IT field Help

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    හරි දැන් අපි කලේ ස්ටඩි කරන එකනේ. මේ පැත්ත තනිකර ප්‍රැක්ටිකල්. මම මුලින් ප්‍රැක්ටිකල් කරලා පස්සේ තියරිය බලන ක්‍රමේට හැම දේම ඉගෙන ගත්තේ. එත් උබ මේ පැත්තේ මෙලෝ දෙයක් දන්නේ නැති නිසා තම පොඩ්ඩක් ඇත පත ගන්න දුන්නේ. හරි ඒ ෆන් එක ඉවරයි අපි දැන් යමු පොඩි වැඩකට.

    රයිට් දැන් අපි ඉගෙන ගත්ත දේවල් නෙක්ස්ට් ලෙවල් එකට යවන්න Workshop කන්සෙප්ට් එකට යනවා. එකේදී වෙන්නේ ස්ටදී පරණ ගමන් ප්‍රැක්ටිකල් කරන එක . ඊට කලින් උබට කියන්න ඕනේ වෙබ් එකේ path ගොඩක් තියනවා

    1. Microsoft technology වලින් හදුනා පාත් එකක්
    2. Java technology වලින් හදුනා පාත් එකක්
    3. Python technology වලින් හදුනා පාත් එකක්
    4. වෙනත් technology වලින් හදුනා පාත් එකක්


    මේ කොයි එක ගත්තත් තියෙන්නේ එකම වගේ කන්සෙප්ට් එකක්. එත් ඒවගේ කරන්න පුළුවන් වැඩ සහ technology වෙනස් වෙනවා. මම Microsoft technology පැත්තේ යන නිසා මේක ඒ පැත්තෙන් කරන්න බලමු. මට උබට සපෝට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම උඩ ඒවගෙන් මොකක් අල්ලා ගත්තත් වෙන එකක් අල්ලා ගන්න හරිම ලේසි.


    කරන්න ඕනේ වැඩේ.
    =================
    මට දැන් ටීචර් කෙනෙක් කතා කරලා කිව්වා පොරගේ ක්ලාස් වල ළමයින්ගේ විස්තර් තියාගන්න පොඩි වෙබ් බේස් සිස්ටම් එකක් හදන්න ඕනේ කියල. මම කිව්වා නිකන් කරන්න බැ මේක ගානක් අරගෙන කරන්න ඕනේ

    Workshop Item1: Costing - To Build a Web Application කොහොමද කොස්ටින්ග් එකක් කරන්නේ කියල හොයල විස්තරයක් සහිත ඩොකියුමන්ට් එකක් හැදෙන්න ඕනේ

    ඊලග දවසේ මම ගියා පොරව හම්බෙන්න. පොර කිව්වා මගේ ළමයි 1000 ක් විතර ඉන්නවා. ඒ අයගේ මේ විස්තර ටික තියාගන්න ඕනේ . ඊට පස්සේ මට ඕනේ වෙලාවක ළමයෙක්ගේ නම හෝ ID එක ගහලා විස්තර හොයාගන්න ඕනේ සරල එකක් කියල. උ සරල කිව්වට අපි නේ හදන්න ඕනේ. යාලුවා උනත් බිස්නස් නම් බිස්නස් නිසා වැඩේ පිළිවෙලට කරන්න ඕනේ

    මම කිව්වා ඉදපන් මම ප්රෝපොසල් එකක් හදලා එවන්නම් බලපන් කියල.

    Workshop Item2: how to create a software proposal - එකක් හදන්න ඕනේ වර්ඩ් දොක්යුමන්ට් එකක් විදිහට. ඊට පස්සේ එක pdf එකක් විදිහට් ඇහැරවලා තමා දෙන්න ඕනේ .

    හරි දැන් මම ඒ හදපු එක අරුට යැව්වා. යැව්වම ඌ එකට ගාන වැඩි කිව්වා. ලංකාවේ එහෙම තමා .ඒ නිසා පුළුවන් තරඟ රට කස්ටමර් ලා සෙට් කරගන්න බලන්න. දැන් මම ආයි අරක රිවයිස් කරලා හදලා දෙවැනි කොපි එක යවනවා.

    workshop Item3: how to modify/amend items to a software proposal and versioning - අර ඩොක් එකේම තව කොපි එකක් එන්න ඕනේ.

    හරි දැන් ඒ යවපු එකට පොර කැමති. එහෙම උනා කියල පුතේ වැඩේ හරියන්නේ නැ . අපි උට පැහැදිලිව දෙන්න ඕනේ මේ සිස්ටම් එකෙන් අපි උට දෙන්න ඕනේ මොනවද? නොදෙන්නේ මොනවද කියල. නැත්නම් ඌ රුපියල් 10 දීලා මුළු අච්චාරු හලියම කන්න යනවා. එහෙව් උන් ඉන්නේ. ඒ නිසා මේ ස්ටෙප් එක හරිම වැදගත්. මේකට කියන්නේ software requirement specification(SRS) . මතක තියාගනින් SRS එකක් නැතුව එක ලයින් එකක්වත් ලියන්න යන්නේ නැ . වැඩ කරන තැන උනත් දෙයක් හදපන් කිව්වොත් කෙටියෙන් වැඩේ අහගෙන එක SRS එකේ තියේද බලපන්. SRS දෙනවා කියල තියන එවල් විතරයි අපි සල්ලි ගන්නේ කොස්ටින්ග් එකේ. හුගක් වෙලාවට ලොකු සිස්ටම් SRS 100 කට විතර කඩලා තමා දෙන්නේ.

    workshop Item4: study software requirement specification . සහ මේ සිස්ටම් එකට software requirement specification එකක් හදල pdf කරලා දෙන්න ඕනේ.

    හරි SRS එකත් ඇප්රුව් වෙලා ඇවිල්ල පේමන්ට් එකකුත් වෙලා තියෙන්නේ. දැන් හදන්න ගන්න ඕනේ. කොහොමද පටන් ගන්නේ? මොන සිස්ටම් එකක් හදන්න ගත්තත් මුලින් architecture එකක් ගැන හිතන්න වෙනවා. ලෝකේ එහෙම ඒවා ගොඩක් තියනවා. එත් අපි එකෙන් දෙක තුනක් අරගෙන මේ වැඩේ කරන්න බලමු. අනික් ඒවා ඔයා ඉස්සරහට යනකොට දැනගනීවි.

    Web application architectures
    ======================

    Front End
    -------------
    මේක තමා පිටට පෙන සයිට් එක. උදාහරණ ikman.lk එකේ සයිට් එකට ගියාම පෙන්නේ මේක.

    Back End
    ------------
    මෙයා තමා පස්සේ ඉදන් Front End එකට ඕනේ කරන ඩේටා දෙන්නේ. උදා : ඔයා ඉක්මන් එකෙන් මොකක් හරි සර්ච් කලාම ඕනේ කරන ඩේටා හොයල දෙන්නේ මේක.



    All-in-one applications architectures
    ------------------------------------------------
    මේක තමා තියන පොඩිම විදිහ. මේක වැටෙන්නේ monolithic කියන කාණ්ඩයට. ඒ ගැන වැඩි විස්තර හොයන්න ඕනේ.
    මේකෙදි අර Front End සහ Back End දෙකම එකම ප්‍රොජෙක්ට් එකේ තමා තියෙන්නේ. මේක Microsoft technology වලින් හදනවා නම් තියෙන්නේ

    Language: C#
    ASP.net Core - https://docs.microsoft.com/en-us/aspnet/core/?view=aspnetcore-6.0
    Asp.net Core MVC :https://docs.microsoft.com/en-us/aspnet/core/?view=aspnetcore-6.0
    Blazor : https://dotnet.microsoft.com/en-us/apps/aspnet/web-apps/blazor



    “N-Layer” architecture
    -----------------------------
    මේකෙදි අර කිව්වා Front End සහ Back End දෙකම එක ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ. ඒ උනාට මේක ලයර් 3 කට හෝ ගොඩකට කැඩිලා තියෙන්නේ
    -UI - මේක තම උසර් ට පෙන ලයර් එක (ප්‍රොජෙක්ට් ඒක )
    -Business Logic Layer - බිස්නට් ලොජික් එක නැත්නම් අර SRS කියන බිස්නස් එකේ ස්ටෙප්ස් ටික මේ ප්‍රොජෙක්ට් එකේ තම තියෙන්නේ
    - Data Access Layer - මේක තම ඩේටා බේස් එකේ ඉදන් ඩේටා අරන් දෙන ලයෙර් එක. (ප්‍රොජෙක්ට් ඒක )

    Language: C#
    ASP.net Core - https://docs.microsoft.com/en-us/aspnet/core/?view=aspnetcore-6.0
    Asp.net Core MVC :https://docs.microsoft.com/en-us/aspnet/core/?view=aspnetcore-6.0
    Blazor : https://dotnet.microsoft.com/en-us/apps/aspnet/web-apps/blazor


    Service-oriented architecture
    -------------------------------------


    මේකෙදි Front End සහ Back End දෙකම වෙනස් ටෙක්නොලොජි දෙකකින් හෝ කීපයකින් ලියන්නේ . උඩ එකම තමා වෙනස එන්ඩ් දෙක වෙන වෙනම තියන එක .

    Back End
    -------------
    Language: C#
    ASP.net Core web API - https://docs.microsoft.com/en-us/aspnet/core/?view=aspnetcore-6.0
    EF, Dapper - Data access Components
    (
    EF- https://docs.microsoft.com/en-us/ef/
    Dapper - https://www.learndapper.com/
    )

    Front End
    -------------
    Angular 2+ - https://angular.io/
    React JS - https://reactjs.org/
    Vue JS - https://vuejs.org/
    Blazor

    Rest - https://www.geeksforgeeks.org/rest-api-architectural-constraints/

    දැන් උඩ තියන ඒවගෙන් මුල් දෙක පොඩ්ඩක් කල් පැනලා. 3 වෙනි එකත් පරණයි. එත් තාම සැහෙන්න පාවිච්චි වෙනවා. ඒ නිසා අපි ඒ ක්‍රමේ ගනන්ව මේ සොෆ්ට්වෙයා එක හදන්න.

    Workshop Item5: study about web application architectures and Service-oriented architecture

    Workshop Item 6: create sample Asp.net Core Web API project and create some end points and play with it


    Workshop Item 7: create sample Angular Application and play with it

    හොදයි මේ ටික කරලා ඊළගට වැඩේ කරන්න බහිමු. අපි මේකෙදි පුළුවන් තරම් ඇඩ්වාන්ස් යන්න බලමු. මේ යකාගේ ක්ලාස් වැඩේ ලොකු අමාරුවක් නැ . ඒ උනාට මේකෙන් අපිට මේ පැත්තේ තියන technology ඔක්කොම වගේ ඉගෙන ගන්න පුළුවන්. එහෙනම්. වැඩේ පටන් ගන්න ඕනේ. මේ විදිහට කරමු.

    1. git එකේ repository එකක් හදල එකට උඩ වරක් ෂොප් වල ඔක්කොම ඩොකියුමන්ට් දාන්න ඕනේ. ඊට පස්සේ එකේ චේන්ජ් එකක් කරන්න ඕනේ නම් එකත් කරලා push කරන්න ඕනේ.

    2. මේ දොක්යුමන්ට් හදන විදි එක එක කම්පැනි එකට වෙනස. දල අදහසක් එන විදිහට හැදුවාම ඇති.

    3. workshop Item 5 සහ 6 කියන්නේ සාම්පල් ප්‍රොජෙක්ට් දෙකක් හදලා බලන්න මොකක්ද ඒ කියල. රියල් සොෆ්ට්වෙයාර් එක හදන්න තාම පටන් ගත්තේ නැ හොදේ.

    4. ඒ සාම්පල් ප්රෝජ්ස්ක්ට් දෙක repository දෙකක් හදලා දාන්න ඕනේ. අපි බලමු ඕකට devops ගාවලා වැඩේ දරුණු කරන්න ඊට පස්සේ


    ඊළගට අපි යනවා ඔය දැනුම එක්ක කොහොමද මේ සොෆ්ට්වෙයා එක හදන්නේ කියල බලන්න. ඊට කලින් උඩ දේවල් ගැන හොදට බලලා තියෙන්න ඕනේ. බලන්න ඕනේ හයි ලෙවල් විතරයි හොදේ. වැඩේ කරගෙන යනකොට ඩිටෙල් බලන්න වෙනවා. එතකොට බලමු වැඩේ.

