Hard Talk with sasliit

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    hard_talk.png





    sasliit


    [FONT=&quot]ඔහු ගීතයට අරුතක් එක්කරන්න දක්ෂ අපූරු චරිතයක්.... සරල බස් වහරකින් එළකිරි සාමාජිකයින් අමන්දානන්දයට පත් කරමින් ඉහළ ප‍්‍රතිචාරයක් ලැබූ ඔහු දැන් මඳක් නිහඩයි.... ඔහුව සංවාදයට කැඳවීමට මා අදහස් කළේ ඔහුත් එළකිරිය තුළ සලකුණක් කියල මට සිතුණු බැවිනි.... අපි ඔහුව තේරුම් ගන්න පුංචි උත්සාහයක් දරමු....[/FONT]



    1. [FONT=&quot]ඔබ එළකිරි සාමාජිකයෙක් වෙන්න හිතුවේ ඇයි....[/FONT]?

    [FONT=&quot]විශ්ව විද්‍යාලයේදි විවිධ දේවල් ගැන සොයද්දි තමා එලකිරි ගැන දැනගත්තෙ...[/FONT] [FONT=&quot]සින්දු.. සොෆ්ට්වෙයාර් ගැන තමා [/FONT]2006[FONT=&quot]දි වගේ හෙව්වෙ... ඒ අතරෙ නිකමට වගේ[/FONT] [FONT=&quot]රෙජිස්ටර් උනා [/FONT]2007[FONT=&quot]දි.. පොඩි උදව්වක් ඉල්ලුව ත්රෙඩ් එකක් අස්සට රිංගල..[/FONT] [FONT=&quot]මෙන්න බොලේ කොල්ලො පැල් බැදගෙන උදව් කරනවා.. තමංගෙ සහෝදරයෙකුට උදව් කරනව[/FONT] [FONT=&quot]වගේ.. එතෙන්දි දැනුන ලෙංගතුකම නිසා දිගටම එළකිරියත් එක්ක ඉන්න තීරණය කලා[/FONT]



    02. [FONT=&quot]ඔබ ගීතවල නිදාන කතා කියන්න දක්ෂයි... ඔබ මොන පොතින්ද ඕවා කොපි කළේ...[/FONT]?

    [FONT=&quot]පොත් වලින් විතරක් නෙමෙයි.. පත්තර වලින්.. විවිධ වැඩසටහන් වලින්.. ඊට පස්සෙ[/FONT] [FONT=&quot]ගීත ලියපු අය.. ගායනා කරපු අය මුන ගැසුනම කියන දේවල් වලින් ... වගේ හැම[/FONT] [FONT=&quot]තැනකින්ම ගත්ත දේවල් එකතු කරල තමා මම ලියන්නෙ[/FONT]


    03. [FONT=&quot]මම එහෙම ඇහුවේ අනිවාර්යයෙන්ම ඒ ගීතවල නිදාන කතා හොයන්න ඔබ කවර හෝ[/FONT] [FONT=&quot]මූලාශ‍්‍රයක් භාවිතා කරන්නම ඕන නිසා... ඇයි ඔබ මූලාශ‍්‍රය දක්වන්න අදිමදි[/FONT] [FONT=&quot]කරන්නේ...[/FONT]?

    [FONT=&quot]ඇත්තම කතාව මූලාශ්‍ර දැක්විය යුතු බව මම මුලින් දැනගෙන හිටියෙ නැ.. මැටි කලයක් මම..[/FONT] [FONT=&quot]පස්සෙ ඒක දැනගත්තම මූලාශ්‍ර [/FONT]/ [FONT=&quot]උපුටා ගත් බව දැක්වූවා.. නමුත් එක දෙයක්[/FONT] [FONT=&quot]කියන්නම් මම විචාර [/FONT]100[FONT=&quot]ක් ලියල තියෙනව නම් ඒකෙන් [/FONT]10[FONT=&quot]ක් වගේ තමා උපුටා[/FONT] [FONT=&quot]ගැනීම්.. අනෙක් සියල්ලම මගේ නිර්මාණ.[/FONT]


    04. [FONT=&quot]ඔබ කළ ගීතයක අරුත් ගැන්වීම් වෙනත් කෙනෙක් වෙනත් තැනක පළ කලාම ඇයි ඔච්චර කේන්ති ගන්නේ....[/FONT]?

    [FONT=&quot]වෙන තැනක පල කලාට කේන්ති නම් යන්නෑ[/FONT]..[FONT=&quot].. හිතේ තියෙන දේවල් ලීවෙ[/FONT] [FONT=&quot]එළකිරියට... එලකිරි යාලුවන්ට දැනගන්න... ඉතිං ඒක කොහේ හරි දානවනම්[/FONT] [FONT=&quot]එලකිරියෙන් ගත්ත කියල කියන්න කියල විතරයි ඉල්ලන්නෙ.. ඒක කරන්නෙ නැති උනාම[/FONT] [FONT=&quot]තමා තරහයන්නෙ..[/FONT] [FONT=&quot]හිතන්න හාඩ්ටෝක් කියල මේ වැඩක් ක‍රන්නෙ ඔබට වෙන වැඩ නැත්ද.. තමංගෙ කියල[/FONT] [FONT=&quot]ෆිට් එකක් දැනෙන නිසානේ.. ඒක කරන්නෙ ඔබ මට ආදරේටද... නැහැ එළකිරියට ආදරේට..[/FONT]


    05. [FONT=&quot]හැබැයි ඔබත් කොහේ හරි මූලාශ‍්‍රයකින් කතාව අරගෙන ඒකට ටිකක් අතින් දාල[/FONT] [FONT=&quot]පළ කරන එක කරන්නේ... බලපුවම ඔබත් අර නිර්ලජ්ජිත කොපි කාරයෝ ගොඬේම නේද[/FONT] [FONT=&quot]ඉන්නේ....[/FONT]?

    [FONT=&quot]මරු ප්‍රශ්නෙ.. උත්තරය නැහැ කියන එක.. සින්දු ගැන ලියන්න මට කිසි උවමනාවක්[/FONT] [FONT=&quot]තිබ්බෙ නැහැ.. ධනුෂ්ක සහෝදරය දාපු ත්රෙඩ් එකකට පෝස්ට් කිහිපයක් දැම්ම.. ඒක[/FONT] [FONT=&quot]කියවපු කොල්ලො තව ඉල්ලපු නිසා තව දන්න දෙවල් ලීව.. සමහර දවස් වලට රෑ [/FONT]1-2 [FONT=&quot]වෙනකල් උන් අවදියෙන් ඉන්නව අලුත් පෝස්ට් එකක් දානකල්.. ඒ නිසාම ලීව[/FONT] [FONT=&quot]නිදිමරාගෙන ලීව.. දන්න හැමදේම දැනෙන හැම දේම[/FONT] [FONT=&quot]ලීව[/FONT]....


    06. [FONT=&quot]මම දැක්කා ඇතැම් ගීතවලට යන්නේ කොහේද මල්ලේ පොල් වගේ ගීත විචාර පළ කරල[/FONT] [FONT=&quot]තියෙනවා.... ඒක ගීතයට හානියක් නෙවෙයි ද[/FONT]? [FONT=&quot]වැරදි අදහසක් සමාජගත කිරීමක්[/FONT] [FONT=&quot]නෙවෙයි ද[/FONT]?

    [FONT=&quot]ඒකත් සුපිරි ප්‍රශ්ණයක්.. මට ගීතය අහද්දි දෙනෙන්නෙ මල්ලක් නම් මම මල්ල ගැන[/FONT] [FONT=&quot]ලියනවා... මට මල්ල ඇතුලෙ තියෙන පොල් ගැන වැඩක් නැහැ. මට දැනෙන දේ මම[/FONT] [FONT=&quot]ලියන්නෙ.. ඒ විදියට දැනෙන අයට මම ලියන දේ දැනේවි.. අනිත් අය යන්නේ කොහේද[/FONT] [FONT=&quot]මල්ලේ පොල් කියාවි.. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැනේ[/FONT]...[FONT=&quot].. මම ගීත අහන[/FONT] [FONT=&quot]කෙනෙක් නෙමෙයි.. ගීත විදින කෙනෙක්.[/FONT]


    07. [FONT=&quot]දැන් ඔබ මඳක් නිහඩයි.... රසඥතාවය බැහැල ද[/FONT]?

    [FONT=&quot]නැහැ.. තවමත් ඉස්සර වගේමයි ඒත් කාර්ය බහුලයි[/FONT].....


    08. [FONT=&quot]එළකිරි රේඩියෝවේ අතීතය[/FONT], [FONT=&quot]වර්තමානය හා අනාගතය ගැන පුංචි අදහසක් දෙන්න කැමති ද[/FONT]?

