ඔන්න ඉතින් කල වයසත් හරි නිසා මම බැලුවේ කූඩු වෙන්න කැදැල්ලක් හදන්න. යන්තම් අම්මලාගෙන් මට ඉඩම් පොජ්ජක් හම්බුනා වැටිලා ඉන්න. ඉතින් අපේ එළකිරියේ මහා විද්වතුන් කියන්න බලන්න මුල ඉදන්ම කොහොමද ගෙයක් හදන්න පටන් ගන්නේ කියලා?
මට දැනගන්න ඕනා:
1) ඉඩම සහ plan එක තියෙනවා. ඉතින් අපිට Design එකක් පමණක් හදා ගන්න ඕනා. මේක කරන්න අපි මොනවද ඔය Designing Firm/Individual plan designers ලට දෙන්න ඕනා documents සහ විස්තර?
උදා: ගෙදර තට්ටු කීයද, කාමර කීයක් ඕනද? වත්තක් ඕනැද වගේ විස්තර.. (බලන්න/දෙන්න ඕනා ඔක්කොම පුළුවන් නම් කියන්නකෝ සිංහලු
)2) දැන් එයාලා අර costing එක හදද්දී අපි පාවිච්චි කරන්න හිතන් ඉන්න සිමෙන්ති වර්ගය, මුහුදු වැලිද/ගගේ වැලිද කියන එක, ගඩොල් වලින්ද බ්ලොක්ගල් වලින්ද හදන්නේ, 3 Phase or Single phase වයරින්ද යන්නේ කියන විස්තරත් දෙන්න ඕනද?
3) අතේ ලොකු මුදලක් නෑ දැනට.. ඒ නිසා මම බැලුවේ Design එක Lexduco වගේ වැදගත් ආයතනයකින් කරලා ගෙදර හදන වැඩේ වෙන කට්ටියකට දෙන්න හෝ වෙන construction company එකකට දෙන්න. එහෙම කරන්නේ design එකේ කිසිම බුලක් නැතුව කරයි කියලා බලාපොරොත්තුවෙන්. එහෙම කරන්නේ නැතුව තනි පුද්ගල මනුස්සයෙක්ට කියලා කරවගන්න එක හොදයිද? උන් අඩු පාඩුවක් නැතුව වැඩේ කරලා දෙයිද අපිව අන්දන්නේ නැතුව?
4) තවත් අපි මේ වැඩේ කරන අයගෙන් දැනගන්න ඕනා විස්තර එහෙම කියන්නකෝ..
උදව් කරන හැමෝටම අත දිගඇරලා පුළු පුළුවන් විදියට සලකන්නම්කෝ.. 
ගොඩක් පින් අයිති වෙයි උබලට.

ගොඩක් පින් අයිති වෙයි උබලට.




40 විතර උනාම බලමුකෝ කවුරුහරි සුළු වරදක් කරපු කෙනෙක්ව එක්ක එන්න