    ගොඩක් ස්තුතියි මචන්.ඔයාගේ වටිනා කාලේ මෙච්චර වැය කරලා මන් වගේම it වලට ආස අයට ඉගෙන ගන්න උදව් කරනවට. Respect මචන් :love:
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේ විදිහට තමන්ගේ කාලේ කැප කරන් anonymous forum එකක සරලව විස්තර කරන්න හැම එකාටම බෑ.. කොටින්ම මටවත් බෑ.. මේ effort එකට නම් එකෙන්ම respect bro.. අනිවා useful lesson එකක් මේක ❤️❤️🔥
    දන්නා දේ කියල දෙනවා බන් ඉතින් පුළුවන් උපරිමේ. ඕවා හන්ගා ගෙන ඉදලා මොනවා කරන්නද?
    එකෙන් මටත් ලොකු දෙයක් ඉගෙන ගන්න හම්බෙනවා. දන්නා දේ පොලිෂ් වෙනවා.
    උබත් මාර ගේමක් දෙනවා මේක ඇදගෙන යන්න. කොමද උබේ gain එක දැන්? සුපිරියට පොලිෂ් වෙනවා නේද හැම දේම?
    මම කියන්නේ මේකේ ඉන්න කෙනෙක් දෙයක් දන්නවා නම් අනිවා ඉස්සරහට ඇවිත් කියල දෙන්න. එක පැත්තකින් සතුටක් එකෙක් ගොඩ ගියාම . අනික් පැත්තේ වාසියක් :love: :love:

    ගොඩක් ස්තුතියි මචන්.ඔයාගේ වටිනා කාලේ මෙච්චර වැය කරලා මන් වගේම it වලට ආස අයට ඉගෙන ගන්න උදව් කරනවට. Respect මචන් :love:
    ඔය වරක් ෂොප් එකේ හෙළප් එකට ත්‍රෙඩ් එකක් දැම්ම. එකේ ඕනේ කරන නොට් අනන් මනං දාන්න ගමු. නැත්නම් මේක ත්‍රෙඩ් එක කෙලවෙනවා

    https://elakiri.com/threads/workshop-it-field-help-related.2052893/
    ------ Post added on Jun 1, 2022 at 9:22 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Coursesම නම් කරලා හරියන්නේ නෑ ඉතින්:no:
    කමක් නෑ, හරියට syllabus තියෙන ඒවා විතරක් දාන්නම්

    IBM එකේ learning platform එක, [FREE]
    Blockchain, Data Science, AI, Cybersecurity වටින courses තියෙනවා.
    අන්තිමට Digital Credentials ලැබෙනවා, ඒක Credly/ LinkedIn වලට link කරන්න පුලුවන්
    https://students.yourlearning.ibm.com/

    මේක VMware එකෙන් දෙන්නේ, Kubernetes learning paths තියෙනවා [FREE]
    https://kube.academy/

    ඔය ගොඩක් ඒවා නම් සතියෙන් කරන්න පුලුවන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,738
    1
    49,779
    113
    ප*යාගල
    sorry.com
    පට්ට්ම ත්‍රේඩ් එකක්. මමත් HTML CSS JS පොඩ්ඩක් දන්නව. දැන් තම මේකෙ හරිම හරය මොකක්ද කියල තේරුනේ.මම ආස Full stack පැත්තෙන් යන්න. පස්සෙ බලන්ව --Devops--- පැත්තෙන් යන්න.මුලින් එකක් හරියට කරගෙන ඉන්න එපැයි.වටින කියන කොමෙන්ට් ඔක්කොම දාගත්ත නොට්පැඩ් එකට. අද ඇන්ජලා ගෙ ෆුල් ස්ටැක් කෝස් එක බාගෙන අදම එක්සෙල් ශීට් එකක් හදන් වැඩ පටන්ගන්න්වා. නියමයි. තැන්කු හනියො Thanks Avi.Thank you all. පිටු 16ම කියෙව්ව බන් බෝරින්ග් නැ පොඩ්ඩක්වත්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පට්ට්ම ත්‍රේඩ් එකක්. මමත් HTML CSS JS පොඩ්ඩක් දන්නව. දැන් තම මේකෙ හරිම හරය මොකක්ද කියල තේරුනේ.මම ආස Full stack පැත්තෙන් යන්න. පස්සෙ බලන්ව --Devops--- පැත්තෙන් යන්න.මුලින් එකක් හරියට කරගෙන ඉන්න එපැයි.වටින කියන කොමෙන්ට් ඔක්කොම දාගත්ත නොට්පැඩ් එකට. අද ඇන්ජලා ගෙ ෆුල් ස්ටැක් කෝස් එක බාගෙන අදම එක්සෙල් ශීට් එකක් හදන් වැඩ පටන්ගන්න්වා. නියමයි. තැන්කු හනියො Thanks Avi.Thank you all. පිටු 16ම කියෙව්ව බන් බෝරින්ග් නැ පොඩ්ඩක්වත්
    කමෙන්ට් එකෙන් පේන විදිහට නම් ගමන සුබයි. Full stack පැත්තෙන් යන එක තමා හොදම. මුලින් Full stack පැත්තෙන් තියන ජොබ් වල ඉල්ලන්නේ මොනවද කියලත් බලන්න. ඒවා අර එක්සෙල් ෂිට් එකේ වැටෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම එකක්.

    1. එක ෂිට් එකක දාගන්න අර ජොබ් වල ඉල්ලන දේවල්. එකෙන් ඔයාට පේනවා අද යන ට්‍රෙන්ඩ් එක මොකක්ඩ කියල.
    2. අනික් ෂිට් එකේ දාගන්න ස්ටඩි ඉන්ඩෙක්ස් එකක්.

    ඔහොම කලාම අර ට්‍රෙන්ඩ් වෙන දේවල් වැඩිපුර ගැම්මක් අල්ලලා ස්ටදී කරන්න. ඒ වගේම මේකේ තියන වරක් ෂොප් එක කරන්න බලන්න. මොකද කොච්චර කෝස් කලත් ඕක ප්‍රැක්ටිකල් දානකන් වැඩේ හරියටම තේරෙන්නේ නැ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    @pasansnoop උඹ devops side එකෙන් යන්න plan කරනවා නම් මේ site එකත් හොඳ learning resource එකක්..මේක කරන්නේ නම් indian කාරයෙක්.. But පට්ට හොඳයි dial එක..
    #TechTutorials

    https://learn.sandipdas.in/
    thanks a lot machan
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    එළකිරි ඔයා java පාත් එක නේ යන්නේ? එක හොදයි වෙනසකටත් එක්ක. ඔය මොක උනත් අර ස්ටෙප් ටික වෙන්න ඕනේ. එකේ ප්රෝග්රස් එක වෙනම දාපන් ඕනේ නම්. එක එක වර්ක්ෂොප් අයිටම් එක ගානේ. ඒ ස්ටෙප් ටික නැතුව උඩට යන්න අමාරුයි වගේම යන්නත් එපා
     
    • Love
    Reactions: ST.PIERRE

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    සාමන්යෙන් මේ devops කෙනෙක් විදිහට ගන්නේ ඩිවලොප්මන්ට් සහ සපෝට් රෝල් දෙකම හොදට දන්නා කෙනෙක්. එකට හේතුව මම කියන්නම්. ඉස්සර සිස්ටම් හදද්දී ලොකු ප්‍රශ්නයක් අවා ඩිව් ටීම් එක හදලා උනිට් ටෙස්ට් කරලා QA කරලා එලට වැඩ කරන ඒවා ලයිව් දාපු ගමන් හෙන කෙස් එනවා. ඒ මොකද ලයිව් එන්වයර්මන්ට් එකේදී හදපු සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්නේ වෙනස් තත්ත්ව යටතේ. ඒ නිසා තමා එහෙම කෙස් අවේ. ඊළගට Cloud එක අවාම එකට හදපු ඇප් එක දාගන්න තව කට්ටක් කන්න ඕනේ උනා. ඉතින් ඔය දෙකටම විසදුමක් විදිහට ඩිවලොප්මන්ට් සහ සපෝට් + නෙට්වර්ක් පැත්ත දන්නා කෙනෙක් මැද ඉදන් මේක මෙහෙයවන්න ඕනේ කමක් අවා. එන්න එකට තමා ඔය රෝල් එක ගෙනාවේ. අද තියන සොෆ්ට්වෙයාර් වල සහ cloud platform වල complexity එක නිසා මේ රෝල් එක වෙනම ඉගෙන ගන්න ඕනේ එකක් විදිහට පත් උනා. තව විස්තර ඕනේ නම් අහපන් කියන්නම්.