    [FONT=&quot]අතීතය - සුපිරියි.. එලකිරියි.. ආයෙ ඒ කාලය එනවනම් කැමතියි[/FONT]
    [FONT=&quot]වර්තමානය - ප්‍රශ්ණාර්ථයකි [/FONT]?
    [FONT=&quot]අනාගතය - ඔබ වැනි නවක පරපුරට බාරයි[/FONT]


    09. [FONT=&quot]ඔබ භාවිතා කරන්නේ සරල බස් වහරක්.... ඔබටත් පුලූවන් නේද ඇතමුන් කරන්නා[/FONT] [FONT=&quot]සේ[/FONT] [FONT=&quot]පාණ්ඩිත්‍ය පෙන්නන්න ටිකක් බර වචන සෙට් එකක් පාවිච්චි කරන්න.... ඇයි[/FONT] [FONT=&quot]භාෂා ප‍්‍රවීනත්වය මදි ද[/FONT]?

    [FONT=&quot]හරියටම හරි ප්‍රශ්නෙට උත්තරේ ඔයාම දීල.. ඔව් භාෂා ප‍්‍රවීනත්වය මදි[/FONT].... [FONT=&quot]අනිත් එක මට දැනෙන දේ මට දැනෙන විදිහටම ලියන්නයි මම උත්සාහ කරන්නෙ.. මට[/FONT] [FONT=&quot]දැනෙන්න අම්මව දැනෙන්නෙ අම්ම ‍විදිහට මිසක මාතෘ තොමෝ කියල නෙමෙයි.. ඉතිං මම[/FONT] [FONT=&quot]අම්ම කියලම ලියනවා දැනුන දේ.[/FONT]....


    10. [FONT=&quot]එළකිරිය කිවූ සැනින්ම මතක් වෙන සාමාජිකයින් [/FONT]05 [FONT=&quot]දෙනා කවුද[/FONT]? [FONT=&quot]ඇයි ඒ අයව මතක්[/FONT] [FONT=&quot]වෙන්නේ.[/FONT].?

    1. Blacklist Member - [FONT=&quot]මම ආවත් නාවත් වෝල් එකට ඇවිත් හොයල බලනවා අවුරුදු ගානක් තිස්සෙ[/FONT]
    2. PinkPanther - [FONT=&quot]කවි කියන්න මට පුළුවන් බව කියල දුන්න මල්ලි කෙනෙක්[/FONT]
    3. Awrora - [FONT=&quot]පෞද්ගලිකව එලකිරියෙන් එහාට ගිහින් උදව් කල මල්ලි කෙනෙක්[/FONT]
    4. DathKibula - [FONT=&quot]ආශ්‍රය කලා.. දැන් හරියට මගේම අයිය කෙනෙක් වගේ.. ඕන වෙලාවක් ඕන උදව්වක්[/FONT]
    5. Hashan DS - [FONT=&quot]ගොඩාක් උදව් කල මල්ලි කෙනෙක්.. තවමත් එහෙමයි[/FONT]

    rex921, sankapala, sachith [FONT=&quot]වේසි[/FONT], nuwanbuwa, nawodwikra, GTRZ [FONT=&quot]වගේ සෑහෙන්න[/FONT] [FONT=&quot]සෙට් එකක් ඉන්නවා.. [/FONT]5 [FONT=&quot]යිනෙ අහන්නෙ.. උඩින්ම ඉන්න [/FONT]5 [FONT=&quot]තමා ඔය.. අමතක උනා හොර[/FONT] [FONT=&quot]ෂොට් එක ඉබ්බ ඒ කියන්නෙ [/FONT]mjayanatha [FONT=&quot]එයාවත් මතක් කරන්න ඕනි..[/FONT]


    11. [FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් පොඩි විස්තරයක් කරන්න කැමති ද[/FONT]?

    [FONT=&quot]අවශ්‍ය අය අවශ්‍ය තරමට දන්නවා.[/FONT]... [FONT=&quot]ඉස්සර මම පරිගණක ඉංජිනේරුවෙන්[/FONT] [FONT=&quot]විදිහට කොළඹ වැඩකලා.. ඒත් මගේ ගම දකුණු පලාතෙ.. මම විතරයි පවුලට ඉන්නෙ..[/FONT] [FONT=&quot]අම්මයි තාත්තයි බලාගන්න කවුරුවත් නැහැ.. ඉතිං කොළඹ රස්සාව අතෑරලා ඇවිත්[/FONT] [FONT=&quot]දැන් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදිහට ගමේ ඉස්කෝලෙක සේවය කරනවා...[/FONT]


    12. EK Award [FONT=&quot]එකක් මේ පාරත් කරන්න මූලික වෙන්න අදහසක් එහෙම නැද්ද[/FONT]? [FONT=&quot]ඉල්ලන් කන්න වෙයි කියල ටිකක් බයයි නේද[/FONT]?

    [FONT=&quot]නැහැ දැන් ඔය දේවල් ඔයාල ඕනි කරන්න.. අපිට කාලයක් නැහැ දැන් ඔය වැඩවලට..[/FONT] [FONT=&quot]කාලය තිබ්බ වෙලාවෙ උපරිමයෙන් කලා අපි.. දැන් බැට්න් එක ඔයාලගෙ අතේ දුවන[/FONT] [FONT=&quot]එකයි තියෙන්නෙ පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ..[/FONT]


    13. [FONT=&quot]ඔබට අවස්ථාවක් දෙනවා නම් එළකිරියේ ඔබ කරන වෙනස්කම් මොනවා ද[/FONT]?

    [FONT=&quot]එක වෙනස්කමයි ඉල්ලන්නෙ.. ඒක ඉබ්බගෙන් පිහාටු ඉල්ලනව වගේ වෙන්නෙ නැති දෙයක්.. [/FONT][FONT=&quot]ඒත් ඔයා අහන නිසා කියන්නම්[/FONT]... [FONT=&quot]පුළුවන්නම් චැට් බාර් එක ඇක්ටිව් කරන්න[/FONT], [FONT=&quot]අපි යාලුවො අදුන ගත්තෙ.. විවිධ දේවල් කතා කලේ.. පට්ට ෆිට් ගැන්සියක් හැදුනෙ චැට් නිසා.. දැන් ඒක නැ..[/FONT] [FONT=&quot]අපි ආවත් අනිත් උන් දන්නෙ නෑ.. උන් ආවත් අපි දන්නෙ නෑ..[/FONT]


    14. [FONT=&quot]ඔබ උත්තර දෙන්නේ කළකිරීමකින් ද[/FONT]? [FONT=&quot]එහෙමත් නැත්නම් කෝපයකින් ද[/FONT]?

    [FONT=&quot]පිස්සුද.. මම මේ වැඩ අස්සෙ උත්තර ලියල එවන්නෙ.. තරහක්වත්.. කලකිරීමක්වත් .. සතුටක්වත් අසතුටක්වත් මොනවත් නැහැ[/FONT].....


    15. [FONT=&quot]ඔබ එළකිරිය තුළ සලකුණක් කියල හිතාගෙන ටිකක් විතර උද්ධච්ච කමකින් හැසිරෙනවා කියල මට හිතෙනවා.... මම වැරදි ද[/FONT]?

    [FONT=&quot]අන්න වැරදි ප්‍රශ්ණයක්.. ඔයාට මම මුලින්ම කීවනේ.. මට වඩා අය ඉන්නව එයාලව මේකට ගන්න..[/FONT] [FONT=&quot]මං වගේ හාල්මැස්සෙක් මොකටද තෝරු මෝරු ඉන්දෙද්දි කියල.. ඉතින් ඔයා කියපු නිසා තමයි මම උත්තර ලීවෙ..[/FONT] [FONT=&quot]එහෙම නැතිම මම උද්ධච්ච මිනිහෙක් නෙමෙයි සරල චරිතයක්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: Kasippu Sira

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    උබල නොදැකපු සුපිරි චරිත තව මේකෙ කොච්චර තිබ්බද බන් :yes::yes:

    පරණ ඒවා අවුස්සන කොට ඒ වගේ ගොඩක් චරිත හම්බවෙනවා.... :yes:
    එක අතකට පුංචි නිහතමානි සතුටක් එනවා ඒ වගේ චරිත ආයෙත් මතුකරල ගන්නකොට.... :cool:

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aniwa niyama supiri kollek
    ea kale sahena dewal igena gatta buwa gen

    දැන්නම් කියන්නෙම වෙල්ව නැ වෙල්ව නැ වෙල්ව නැ කියල තමයි :rofl::rofl:
    මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත
    ඒ වගේම සෘජු අපක්ෂපාති අදහස් තියෙන්නේ
    :yes::yes: