IT ජොබ් කරලා එෆා වෙලා

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    mama karanneth cnc and laser thamai


    38208417_10156534187395970_7799632400190799872_n.jpg


    37915431_10156534191895970_438258239545540608_n.jpg


    38043167_10156534191780970_4767165647018786816_n.jpg

    macho mata wede krana widiya poddak kiyala deepanko
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ekk kyla na bn.

    fiverr, freelancer, ebay, YT, adsense krnwa.


    iye pereda amazon affiliate ptn gtta. article tika enkn inne.

    පොඩ් පොඩි දේවල් ටිකක් තියෙනවා අහගන්න.....පස්සේ pm එකක් දාන්නම් ..​
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Freelancing කරපන් ඩො අපි වගේ. Job එනවා, ඕනේ නම් accept කරනවා බෑ වගේ නම් නිකන් ඉන්නවා. Submit කරනවා revision කරනවා, සමහර client ල සතුටටත් එක්ක tip දෙනවා ගෙදරට merch එවනවා. බැංකුවට සල්ලි වැටෙනවා. ගෙදර ඉන්න කම්මැලි වගේ නම් ලැප් එකයි dongle එකයි අරන් ගිහින් කැලේකට හරි වෙලා වැඩේ කරනවා. මොකාටවත් sir කියන්න ඕනේ නෑ. කකුල් ගදගහන්න සපත්තු දාන්න ඕනේ නෑ.



    තව කියන්න දේවල් නම් තියනවා. ආතල්ම ජොබ් එකක් මේක.

    :yes:
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මාත් IT තමා කරේ HIGHER STUDIES වලට...TRAINING වලින්ම එපා උනා බන්...ඊට පස්සෙත් තැන් 2 වගේ වැඩ කරා WEB DEVELOPING කරේ.. දැන් නම් CODING ඇත ඇරලා ඉන්නේ :D:D:D ..දැන් ඉන්නේ NON-IT තැනක..එතන WEB SITE එකත් කරන්නේ මන්..WORDPRESS වලින්...මහා ලොකු පඩියක් නම් නෑ.. ඒත් ලොකු STRESS එකක් නෑ...:yes::yes::yes: CODING කියන දේ ඇඟේ තියෙන්න ඕන දෙයක් මචන්..JOB එකක් විදියට කරනවානම් ඒ ආසාවත් තියෙන්න ඕන..නැත්තන් ජීවිතේම එපා වෙනවා..:no::no::no: WORK & LIFE BALANCE කරන්නත් අමාරු වෙනවා ආසාවක් නැතුව කරන් යනකොට..පුළුවන් තරම් බලහන් තමන් කැමතිම දෙයක් කරන්න...මොනවා තිබුනත් හිතේ සතුට නැත්තන් වැඩක් නැනේ මචන්..:yes::yes::yes: මාත් හිතන් ඉන්නවා FREELANCING වගේ කරන්න. දැනට හොඳ SITE එකක් කරන්න IDEA එකක් තියෙනවා ADSENSE TARGET කරලා :yes::yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මාත් බන් , එපා වෙලා වෙනසකට කියල රට ආව , මුන් ඊට හපන් බන් . තව ටිකක් කොරල ලංකාවට යනව බන්. නිවාඩුවක් නෑ ඩෙඩ් ලයින් ඇජයිල් කියයි . මුං හිතන් ඉන්නේ අපි ශ්‍රක්‍රය කියල හැම මගුලම දැනගෙන එන්න. ලක්ෂ ගානක පඩියකට දැන් ජීවිතේම එපා වෙලා බන්. ඇස් දෙකත් බොක කොන්දේ එහෙන් අවුල්. සිගරට් පැකට් පිටින් ගහන්නේ ප්‍රොජෙක්ට් කරන වෙලාවට තියන මලටම. මේක මොඩන් ස්ලේවරි බන් සල්ලි දීල මරවල වැඩ ගන්නවා. සල්ලි හම්බුනා කියල කරන දේකුත් නෑ ඕහේ එකතු වෙනවා. කිසි නිදහසක් නෑ බන් සදුදා මත්ක් වෙනකොට වටේ උන්ට ගහන්න හිතෙනවා. මම නම් කියන්නේ වතුපිටි තියනවනම් වවපන්, ඒකේ බැහැල වැඩ කරන්න . සල්ලි තියනවන්ම් ගෙයක් ගහල රෙන්ට් කරපන්, වාහහ්නයක් අරන් කොම්පැනියකට දියන් . දීල ගෙදරට වෙලා පාඩුවේ ඉදහන් හොද බැග් පැක් ටුවර් ටිකක් දාහන්. අනිත්‍ය තේරෙනවා තොරතුරු තාක්ෂණය රසාවාක් කරාම. මම නම් කියන්නේ මේක කොයි රස්සාවටත් එකයි. ජීවත් වෙන්න බයට බලෙන් කරන දෙයක් වෙලා . ලෝකේ 80% මිනිස්සු ඩිස්සැටිස්ෆයිඩ් උන් කරන රස්සාව ගැන. නොදකින් යකෝ ගල් යුගයේ හිටියනම් මීට වඩා හොදයි


    කට ඇරපන් පුතේ ටොපියක්වත් දාන්න :D:yes:

    සිරාවට බන් ඕකයි තත්වේ :baffled::baffled:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Okoma ohoma tamai bn.man HR manager hitiye.life ekama epa una.e epa willata ausi ewilla cleaning kara.:P anduwe job ekak ganin.private mona job ekata giyath ekama katgandare.non IT kiyala deyak ne.


