HSBC/Sampath/HNB - Credit Card.....!!!

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ ...මට HSBC/Sampath/HNB මේ බැංකුවලින් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න හිතාගෙන ඉන්නේ ..:)...මට දැනට මාසිකව 31000ක් විතර සැලරි එකක් තියෙන්නේ ...බේසික් එක 14300ක් වෙනවා.. රජයේ ස්ථීර ජොබ් එකක් කරන්නේ ...මේ වගේ සැලරි එකකින් මේ බැංකු වලින් ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්ද ?....:oo:...:baffled: ..HSBC එකේ වෙබ් එකේ තිබුනා බේසික් 15000ක් ඕන කියල :(.. මාගේ බේසික් එකට ගන්න පුළුවන් වෙයිද? විස්තර දන්න යාළුවො හෙල්ප් එකක් දෙන්න ...:)
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Taraha wenna epa machan mehema kiwwata. Oya wage salary ekak tiyagena Credit card ekak ganna kalin 10 12 paarak hithapan. Credit card walin minissu sahenna kela karagannawa.
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Card eka athe thiyeddi nikamma wiyadam wenawa
    card eken gewaddi ewa nikam salli neme wage godak ayata penne
    ona ekai epa ekai serama gannawa
    passe maase anthimata bila gewanna salli madi
    ohoma ohoma goda wenawa
    passe bank eken liyum ewanawa
    nikamma naya kaarayek wenawa
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ගැන කතාකරන්න හිතුන මෙතන මගේ අත්දැකීම් අනුව(HSBC,සම්පත් බැංකු) තමයි උපදෙස් දීලා තියෙන්නේ සමහරවිට ඒවා ඔබගේ අදහස් සමග නොගලපිමට පුළුවන ඒවා අදහස් ලෙස දක්වන්න​

    මම ගිය සතියේ දාපු thread එකට ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා.එක නිසා පොරොන්දු උන විදිහට part 2 දන්නා හිතුනා.ඔයලගේ වටිනා comments වලට බොහොම ස්තුති...:)


    මෙම thread එක කියවීමට පෙර ගන්න බයද credit card එකක්. FAQ part 1 කියවන්න...:eek:

    4) CC එකක් ලබාගැනීමට කොපමණ කාලයක් ගතවනවාද?

    යාලුවෝ ගොඩක් අහලා තිබුනා මේ ප්‍රශ්නය part I වලදී.එක බැංකුව මත තීරණය වෙනවා
    ඔබගේ පඩි වාර්තාවක්හෝ ඔබගේ අදායම් වාර්තාවක් බැංකුවට ලබාදුන් පසු.එය manegmnt එක විසින් approval එක ලබාදෙනවා.ඉන්පසු එයාලා ඔබගේ නමට card පතක් නිෂ්පාදය කරනවා.දැනට සම්පත් බැංකුවේ නම් එය කරන්නේ ඉන්දියාවේ කියලා තමයි ඇහුවම කියුවේ,:shocked: බොරුද දන්නේ න මගේ card එකට නම් ඔක්කොම ලියකිවිලි නිවැරදිව දීලත් මාසය 1 :no: ගිය වැඩේට මම call කරලා ඇහුවා අයි පරක්කු කියලා එයාලා කිඋවේ ඔය indian කතාව තමයි මට.දැනට අවු 3 කලින් නිසාද දන්නේ න ලදී ගත්හ කෙනක් comments එකක් දන්නා ඔයාලට ගිය කාලය පිළබදව,HSBC එකේ නම් මම call කරහම කිවුවේ සතියක් ඇතුලත පුළුවන් කියලා :frown:


    5) CC එකක් බාවිතා කිරීමේදී සැලකිය යුතු කරුණු?

    ඔන්න දැන් CC එකක් ගත්තා කියමුකෝ...;) ඕක හොද කල්පන්වෙන් බාවිතා කරන්න ඕනා.මොකෝ ඔය ඔයාලගේ සල්ලියක් නෙවයි බැංකුවෙන් ඔයාට ණයට දුන්න මුදලක්

    හැම මාසයකම ඔබගේ බාවිතා කිරීම් කෙසේද යන්න සදහන් කරලා statement එකක් එනවා.එක එන්න ටික දවසක් යනවා එකට වැඩ ලේසි online banking account එකක් open කරගන්න එක ඔබ ගන්න CC එකට අදාලව එය ඔබ බැංකුවෙන් විමසන්න එය ගොඩක් වටිනවා.නැත්නම් ඔබට SMS පණිවිඩ මගින්ද එම තොරතුරු ලබාදෙනවා,ඔබ දැන් එයක් මිලදී ගතහොත්

    ඔබ ගෙවීමක් කරහොත්

    උද: Yr Credit Card no..XXXXXX Auth Pmt USD 1.89 at PAYPAL name XXXX. Enq Call 0722244111-Sampath Bank 08-Sep.

