුදුසු තත්වයට රිකවර් වෙන්න..ඉතින් මෙහිදී වෙන්නේ..ඉරිණු මසල් මත නව මාංෂපේෂී තන්තු ඇති වෙමින් ප්‍රමාණයෙන් විශාල මසල්එකක් ඇතිවීම..මේකට ගොඩක් ප්‍රෝටීන අව්‍ශ්‍යයි...නැතිනම් නැවතත් වර්කවුට් සර්කල් එක අනුව අපි දින 7කින් 8කින් එම කොටසටම ව්‍යායාම කරන්න ගියොත් එම කොටස ඕවර් වර්කවුට්ස්වෙලා..හානි වෙන්න පුලුවන්...

ශක්තිය ලැබෙන්නේ කාබෝහඩ්‍රට් වලින්..ඒවට කොස්, බත් හොඳයි...ප්‍රෝටීන සඳහා..මාළු, මස්.බිත්තර වගේ දේවල්...සහ පරිප්පු, කඩල , කවුපි වගේ ආහාර ගන්න පුලවන්..බහුලව කණිජ ලවන ගැනීමත් වැදගත්..:)