මෙහෙමයි මචං, මේ thread එකේ මං තමා මේ idea එක කල් පැනපු එකක් කියලා ඉස්සරලම කීවෙ. එහෙම කීවෙ, ලංකාවෙ දුෂ්කර පැත්තක ඉන්න කෙනෙක් හැටියට. දැනට අපේ ගෙවල් තියෙන්නෙ අනුරාධපුර නගරයට නුදුරින්. ඒත් මීට කලින් අපි හිටියෙ, අනුරාධපුරේටත් කිලෝමීටර 100කටත් වඩා ඈතින් තියන ගමක. දුෂ්කර කියන්නෙ මොකක්ද කියලා ඒ නිසා මම හොඳට දන්නවා. 2008, 2010 වගේ කාලෙ නම්, ඒ පැති වල බහුතරේකට කොම්පියුටරයක් කියන්නෙ අමුතුම දෙයක් වෙලා තිබුනා. ඒත් පහුගිය අවුරුදු 5 ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා. තවමත් ලංකාවෙ එකම එක ISP කෙනෙක් විතරයි ඒ පැත්තට 3G දීලා තියෙන්නෙ. ඒකත් අදාල ප්රදේශයෙන් 45%ක් විතර තමා කවර් කරන්නෙ. එහෙම තියෙද්දිත්, ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටො බාගෙකට වඩා ෆේස්බුක් ඉන්නවා. O/L කරන කොල්ලො ලඟත් දැං තියෙන්නෙ smart phone. අන්න එහෙම යුගයකයි අපි දැං ජීවත් වෙන්නෙ.
අනික මං මුගෙන් පැහැදිලිවම ඇහුවා Broadband Access තියනවද කියලා.
එහෙම පළාතක ඉතිං කවර කතාද? වැඩේ හරි යන්නෙ නැති වෙන්න තමා 90%කම සම්භාවිතාවක් තියෙන්නෙ. මෑත කාලීනව සාර්ථකත්වයට ගියපු Internet Cafe එකක අයිතිකරුවෙක් උඩ තමන්ගෙ අත්දැකීම විස්තර කරලා තියනවා දකින්න ඇතිනෙ. ඒක ඇත්තටම විරල ගණයේ කතාවක්. එහෙම business සෙට් වෙනවා නම් ඇත්තටම ඒක ඒ කෙනාගෙ වාසනාව කියන්නත් පුළුවන්. අපි business එකක් පටන් ගනිද්දි සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම වාසනාවට බාර දීලා වැඩේ පටන් ගන්න හොඳ නෑ.
මීට අවුරුදු 8කට කලින් අනුරාධපුර නගරය ගත්තොත්, හොඳටම business තියන Gaming Cafe 3ක් විතර තිබුනා. Internet Cafe 8ක්, 10ක් තිබුනා. ඒත් දැං ඒ ගොඩක් ඒවා වැහිලා ගිහිං. තිබුන Internet Cafe ටිකත්, CD/DVD business වලට, එතනිං Gaming වලට, එතනිං Communication වලට වෙනස් වෙලා ගිහිං. ඒ කාලෙ තිබුන (මං දැනගෙන හිටපු) Internet Cafe වලිං එකම එකයි දැං ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් Networked Gaming Zone එකක් හැටියට තමා එදා වේල හොයාගන්නෙ දැං. අනිත් ඒවා වැහිලම ගිහිල්ලා, නැත්තං, සම්පූර්ණයෙන්ම වෙන business එකකට මාරු වෙලා.
මීට අවුරුදු 4කට කලිං මං කුරුණෑගලට ගොඩ බහිද්දි, Bustand එක පැත්ත පළාතටම තිබුනෙ (මං දැනගෙන හිටපු තරමින්) Internet Cafe දෙකයි. ඒ කාලෙ programming පුරුදු වෙන්නත් Cafe ගානෙ කොල්ලො රිංගන තත්වයක් තිබුනෙ. ඒත් දැං, field එකට නෙවේ, Campus එකකට enter වෙන්නත් කලිං ණය වෙලා හරි lap එකක් කොහොම හරි ගොඩ දාගන්න සීන් එකක් තියෙන්නෙ. සල්ලි නැතිම එකෙකුට වුනත්, ඕන තරං යාළුවෝ ඉන්නවා පොඩ්ඩකට lap එකක් ඉල්ලගෙන වැඩ කරන්න. Cafe වල business හොඳටෝම බැහැලා.
• වෙනසක් ඇතිව කරනවා නම්, Internet Cafe+Game Cafe නැගලා යනවා. ඒත් කොච්චර දියුණු වුනත්, ලංකාවෙ මිනිස්සු බහුතරයක් Computer Cafe ඒක දකින්නෙ හරියට, අනවසරයෙං දාපු බාර් එකක් දිහා බලනවා වගේ. කරනවා නම් කරන්න පුළුවන් ටිකක් මොලේ කල්පනා කරලා, Cafe නැතිව, "Library", "Resource Center" වගේ theme එකකට පලයං. අඳුරු ගුබ්බෑයමක් වගේ එකක් අටවගන්නෙ නැතිව, ඉඩකඩ තියෙන, ගෑණු පිරිමි බේදයක් නැතිව ඇවිල්ලා ඉඳගෙන ඉඳලා යන්න හරි පුළුවන් විදියෙ තත්වයක් ඇති කරපං. අනිවා අර උඩ සාර්ථක වෙච්ච කතාවෙ වගේ, Girl කෙනෙක් ගනිං වැඩට. එතකොට තමා කොල්ලන්ට වුනත් තැන ගැන පැහැදීමක් ඇති වෙන්නෙ. VR Device, අළුත් Gaming Device ගෙන්නන විදියක් ගැන plan එකක් තියාගනිං. Gaming වලට නම් PC වලටත් වඩා Playsation එහෙමත් නැගලා යනවා දැං.
• Computer ටිකක් අටවගෙන කරන්න පුළුවන් business එකක් විදියට මම දකින්නෙ Data Entry. ඕන තරම් business තියෙයි තව අවුරුදු 10කට වඩා. වැඩ කරන්න එවුං ටිකකුත් හිමීට අල්ලගනිං. Printer දෙක තුනකුයි. Photocopy machine දෙකකුයි දාගනිං. සාර්ථක වෙන එක නවත්තගන්න අමාරුයි. (මං මේ මෑතක නුවර පැය දෙකක් විතර එහාට මෙහාට ගියා B&W print out එකක් ගන්නත්) තරඟකාරී මිලකට යන්නෙ නැතිව අඩුම මිලට service එක දියං. business කොච්චර සෙට් වුනත්, ගාන වැඩිය උස්සන්න එපා. තමන්ට බිල් ටික ගෙවලා, ලාබ තියන මට්ටමක තියාගෙන පලයං.
• Reparing ටිකක් පුරුදු වෙලා, ඒක service එකක් විදියට දියං. Laptop, Phone එහෙමත් අතගාන්න ටිකක් පුරුදු වෙයං. Service එකක් විදියට තව අවුරුදු ගානකට demand එකක් තියනවා.
• Mouse, Keyboard, Pen, Speakers, Headphone සහ වෙනත් accessories සහ parts ගෙන්නලා showcase කරපං. අනිවා අවුරුදු 15කට වඩා ඇද්දෑකි නිතරම දියුණු වෙන තාක්ෂනෙත් එක්ක අළුත් වෙන කෙනෙක් නම්.
තව තියනවා. මේ ප්රශ්ණෙ අහපු කෙනාට අදාලව ඔය ටික ඇති මං හිතන්නෙ.