help-buying a land

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉඩමක් ගන්න යද්දී අපී මොන වගේ දේවල්ද බලන්න ඕන?legal side එක,හොර ඔප්පූද?නැද්ද වගේ දේවල්.

    safe විදියට ගන්න step ටික කියන්න
    .:)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    manදman;18441490 said:
    ඉඩමක් ගන්න යද්දී අපී මොන වගේ දේවල්ද බලන්න ඕන?legal side එක,හොර ඔප්පූද?නැද්ද වගේ දේවල්.

    safe විදියට ගන්න step ටික කියන්න
    .:)

    1.ඉඩමේ ස්වභාවය:
    ඉඩම් වල ස්වභාවය ගත්විට රජයේ ඉඩම්,සින්නක්කර ඉඩම් වශයෙන් වර්ග කිහිපයකි.රජයේ ඉඩම් යනු රජයට අයත් ඉඩම් වේ.රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් නොමැති ජනතාවට ස්වර්ණභූමි,ජයභූමි,රන්බිම වැනි කොන්දේසි සහගත ඔප්පු මත භුක්තිය පමණක් ලබාදේ.සාමාන්යායෙන් රජයේ ඉඩමක් විකිණිය නොහැකි අතර ලේ උරුමය ඇති ඥාතීන් අතර පමණක් පැවරීම සිදු කරයි.කෙසේ නමුත් මෙවැනි ඉඩමක් පැවරීම සහ මුදලකට හුවමාරු කරගැනීමට අවසර දිය හැකි බලධරයා වන්නේ ප්රනදේශයේ ප්රා දේශීය ලේකම් වේ.රජයේ ඉඩමක් මිලට ගැනීමට සුදුසු ඉඩමක් වශයෙන් කිව නොහැක.නමුත් ඉඩම පිහිටි පළාතේ ප්රාීදේශීය ලේකම් වරයා එකී රජයේ ඉඩම පවරාගැනීමට ලිඛිත අවසරය ලබා දෙන්නේ නම් එය නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගැනීම වරදක් නොවේ.ප්රා දේශීය ලේකම් වරයාගේ ලිඛිත අවසරය නොමැතිව රජයේ ඉඩමක් මිලට ගැනීම තුලින් නීතියනුකුල භාවයක් ගැනුම්කරුට නොලැබේ.

    සාමාන්යකයෙන් මිලදී ගැනීමට වඩා සුදුසු ඉඩම් වන්නේ සිනනක්කර ඉඩම් හෙවත් පෞද්ගලික ඉඩම් වේ.ඉඩමක් රජයේ ඉඩමක්ද ,එසේත් නැතහොත් එය සිනනක්කර ඉඩමක්ද යන්න තෝරාගැනීමට ඉඩමට අදාල ඔප්පු ,ප්ලැන් සහ ඉඩම් ලියාපදිංචිකිරීමේ කාර්යාලයේ පත්ඉරු පරීක්ෂාකිරීමෙන් කිවහැක.ඊට අමතරව රජයේ ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු ප්රාරදේශීය ලේඛම් කාර්යාලයේ සහ ඉඩම පිහිටි ප්රඅදේශයේ ගම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගත හැක.මේ අනුව ඉඩමක් මිලදී ගැනීමේදී සිනනක්කර ඉඩමක් මිලට ගැනීම වඩා සුදුසු වේ.

    2.සින්නක්කර ඉඩමේ ස්වභාවය :
    සිනක්කර ඉඩම් වර්ග දෙකකි. එනම් බෙදු ඉඩම් සහ නොබෙදූ ඉඩම් වේ.ඉඩමක් කිසියම් අවස්ථාවක අයිතිකරුට හිමි ඔප්පුවෙන් ඔහුට ලැබී ඇත්තේ නොබෙදූ අයිතියක් නම් එම අයිතිය පිරිසිදු අයිතියක් නොවේ.එයට හේතුව එකී ඉඩම හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙනකොට නැත.එවැනි අවස්ථාවක එකී නොබෙදූ අයිතිය මිලට ගතහොත් මිලටගත් පුද්ගලයාට කවර අවස්ථාවක හෝ ඉඩම බෙදාගැනීමට බෙදුම් නඩුවකට යාමට සිදුවේ.නෙබෙදු ඉඩමකට බැංකු ණයක් ලබාගැනීමට නොහැක.

    ඉඩමක් බෙදා වෙන්කරගැනීමට බෙදුම් පනත යටතේ ආකාර දෙකක් ඇත .එනම් සියලු හවුල් අයිතිකරුවන් තමන් දැනට භුක්ති විඳින ආකාරයට ප්ලෑන් එකක්මගින් බෙදා ගෙන බෙදුම් ඔප්පුවක් සකස්කරගැනීම එක ආකාරයකි.නමුත් එක හවුල් අය්තිකරුවෙක් හෝ එසේ බෙදාගැනීමට විරුද්ධ වන්නේ නම් එම ක්රකමය අනුගමනය කළ නොහැක.එවැනි අවස්ථාවක දිසා අධිකරණයේදී බෙදුම් නඩුවක් පවරා බෙදාගැනීමට සිදුවේ.බෙදුම් නඩුවක් මගින් බෙදා ගැනීම දෙවන ක්ර මයයි.

    මේ අනුව ඉඩමක් මිලට ගැනීමේදී ඉහත කි ආකාර දෙක මත බෙදා වෙන්කළ ඉඩම් කොටසක් මිලට ගැනීම වඩා සුදුසු වේ.නමුත් ඇතැම් අවස්ථාවල කිසියම් ඉඩමක් එකී ඉඩමේ නමින් එය කුඩා ඉඩමක් විය හැක.එය එක් පුද්ගලයෙකුට හිමිනම් එවැනි ඉඩමක් මිලදී ගැනීමේදී බෙදා වෙන්කර ඇද්ද නැද්ද යන්න සොයා බැලිය යුතු නැත.මන්ද එකී ඉඩම තනි පුද්ගලයෙකුට අයිති බැවිනි.

    3.අයිතිය ගලා ආ ආකාරය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත් ඉරුවලින් පැහැදිලිව නිරුපනය විය යුතුය:-
    අවම වශයෙන් වසර විසිපහකවත් අතීතයට ඉඩමේ අයිතිය ගලා ආකාරය පැහැදිලිවිය යුතුයි. එනම් A ගෙන් Bට ,B ගෙන් Cට ආදී වශයෙන් අයිතිය ඛණ්ඩනය නොවී අයිතිය ගලා ආ යුතුය.ඉඩම් කාර්යාලයේ පත් ඉරු එකිනෙක සම්බන්ධව ඉඩම සම්බන්ධයෙන් සිදුව ඇති පැවරීම් වලට අදාල ඔප්පු සම්බන්ධ විස්තර සටහන්ව තිබිය යුතු අතර අවසාන අයිතිකරුට නිසි අයතිය ලැබී තිබිය යුතුය.කිසියම් අවස්ථාවක ඉඩමේ හිමිකරු දේපල නොපවරා මියගොස් ඇති අවස්ථාවක සාමාන්යඅ නීතිය යටතේ උරුමය ලැබී ඇති ආකාරය සොයා බැලිය යුතුය.

    4.ඉඩමට අදාල ප්ලැන්වල මුල්පිටපත් තිබිය යුතු අතර ඉඩම කොටස්වලට කඩ ඇති අවස්ථාවක එක් එක් ප්ලැන් වල සම්බන්ධතාවය ගැන සැලකිලිමත් විය යුතුය.එසේම ඉඩමට ලිය ඇති ඔප්පුවල සහතික කළ පිටපත් සහ පත් ඉරු ,බෙදුම් නඩුවේ අවසාන තීන්දුව ආදිය ලබාගත් යුතුය.

    5.මිලදී ගන්නා ඉඩම සම්බන්ධයෙන් බෙදුම් නඩුවක්,ඉඩම් නඩුවක් හෝ ඒ සම්බන්ධ කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක විභාග වෙමින් නොපවතිය යුතුය.

    5.ඉඩම කිසියම් ඇපයකට,ණයඋකස්කරවලින් හෝ වෙනත් ගිවිසුම් වලින් නිදහස්ව තිබිය යුතුය.

    6.ඉඩමේ වටිනාකම ඉහළ අගයක් ගන්නේ නම් ඉඩම මිලට ගන්නේ පත් ඉරු පරීක්ෂාවෙන් පසු දිනයක නම් එකී ඉඩම මිලට ගන්නා බවට පුරවතා දැන්වීමක් ඉඩම් කාර්යාලයට භාර දිය යුතු අතර එකී ඉඩම සම්බන්ධයෙන් අත්තිකාරම් මුදලක් ලබා දෙන්නේ නම් විකිනීමට එකඟ වීමේ ගිවිසුමක් ඉඩම් කාර්යාලයේ ලියා පදිංචි කළ යුතුය.

    7.ඉඩම් සම්බන්ධයෙන් වන සෑම් ගනුදෙනුවක්ම නොතාරිස්වරයෙකු ඉදිරියේ වූ ඔප්පුවකින් කළ යුතු වීමද,ඉඩම මිලටගත් සත්යෙ මුදල ඔප්පුවේ වටිනාකම ලෙස ඇතුලත් කිරීමද වැදගත්වේ.

    8.එසේම ඉඩම් මිලට ගැනීමට පෙර අදාල පළාත් පාලන ආයතනයේ නොපවරාගැනීමේ සහ විතිරේඛ සහතිකයද ලබා ගැනීමද වටිනාකම ඉහල අගයක් ඇති ඉඩමක් මිලට ගැනීමේදී වැදගත්වේ.

    9.එසේම ඉඩම මිලට ගැනීමට පෙර ඉඩම විකිණුම් කරු ලවා නැවත මන බැලිය යුතු අතර එම අවස්ථාවේම ඉඩමේ මායිම් ඔස්සේ කම්බි කණු සිටුවා වටකොට ගැනීම අනාගතයේ ඇති විය හැකි ඉඩම් නඩුවලින් නිදහස් වීමට මග පාදයි.

    10.ඉඩම මිලට ගත් දිනයේම ඉඩමේ භුක්තිය භාරගත යුතු අතර ,විකිණුම්කරු හෝ ඔහුගේ නියෝජිතයෙකු ඉඩම තුල රඳවා ගැනීමෙන් ඔබට ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.




    ඉඩමක්‌ මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු


    ඉඩමක්‌ මිළදී ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබ දේපළ වෙළදාම් ආයතනයකින් ඉඩම් කොටසක්‌ මිළදී ගත්තත් කිසියම් පුද්ගලයෙකුට හිමි ඉඩමක්‌ මිළදී ගත්තත් මේ කරුණු ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතයි. එසේ නොවුණොත් ඔබට ඇතැම් විට ඔබ නොසිතූ කරදරවල පැටලීමට සිදුවිය හැකියි.

    ඔබ ඉඩමක්‌ මිළදී ගැනීමේදී මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ඔබ ඒ සඳහා වියදම් කරන මුදල සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. නීතිමය තත්ත්වයක්‌ නැතත් ඉඩමක්‌ මිළදී ගෙන එහි නිවසක්‌ ගොඩනගන්නේ නම් ඒ සඳහා ඔබට විශාල මුදලක්‌ වියදම් කිරීමට සිදුවෙයි. ඒ නිසා වඩාත් සුදුසු වන්නේ ඔබට මුදල් අඩුපාඩු ඇත්නම් යම්කිසි මූල්‍ය ආයතනයක්‌ සමග එක්‌ව එම ගනුදෙනු සිදුකර ගැනීමයි. ඒ සඳහා සුදුසු තත්ත්වයක්‌ ඔබ යොදා ගත යුතුයි.

    ඉඩමක්‌ මිළදී ගැනීමේදී මුදල් අතේ තිබූ පමණින් ගනුදෙනු කිරීමට නොයා යුතුයි. ඔබ ඉඩමක්‌ තෝරා ගත්තට පසු එම ඉඩමේ අයිතිකරුවන් හා ඉඩමේ නිරවුල් බව සොයා බැලිය යුතුයි. එකී ඉඩමේ නිරවුල් බව ඔබට ප්‍රදේශයේ ඉඩම් කාර්යාලයෙන් විමසා දැන ගත හැකියි.

    ඉඩම් හිමිකම් කියන පාර්ශ්වයට එහි ඉඩමේ අයිතිය කොපමණ කාලයක්‌ නිරවුල්ව හිමි වී ඇත්ද යන්න ඉඩම් කාර්යාලයේ ලේඛන පරීක්‍ෂාවෙන් දැන ගත හැකියි.

    ඒ අනුව ඉඩම හිමිකරුට එහි නිරවුල් අයිතිය වසර 30-35 ක්‌ හිමිකම ආ පස්‌සට තිබිය යුතුයි. එමෙන්ම එය දීර්ඝ කාලීනව එකී ඉඩමට හිමිකරුවකු සිටියත් එයට පිරිසිදු ඔප්පුවක්‌ ඇද්ද යන්න ද විමසා බැලිය යුතුයි. එමෙන්ම එය මීට පෙර යම්කිසි ආයතනයකට පවරා හෝ මූල්‍ය ගනුදෙනුවක්‌ කර තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

    තමන් මිළදී ගැනීමට තෝරාගත් ඉඩමට තවත් පුද්ගලයකු හෝ මූල්‍ය ආයතනයක්‌ යම්කිසි ආකාරයකින් හිමිකම් කියන්නේ නම් එය නීත්‍යානුකූලව නිරවුල් කරගත යුතුයි.

    ඔබ මිළදී ගන්නා ඉඩම යම්කිසි මූල්‍ය ආයතනයකට උගසට තබන්නේ නම් ඔබට යළි එම ඉඩම බේරා ගැනීමට ඇති හැකියාව විමසා බලනවා. එහිදී ඔබගේ ආදායම් මාර්ගය,

    රැකියාව, විශ්‍රාම යන කාලසීමාව ආදිය සලකා බැලීමක්‌ සිදු කරනවා.

    සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයකින් ඔබ ඉඩම උගසට තබා ලබා ගන්නා මුදල වසර පහළොවකින් පමණ ගෙවා නිම කළ යුතුය. එහිදී ඔබ ලබා ගන්නා මූල්‍ය පහසුකම අනුව වාරිකයකට ඔබේ ආදායමෙන් සියයට 40 ක්‌ ගෙවිය යුතු වෙයි.

    එහිදී එම ආයතනයේ නීතිඥ මණ්‌ඩලය අවශ්‍ය කටයුතු සඳහා මැදිහත්ව ක්‍රියා කරනු ඇති. නැතිනම් වසර දහයක වෘත්තීය අත්දැකීම් ඇති නීතිඥයකුගේ සහය ලබාගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය.

    ඉඩම මුල්ම හිමිකරු නැතිනම් විකුණුම්කරුගෙන් මිළදී ගැනීමේදී නීතිඥ මහතකු ළඟ සාක්‌ෂිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් සහිතව එකිS ගනුදෙනුව කළ යුතු අතර විකුණුම් කරු ගැනුම්කරු හෝ සාක්‌ෂිකරුවන් එකී නීතිඥවරයා හඳුනන අය වීම ද අතිශය වැදගත්ය.

    ඔබ මිළදී ගැනීමට තීරණය කළ ඉඩම හිමිකරුට හිමිව ඇත්තේ තෑගි ඔප්පුවකින් නම් එය එහි මුල් අයිතිකරුවන්ට ජීවිත භුක්‌තිය ඇද්ද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. එසේ වී නම් එය ද නිරවුල් කරගත යුතුයි.

    ඒ කොහොම වුණත් ඔබ ඉඩමක්‌ මිළදී ගැනීමේදී මුල් අයිතිකරුට අදාල ඉඩම වසර 30-35 ක්‌ නිරවුල්ව හිමිකම් ඇද්ද යන්න ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි.



    ඉඩමක්‌ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

    1 හැකිතාක්‌ දුරට ගැනුම්කරුගේ නීතිඥ හා නොතාරිස්‌වරයකු යොදා ගැනීම.

    2 විකුණුම්කරුගේ පදිංචිය සම්බන්ධයෙන් හා ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් පරීක්‍ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කිරීම. ජාතික හැඳුනුම්පතෙන් පමණක්‌ පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳව සෑහීමකට පත් නොවීම. (ව්‍යාජ හැඳුනුම්පත් සකස්‌ කරන හෙයින්) මේ පිළිබඳව ඉඩම පිහිටි ප්‍රදේශයේ වටපිටාවෙන් හා ග්‍රාම නිලධාරියාගෙන් පරීක්‍ෂා කළ හැකිය.

    3 විකුණුම්කරුට පූර්ව අයීතින් පැමිණි අයිතිකරුවන් පරීක්‍ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම.

    4 ප්‍රකාශන ඔප්පුවකින් එම ඉඩම විකිණීම කරන්නේනම් වෙනත් අයිතිකරුවන් සිටීද, නැතිනම් මොහුගේ අත්සන්, පදිංචිය පිළිබඳ පළාතේ අයගෙන් හා ග්‍රාමසේවකවරයාගේ තොරතුරු විමසා තහවුරු කර ගැනීම. කුමන අවස්‌ථාවකදී හෝ ඉඩමක්‌ මිලදී ගැනීමේදී විශ්වාසය මත හිස්‌ කොළවලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ නොකරන ලද ඔප්පු පිටපත්වලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ කරන ලද ඔප්පු පිටපත් වලට කියවා බලා විකුණුම්කරයක්‌ද උකස්‌ කරයක්‌ද යන්න තහවුරු කර අත්සන් කිරීම.

    5 විකුණුම්කරු ඉඩම විකිණීමට හදිසි කරන්නේනම් හා වටිනාකම ඉතා අඩු තක්‌සේරුවකින් කරන්නේනම් වඩාත් සැලකිලිමත් වන්න. (විදේශ ගතවන බවට හෝ මුදල් හදිසියකට බව පවසා)

    6 තමාට නොතේරෙන භාෂාවකින් ඔප්පු ලියා ඇත්නම් එය කියවීමට හැකි තමාගේ පාර්ශවයේ අයෙකු ලවා කියවා බලා අත්සන් කිරීම.

    7 විකුණුම්කරය ඇටෝර්ණි බලපත්‍රකරුවකු විසින් විකිණීමට ක්‍රියා කරන්නේනම් එහි නියම හිමිකරු සත්‍ය වශයෙන්ම විදෙස්‌ගත වී ඇද්ද? නොඑසේනම් වෙනයම් හේතුවක්‌ මත මෙම ඇටෝර්ණි බලය ලබාදී තිබේද, මෙම ඇටෝර්ණි බලපත්‍රය සත්‍ය එකක්‌දැයි තහවුරු කර ගත යුතුය.

    8 දේපල විකුණුම්කරු සමග හැකි සෑම අවස්‌ථාවකම ස්‌ථාවර දුරකථනයක්‌ මගින් සම්බන්ධ වීමට ක්‍රියා කිරීම. විකුණන ඉඩමට බෙදුම් නඩුවක්‌ ඇති අවස්‌ථාවකදී එකී බෙදුම් නඩුවේ පාර්ශ්ව කරුවන්ගෙන් මෙම දේපල මිලදී ගැනීමෙන් පසු ඉහත බෙදුම් නඩු තීන්දුව ලැබුණු විට එය වෙනත් පත්ඉරුවක ලියාපදිංචි වන හෙයින් හා ඉන් පසු බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන්ට නැවත වෙනත් පාර්ශ්වයකට විකිණීමට හැකියාව ඇති හෙයින් ඒ පිළිබඳව පරීක්‍ෂාකාරීව සිට අදාළ පත්ඉරුවේ එය ලියාපදිංචි කිරීම.

    9 දේපල මිලදී ගැනීමට මුදල් ගෙවීමේදී හැකි සෑම අවස්‌ථාවකදීම මුදලින් ගනුදෙනු නොකර බැංකු අණකර භාවිත කිරීමට ක්‍රියා කිරීම.

    10 දේපල මිලදී ගැනීම සඳහා ඔප්පු ලියන අවස්‌ථාව ඡායාරූපගත කිරීම මගින් විකුණුම්කරු පසු අවස්‌ථාවේදී හඳුනා ගැනීමට හැකියාව තිබීම.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    manදman;18441666 said:
    a kiyanne ban bank lan eka passed wenwa kiyanne land full sure kiyana eka neda??


    Ow mokada api idama bankuwata tiyalane ganne, ung kamati nane hora idamak ganna, eka nisa ung apita wada hodata hoyanawa. habai itin patta katta loan ekak dala idamak gaddi, arawa approve karanna kiyanawa, mewa approve karanna kiyanawa.

    mama thread kiyapayakma dakka me process eka hariyata dala tiyana, mata me sambandayen loku experience ekak naha
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    සින්නක්කර ඉඩමකට නයක් ගත්තොත් පොලිය අඩුම මොන බැංකුවේද. අවුරුදු කීයක් යනකන් ගෙවන්න දෙනවද
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,240
    40,925
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    manදman;18441490 said:
    ඉඩමක් ගන්න යද්දී අපී මොන වගේ දේවල්ද බලන්න ඕන?legal side එක,හොර ඔප්පූද?නැද්ද වගේ දේවල්.

    safe විදියට ගන්න step ටික කියන්න
    .:)
    See if the road to the land is wide enough for a vehicle to go through all the way-20 feet is best.
    Take photocopy of deed and plan to your lawyer and get their opinion.