    ඕසී රඹේ ටෝක් දීපු එමියොස්:rofl:
    ඕසී සුද්දන්ගේ ටොයිලට් & පුක් හෝදපු එමියොස් :lol::lol:
    හයියෝ....:lol::lol::lol::lol::lol::rofl::rofl::lol::lol:


    මගේ ලව් එක අම්මෝ.:love::love:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113

    ඕසී රඹේ ටෝක් දීපු එමියොස්:rofl:
    ඕසී සුද්දන්ගේ ටොයිලට් & පුක් හෝදපු එමියොස් :lol::lol:
    හයියෝ....:lol::lol::lol::lol::lol::rofl::rofl::lol::lol:


    මගේ ලව් එක අම්මෝ.:love::love:

    Ausi ewilla cleaning ekak gahuwe nattan ausi ewillath wedak ne bn:rofl:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ausi ewilla cleaning ekak gahuwe nattan ausi ewillath wedak ne bn:rofl:

    ඕසී වල කල්ටිවේෂන් එහෙම කෙරෙනවද?එළවලු පිටරටින්ද ගේන්නේ?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් ඕකෙ අනිත් පැත්ත බං,
    මම අවුරුදු 10+ වැඩ කරා අයිටී ෆීල්ඩ් එකේ,
    වැඩිකාලයක් හිටියේ සිස්ටම් ඇඩ්මින් විදියට, හාඩ්වෙයා ටෙක්නීශන් විදියට පටන් ගෙන
    කස්ටමර් සපෝට් එක්සෙකටිව් ඉදලා තමයි ආවෙ,
    මම දැන් අවුරුදු 2කර විතර කලින් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තා,
    ජොබ් එකෙන් හම්බ කරාට වඩා හම්බ කරනවා, ඒ පැත්ත අවුලක් නැහැ,
    හැබැයි බෑන්ක් වැඩත් එක්ක, ලෝන් කේස් එක්ක සහ බිස්නස් ප්‍රශ්නත් එක්ක පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා,
    දැන් නම් වෙලාවකට හිතෙනවා අයිටී ජොබ කරගෙන හිටිය නම් හොදයි කියලා,
    ඒක පට්ට රිලැක්ස්, පට්ට ආතල්, ස්ට්‍රෙස් අඩුයි, රිස්ක් නැහැ,
    මාසෙ අන්තිමට පඩි අතේ, බෝනස්ද අලවන්ස්ද ඔක්කොම ලැබෙනවා,
    දැන් ඒවා දෙන්න වෙලා තියෙන්නේ සේවකයන්ට,
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මටනම් හිතෙන විදියට internet එකෙන් stress එකක් නැතුව සල්ලි හම්බ කරන්න හොඳම ක්‍රම 2 තමයි youtube videos and affiliate marketing හැබැයි 2ම මුලින් කට්ට කන්න ඕනේ. හොඳ videos ටිකක්ක upload කරලා හොඳට views එනකොට 1000 views වලට 1$ වගේ හම්බ වෙනවා. නිකන් බලන් ඉන්න තියෙන්නේ. අනිත් එක affiliate marketing වල මුලින් හොඳට pages SEO කරලා Google මුල් search results එකට ගෙනාවට පස්සේ හොඳට commission හම්බ වෙනවා. Customer dispute එකක් දැම්මත් තමන්ට කිසිම අවුලක් නෑ. මොකද orders refund, return කරන ඒවා සෙලර් කරන නිසා. ආතල් එකේ page එක rank කරගෙන ඉන්න තියෙන්නේ. මේකේ මම දන්න එකෙක් හිටියා ඌ මාසෙට 40,000$-60,000$ :yes:අතර හෙව්ව ඒ දවස් වල. දැන් නම් ඊටත් වඩා හොයනවා ඇති. මමත් eBay drop shipping කරනවා. හැබැයි customer කෙනෙක් dispute එකක් දැම්මහම තමයි එපා වෙන්නේ. සමහර එවුන් item එක receive කරාට පස්සෙ case open කරනවා item එක ආවෙ නෑ කියලා. එහෙම කරලා negative feedback දීලා යන් එවුනුත් ඉන්නවා මේ ලෝකේ.:angry::angry: