මචන් මගෙත් දැන් තියෙන්නෙ CB160R Double Disk එකක්. බයික් එක අවුලක් නැහැ. දවසට 70KM විතර පදිනව normally. NISSIN Brake calipers තියෙන්න/ ජපන් හොනට් එකේ තියෙන brakesම තමයි. හැබැයි ඉට වඩා advance. Combie brake system එක. දෙපැත්තම බැලන්ස් වෙලා වදිනව. අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව Engine එහෙම මාර smooth. මට දැනනෙ විදියට අඩුපාඩු විතරක් කියන්නම්. මොකද කියන්න තරම් අවුලක් නැහැ බයික් එකේ.
- Engine Kill Swith එකක් නැහැ. හැම වෙලේම යතුරෙන් off කරන්න වෙනව.
- චේන් එක 500KM විතර ගියාම adjust කරන්න ඕනි. බයික් එක පිකප් නිසා ඉක්මනට බුරුල් වෙනව. ක්ලච් එක හෙම්න් දුන්නොත් අවුලක් නැති වෙයි. මට හිතනේනෙ ඇන්ජින් එකට හරියන චේන් එකක් නෙවෙයි එන්නෙ.
- 1st ගියර් එක short. 15-20Kmph වගෙ වෙනකොට 2nd එකට දාන්න වෙනව. ඒ වුනාට ඒ ටික පිකප්
- ගියර් එක මීටර් එකේ පෙන්නන්නෙ නැහැ.
- බයික් එක බරයි. 147KG Double DIsk version එක.
- 95-100kmph වගේ පනිනකම් කිසිම vibration එකක් නැහැ. ඒතනින් එහාට පොඩ්ඩක් vibrate වෙනව. ලොකුවට දැනෙන්නෙ නැහැ ඒක. ඒ්ත් අනික් බයික් වගේ vibrate වෙන්නෙ නැහැ. vibration නැහැ වගේ තමයි.
- Service 6000KM වලින් කරන්න තියෙන්නෙ. ඒ නිසා 2500-3000KM වලින් engine oil විතරක් මාරු කරන්න වෙනව
මේ එකක්වත් ලෙඩ නෙවෙයි මචන්. මට බයික් එක හොදයි.