    ඔබ මුදල් දැමුහොත්

    Yr Credit Card no..XXXXX Recvd Pmt LKR 4,000.00 at CARD PAYMENT. Enq SMS/Call 0722244111-Sampath Bank 02-Sep

    එක නිසා බයවෙන්න දෙයක් නැ ඔබගේ card පතෙන් වෙන කෙනක් බාවිතා කරහොත් එය ඉක්මනටම දන ගන්න පුළුවන් ඔයාට :shocked:

    පහත පින්තුරය monthly statement එකක මට ආව..ඔයාලට දැන් පැහැදිලිව දන ගන්න පුළුවන් මාසය තුල ඔයාලගේ වියදම් කරපු විදිහ මම සැම කොටසක්ම හදුන්වන්නේ නැ විශේෂ කොටස් කිහිපයක් මම හදුන්වන්නම්


    minimum payment=ගෙවිය යුතු අවම මුදල :eek:

    දැන් ගෙවිය යුතු මුදල? :eek:

    ගෙවිය යුතු දිනය


    DSCN05551.jpg



    minimum payment=ගෙවිය යුතු අවම මුදල

    ගොඩක් විශේෂිත කොටසක් මේක.හිතන්න ඔබට හදිසියක් වෙලා මේ මාසේ සල්ලි ගෙවන්න බැරි වෙනවා කියලා.බැංකුව ඒ කියලා සමාවක්‌ දෙන්නේ න :no: නමුත් පොඩි සමාවක්‌ ගන්න නම් මෙමෙ මුදල අනිවා........:dull: ගෙවන්න ඕනා

    බලමු ගෙව්වේ නැති උනොත් වෙනදේ..:baffled:

    දැනට මෙම statement එකට අනුව මම Rs 865.60 ගෙවන්න ඕන නේ,සාමාන්යෙන් ගනුදෙනු කරා නම් එන්නේ එක Rs 250ක් වගේ තමයි මාසෙකට minimum payment එක එක එන්න පුළුවන් අවම ගණන. නමුත් ඔබ වැඩි ගනුදෙනු ප්‍රමාණයක් කර ඇත්නම් එය වැඩි වෙන්න පුළුවන් එක නිසා තමයි මට මේ මාසේ Rs 865.60 ඇවිල්ලා තියෙන්නේ.:growl: මුළු ගෙවන්න තියෙන මුදලින් 5 %(මගේ මුළු ගෙවන්න තියෙන මුදල 17912 X 5%=895.60) දැන් ඕකවත් ඔය ගෙහුවේ නැතොත් ඔබ ඔබට Rs 600 ක Late Payment Fee එකක් ගෙවන්න වෙනවා.එක ඔබ ගෙවන්න තියෙන මුදලට ඇදලා නැත Rs 1000 ගෙවන්න තිබිලා ඔයා එක ගෙවන්න බැරි උනත් ඔයාට එක ගෙවන්න වෙනවා..:no: දැන් තේරුණා නේද අවාසිය (බැංකුවට අනුව හා අදාල card පත අනුව මෙම මුදල් වෙනසක් විය හැක :baffled:)



    දැන් ගෙවිය යුතු මුදල?

    එක සරලයි ඔයා ගෙවන්න ඕනා මුදල 17912.07 යි නේ .මතක තියා ගන්න මේක සතයක්වත් අඩුවෙන්නේ නැති වෙන්න ගෙවන්න ඕනා....:shocked: නැත නම් ඔයාට පොලි හදන්නේ එයාල මුළු මුද්ලටමයි..

    උද: මම 17912.07 වෙනුවට 17900 ගෙයුවොත් එයාලා පොලි හදන්නේ 17912.07 ට බන් පට්ට අවාසි එක :growl: අනිවා නියම මුදල බලලා ගෙවන්න හරි මුදල හෝ ඊට වැඩි මුදලක් මම කරන්නේ වැඩියෙන් 100 වගේ ගෙවනවා එක ලේසි බන් :frown:(පහල එක ප්‍රශ්න අංක 6 දී වැඩි දුර කතාකර ඇත)


    ගෙවිය යුතු දිනය

    මෙම දිනට කලින් ඔය ඔක්කොම ගෙවන්න ඕන නැත් නම් minimum payment එකවත් ගෙවන්න ඕනා..නැත්නම් වෙනදේ දන්නවා නේ...:lol:


    6) දැන් ඔය කියන පොලිය හදනේ කොහොමද එය කොපමනද? :dull:

    මම අහලා බැලුවම මට එයාලා කියලා දුන්නේ මෙහමයි.

