Hard Talk with KasunKDP

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    hard_talk.png


    avatar494097_28.gif



    KasunKDP

    ඔහු අපූර්ව චරිතයක්.... ඔහුට විවිධ විෂයයන් සම්බන්ධව තිබෙන දැනුමද නොසලකා හැරිය නොහැකිය... බහුතරයක් දෙනා පිළිගන්නා මතයට හාත්පසින්ම වෙනත් මතයක් දරණ ඔහු ඇතැම් විට විචාරශීලිය... තවත් විටෙක ආවේගශීලිය.... ඒ සියල්ලෙන්ම ඔහු සොයන්නේ සැබෑ සත්‍ය යනු කුමක්ද යන්න විය හැකිය.... මේ ඔහුගේ අවස්ථාවයි....



    01. ඔබ ඇයි එළකිරියට ගොඩවැදුණේ....?

    මම නම් මුලින්ම මේකට ආවේ මොකක් හරි ප‍්‍රශ්නයක් අහන්න තමයි... මට මතක විදිහට ආගම හෝ මිනිස් විශ්වාස සම්බන්ධ එකක්... ඒක ඇහුවෙ නම් මේ අකවුන්ට් එකෙන් නෙමෙයි.... ඒකේ
    [FONT=&quot]credentials[/FONT] අමතක වෙච්ච නිසා මේ එකවුන්ට් එක පස්සෙ කාලෙදි හැදුවා....


    02. ඔබ කතෝලිකයෙක්.... ගොඩක් අය කියන විදියට කුරුසකාරයෙක්.....?

    ඔව්... මගේ අම්මා, තාත්තා කතෝලික (කුරුසයෝ)... ඒත් මම කුරුසයෙක් නෙමෙයි... මම ආගම් සහ අනික් මතවාද සම්බන්ධව මධ්‍යස්ථ මතයක ඉන්නේ... මොකද ඔය ඕන එකක් හරි වෙන්නත් පුලූවන්... හැමදේම බොරු වෙන්නත් පුලූවන්.... හැමදේම හරියන්න පවා පුලූවන් එක එක
    [FONT=&quot]context[/FONT] අනුව....


    03. ඔබ බුදු දහමේ ගැඹුරු කරුණු අරබයා කමෙන්ට්ස්, ත්‍රෙඞ් පළකරනවා... ඔබ එහෙම කරන්නේ බුද්ධාගම හෑල්ලූකරන්න ද? එහෙම නැත්තං සැබෑ ලෙසම ඒ ගැන දැනුමක් ලබන්නද...?

    බුදු දහම හෑල්ලූ කරා කියල මට මොනාද ලැබෙන්නේ....? මට ඇත්තටම ඕනේ බුද්ධාගම ගැන දැනගන්න... ඒත් සමහර වෙලාවට ඒ කරුණු සම්බන්ධව තර්ක කිරීම් යනවා... එතකොට කෙනෙක්ට හිතන්න පුලූවන් මම කරන්නේ බුදු දහම හෑල්ලූවට ලක් කරන්න උත්සහා කරනවා කියල.... ඒත් අවංකවම ඒක එහෙම නෙවෙයි.....


    04. ඔබ මොන ලෙස කිව්වත් ඔබගේ ප‍්‍රතිචාරවලින් ගම්‍ය වෙන්නේ් සියුම් උපහාසයක් කියල මට හිතෙනවා... වැරදි ද?

    බුදු දහම අරභයාද, නැත්තං සමස්තයක් වශයෙන් ද...? සමස්තයක් වශයෙන් ගත්තම මගේ ප‍්‍රතිචාර උපහසාත්මක වෙන්න පුලූවන් ගොඩක් වෙලාවට... මොකද මේ ලෝකෙත් එක විදියකට බැලූවම ජෝක් එකක් තමයි.... නමුත් ගොඩක් සීරියස් කරුණුවලදී සීරියස් විදියට උත්තර දෙන්න මම උත්සහා කරනවා....


    05. හරි අපි මෙහෙම කියමු.... දැනට ලෝකයේ පවත්නා ආගම්වලට සාපේක්ෂව වඩාත් ප‍්‍රායෝගික ආගම බුදුදහම කියල කිව්වොත් ඔබ පිළිගන්නවා ද? ඒ ඇයි ?

    මෙහෙමයි.... ප‍්‍රායෝගික ද දන්නේ නෑ.... ඒත් තර්කානුකූලම ආගම තමයි බුදු දහම... මම මේක කිහිප තැනකම කියල තියෙනවා.... ඒත් දේවවාදි ආගම්වල ලැබෙන මානසික සහනය බෞද්ධ ආගමෙන් ලැබෙන්නේ නෑ..... දේවවාදි ආගම් අදහන කෙනෙක්ට මොනා නැති වුණත් පිහිටට දෙයියෙක් ඉන්නවා... ඒක සෑහෙන මානසික සහනයක් වෙන්න පුලූවන්... ඒත් බෞද්ධයෙක්ට සහනය ලබාගන්න පුලූවන් වෙන්නේ තමා තුළින්මයි... මානසිකව දුර්වල අයත එතනදී අසරණ වෙනවා....


    05. ඔබ පෙර භවය, මතු භවය, විශ්වය, ආත්මය ආදි සංකීර්ණ දේවල් ගැන වැඩියෙන් වදවෙනවා.... ඔය වයසට ඕවා බරපතල වැඩි නැද්ද....?

    මම මුුහුණ දීල තියෙන දේවල් එක්ක, මගේ අනාගත තීරණ ගනිද්දී (මගේ ජීවිතය ගැන) විශ්වයේ යථාර්ථය මොකක්ද කියන දැනගෙන ඉන්න එක අත්‍යාවශ්‍යයි....


    06. ඔබගේ මතය අනුව මිනිස් සංහතිය මෙතනින් කෙළවෙලා යන්න ඕන... ඇයි මේ වගේ කුරුවල් අදහස්...?

    මේ ලෝකේ මිනිස්සුන්ගෙන් අති බහුතරය ජීවත් වෙන්නේ ගොඩක් දුකෙන්... බෞද්ධයෙක් විදියට ඔබ ඒක පිළිගන්නව ඇතිනේ... සංසාර චක‍්‍රය කියල දෙයක් නැත්තං මොකටද මිනිස්සු ඇත්තටම දුක් විඳ විඳ ජීවත් වෙන්නේ....? අපි මැරණට පස්සේ හැම දේම ඉවර වෙනව නම් (නොනවතින නින්දකට යනව වගේ) හැමෝම සියදිවි හානි කරගන්න එක ජීවත් වෙනවට වඩා සුවදායකයි කියලයි මමනං හිතන්නේ.... හැබැයි ඉතිං ඔය ආගම් එකක් හරි ඇත්ත නම් ඉතින් ඒක හරියන්නේ නෑ, සදාකාලිකවම අපායේ.... :sorry:


    07. ඔබගේ අදහස්වලට ගැලපෙනම කාන්තාව වඳ, සංවාසයට පමණක් කැමති අයෙක් වෙන්න ඕන.... වෙන එකියකට නම් ඔබත් එක්ක පවුල් කන්න බැරිවෙයි නේද...?

    ඕක එහෙන් පිටින්ම හැගීම් මත වෙන දෙයක්... මගේ එහෙම මතයක් තියෙනව තමයි... නමුත් ප‍්‍රායෝගිකව ප‍්‍රතිපත්ති යට ගිහිල්ල හැගීම් උඩට ඒවි කියල හිතෙනවා...


    08. ඔබ ආතල් එකේ ගලා යන ත්‍රෙඞ් එකක් මැදට පැනල දෙපැත්ත කොටවන්න දක්ෂයි කියල චෝදනාවක් තියෙනවා... මේ චෝදනාව ගැන මොකද කියන්නේ....?

    කවුද එහෙම කියන්නේ...? මම එහෙම ත්‍රෙඞ්වලට ගිහිල්ල අදාල නැති දේවල් නම් කමෙන්ට් කරල තියෙනවා... ඒත් කාවවත් කොටවන්න නම් උත්සහා කරල නෑ.... මම ජීවිතේ ගැන ඉන්න මතවාදත් එක්ක ඔය වගේ සිල්ලර දේවල් කොහොමත් කරන්නේ නෑ.....


    09. සිංහලයාගේ ඉතිහාසයට, සංස්කෘතියට පහර ගසන ඕනෑම තැනක ඔබත් ඉන්නවා.... හැබැයි ඔබත් කොහේ හරි තැනකින් සිංහලයාට බද්දවෙලා ඉන්නේ... ඇයි උඩ බලාගෙන කෙළ ගහන්නේ....?

    කොහොම හරි තැනකින් බද්ද වෙලා නෙමේ මම සම්පූර්ණයෙන්ම සිංහල... ඔහොම ත්‍රෙඞ්වල මම අනිත් පැත්තට කතාකරන්න හේතු කීපයක් තියෙනවා... එක මම මටම වෛර කිරීම (
    [FONT=&quot]depression[/FONT] නිසා)... දෙක ඉන්දියානු දමිළ ජාතින්ට වඩා අපි උසස් කියල ගොඩක් සිංහල මිනිස්සු හිතන එක.... තුන සිංහල කියන්නේ බෞද්ධ විතරයි, අනිත් උන් පැවතෙන්නේ නැවේ කුඹගහ දැකල රෙද්ද උස්සපු ගෑණුන්ගෙන් කියල සමහරක් කියන නිසා....


    10. ඔබ බුද්ධිමත් හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙන කෙනෙක් වගේ පේනවා.... ඒ වුණත් ඔබ ඒ්වායින් ප‍්‍රයෝජනයක් ගන්න බවක් පේන්න නෑ.... ඇත්තටම ඔබ ඇයි මෙහෙම කුසීත වෙලා ඉන්නේ...?

    ඇත්තටම මට depression එක දරුණුවටම තියෙනවා... උපාධිය ඉවරකරා ගිය අවුරුද්දේ... ඒත් රස්සාවක් කරන්න හිතෙන්නේ නෑ....


    11. එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් 05 දෙනා කවුද...? ඒ ඇයි....?

    [FONT=&quot]whitewalker[/FONT] - මගේ අදහස්වලට සමාන අදහස් තියෙනවා.... විශාල පරාසයක දැනුමක් තියෙන බුද්ධිමත් කෙනෙක්....
    [FONT=&quot]G.D.1.Nirmal[/FONT] - ගොඩක් කතා කරල තියෙනව මෙයත් එක්ක.... බලල නැති ෆිල්ම් එකක් නෑ...
    [FONT=&quot]Anuradhara[/FONT] - ඌට ගොඩක් ප‍්‍රශ්න තියෙනවා....
    [FONT=&quot]twisted[/FONT] - මාර ලස්සනට ලියන්න පුලූවන්... දවසක් ඌ ලියපු එකක් කියවල මට ඇඩුනා....
    [FONT=&quot]scurvy[/FONT] - මං කවද හරි ඌ වගේ වෙයි කියල හිතෙනවා... :sorry:.


    12. ඔබගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකකුත් කියමු නේද...?

    පවුලේ ඉන්නේ අම්ම විතරයි.... මට වයස 23 යි... තොරතුරු තාක්ෂණය පැත්තෙන් උපාධියක් කරා... රස්සාවක් නෑ... විනෝදාංශෙ චිත‍්‍රපටි බලන එක....


    13. ඔබගේ එළකිරියේ ඉදිරි පැවැත්ම මොන වගේ වෙයිද...?

    මැරෙනකම්ම ඉඳියි.. මිනිස්සුන්ගේ මූණවල් බලන්නෙ නැතිව සම්බන්ධතා ගොඩ නගාගන්න මම කැමතියි.... :lol:


    14. එළකිරිය ගැන ඔබගේ තුන්කල් දැක්ම මොන වගේද?

    මම හිතන්නේ එළකිරිය කියන්නේ සමාජයේම තවත් පිළිබිඹුවක්... මේක දිගටම තියෙන්න ඕන... දැන්න ඉන්න උන්ගේ ළමයිනුත් කවදහරි මේකේ ඇවිල්ල ආතල් ගනියි.... ලින්ක් ෂෙයාර් කරයි... මතවාද ගැන තර්ක කරයි....

    මේකට මාව සම්බන්ධ කරගත්තට ස්තූතියි.... :)

    xrH3omh.gif
    WfmPzBw.gif





     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට හොද තර්කන හැකියාවක් සහ බුද්ධි මට්ටමක් තියනව අවංකව ම.
    මම නං කියන්නේ මල්ලී (හරි පුතා හරි) ඔය ඩිප්ප්‍රෙෂන් වලට හරියට බෙහෙත් කරපං.....
    උඹ ජීවිතේ අතෑරෙන්න හෝ අතාරින්න ඕන කරන වර්ගයේ එකෙක් කියල මට නං හිතෙන්නේ නෑ.......
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Depression නෙමේ මල්ලි උඹට තියෙන්නෙ කම්මැලිකමක්,
    කුසීත කම කියලත් සිංහලු කියන්නෙ ඕකට..:P:)
    ජොබක් කරල life එක බිසී කර ගනින්, එතකොට ඔය ගතිය ඇරිල යාවි.:)
    Good talk, good luck bro..!
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    09. සිංහලයාගේ ඉතිහාසයට, සංස්කෘතියට පහර ගසන ඕනෑම තැනක ඔබත් ඉන්නවා.... හැබැයි ඔබත් කොහේ හරි තැනකින් සිංහලයාට බද්දවෙලා ඉන්නේ... ඇයි උඩ බලාගෙන කෙළ ගහන්නේ....?

    කොහොම හරි තැනකින් බද්ද වෙලා නෙමේ මම සම්පූර්ණයෙන්ම සිංහල... ඔහොම ත්‍රෙඞ්වල මම අනිත් පැත්තට කතාකරන්න හේතු කීපයක් තියෙනවා... එක මම මටම වෛර කිරීම (depression නිසා)... දෙක ඉන්දියානු දමිළ ජාතින්ට වඩා අපි උසස් කියල ගොඩක් සිංහල මිනිස්සු හිතන එක.... තුන සිංහල කියන්නේ බෞද්ධ විතරයි, අනිත් උන් පැවතෙන්නේ නැවේ කුඹගහ දැකල රෙද්ද උස්සපු ගෑණුන්ගෙන් කියල සමහරක් කියන නිසා....

    me rathu karala thiyena eke mata welawakata mehema deyak hithila thiyenawa. katholika sinhala aya tikak sinhalakama lejjawak wage hithanawa kiyala. nikan sinhalayanta wena prashna gana katha kalayuththe sinhala bawuddayo vitharayi wage deyak...

    another good talk