    Ex හිතන්න කෝ මම jan 15 දින Rs 1000 ගනුදෙනුවක් කරා කියලා එතකොට මට අර ගෙවිය යුතු දිනය දීලා තියෙන්නේ 10/02/2015 නම් මම ඒ දිනය ගෙවන්න නැතිව මගහැරිය හොත්. අර මුදල මම ගෙයුවේ දිනය පහුවෙලා 20/02/2015 නම් මුලින්ම එයාලා මට අර Late Payment Fee එක add කරනවා

    එතකොට හැදෙන්නේ මෙහෙමයි 37 days තියෙනව නේ අර ගනුදෙනුව කර දිනය හා ගෙයුව දිනය අතර.සම්පත් එකේ වාර්ෂික පොලිය 24% වෙනවා ඒ කියන්නේ දිනකට පොලිය හදනව එයාල මුලින්ම 24/360 හරිද ?

    1000 x 24% x (37/360)=පොලිය 24.66 මුලු මුදල ඉගල මාසයට පොලිය සමග 1024.66 ඊළගට Late Payment Fee එක 600 ක් සමග 1624.66

    අපි හිතමු ඔය ගනුදෙනු 2කක් කර කියලා එකක් 10 jan වල ඒ rs 1000 හා අනික 15 jan වල rs 1000 හරිද එක 20/02/2015 ගෙයුවා නම් එකට පොලිය හැදෙන්නේ මෙහමයි

    1000 X 24% X (42/360) + 1000 x 24% x (37/360)=මුළු පොලිය 52.66 මුලු මුදල ඉගල මාසයට පොලිය සමග 2052.66 ඊළගට Late Payment Fee එක 600 ක් සමග 2652.66

    තව උදා බලමු ඔයා අර දෙවෙනි එකේදී ඒ මාසෙට නියමිත දිනයට rs 1800 වගේ ගෙවන්න පුළුවන් උනා නම් එයාල කරන්නේ මෙහමයි

    එයාල බලනව දැන් ඔයා අර minimum payment එක කරලා නිසා Late Payment Fee add කරන්නේ නැ ;) දැන් එයාල බලනව අපි ගත්හ 10 jan වල item එකේ සල්ලි ගෙවලානේ ඔයා ගෙවලා නැත්තේ jan 15 ගත්ත item එකේ සල්ලි විතරනේ එක නිසා ඔයා ගෙවන දිනයට පොලි හැදෙන්නේ jan 15 ගත්ත item එකට විතරයි.(මේ මචන් මට තේරුණා විදිහ එයාල කියලා දෙද්දී.වැරදි නම් කියන්න :eek:)

    අනිවා එක නිසා ගෙවද්දී සතයක් වත් අඩු නොවෙන්න:shocked: ගෙවන්න

    Part 3 next sunday දැනම් එකේ ඔය 0% installment plan හා නිවැරදිව shop or online payments කරන්නේ කොහොමද කියලා කියනම්.අවශ්‍ය වෙන ප්‍රශ්න තියෙනව නම් අහන්න දන්නා දෙයක් නම් කියලා දේනම්.මේ සියලු දේ මගේ අත්දැකීම් පමණයි.වැරදි තිබිය හැක :eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1698467


    ''--- '' පරණ ත්‍රෙඩ් මකන්න කලින් '' --- ''
    http://www.elakiri.com/forum/showthread.php?t=1726376
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Card eka athe thiyeddi nikamma wiyadam wenawa
    card eken gewaddi ewa nikam salli neme wage godak ayata penne
    ona ekai epa ekai serama gannawa
    passe maase anthimata bila gewanna salli madi
    ohoma ohoma goda wenawa
    passe bank eken liyum ewanawa
    nikamma naya kaarayek wenawa
    :oo::oo:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    සම්පත් එකේනම් ලේසි නෑ...උන් මාසෙට 50ක් හම්බ්කරත් දෙන්නේ 30 දාහයි..ඔය ගානට ගන්නපුළුවන් පෑන් එශියා මාස්ටර් කාඩ් ,නේෂන් ට්‍රස්ට් ඇමරිකන් එක්ස්ප්‍රස් තමයි..hnb කොහොමද කියලා දන්නේ නෑ..රජයේ ස්ථිර ජොබක් නිසා මහජනේ හරි ලංකා බැංකුවෙන් හරි කතා කරපන්..25000 විතර එකක් ගන්න පුළුවන්..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Government nisa penala denne. Gihin ahala balapan. Ape amma teaching karanne. Nations Trust eken Amex card dunne school ekatama evth