    හරි මම මේ රෝල් එක ගැන වැඩි විස්තර හෙව්වා. එහෙම කලේ මම හොදට දන්නා ඉන්ටනැෂනල් කම්පැනි 10 ක ඔය ජොබ් රෝල් එකේ ඉල්ලන දේවල් මම බැලුවා. බලලා ඒවා කැටගරි කළා. මේ තියෙන්නේ එහෙම එකක්. ඉතින් මේ ටික ෆලෝ කරලා තියන කෙනෙක්ට සීනියර් පොට්‌ එකකට ලේසියෙන් පනින්න පුළුවන්. . මේ එක එක අරන් google එකේ ගහලා බලන්න මේ මොනවද කියල. එකෙන් ඔයාට දල අදහසක් එයි මොනවා වගේ යකෙක්ක්ද මේක කියල. එහෙම අදහසක් ගන්නේ නැතුව ඊළග එකට යන්න එපා. මේක බැලුවාම ඔයාට එන අදහස එක්ක මේකේ දාන්න . මේකේ ඉන්නව් කෝස් ගැන එක්ස්පර්ට් ලා. ඊට පස්සේ උන් ඔයාට ගැලපෙන කෝස් එක තෝරලා දෙයි.

    කෝස් ගැන වැඩි විස්තර සදහා අමතන්න

    @avjayarathne

    @siri_ayya

    DevOps Engineer Role Breakdown
    ========================

    Cloud Services
    ==============
    Designing and operating PaaS
    Management of different layers of services
    Use standard tools and processes to deploy code and support environments, including support for quality assurance, monitoring, incident management, and backup and disaster recovery
    Manage requests for change in accordance with platform strategy, standards and governance
    Support Engineering team on application configuration, tuning, and deployment needs
    Ensure high availability and disaster recovery are in place and provide response to incidents and alerts associated with DevOps

    Network and OS Configurations
    =============================
    Installation, configuration and virtualization of OS and services
    Scripted handling of OS installation on servers
    Operations of infrastructure setup (servers, network, switches)
    Investigating and troubleshooting network traffic
    Knowledge of TCP/IP stack, DNS, WAF, Load balancing

    CI/CD and Pipelines
    ===================
    Expertise in the configuration of Azure DevOps
    Expertise with automated deployment, testing and documentation across Azure DevOps
    Following best practices in building CI/CD pipelines
    Automate work to manage engineering, test and production environments
    Continuously analyze, execute, and improve DevOps tools, processes and procedures

    Development Essentials
    =====================
    Must have strong knowledge of container services such as Docker, Kubernetes , OpenShift or K8S
    Knowledge and experience in developing scripts in shell and Python is an advantage
    Experience in building fault-tolerant, scalable systems
    Knowledge in .NET, SQL Data and SQL Server
    Scripting and automation of tasks Ironic (BM provisioning); RedFish (for Idrac/ILO), automation (ansible), Puppet, PXE boot etc.
    ගොඩක් ස්තූතියි මචන්. සිරාවට පට්ටම පැහැදිලි කිරීමක්. මට ඔයා මේ දාලා තියෙන දේවල් ෆලෝ කරන්න ආසයි.අනිවා මම මේක කරන්න පටන් ගන්නවා. පොඩි අවුලකට තියෙන්නේ මට කෝඩින් වල එහෙම ලොකු බැක්ග්‍රවුන්ඩ් එකක් නෑ. එහෙම කෙන්ක්ට මේක අවුලක් නැතිව කරන්න පුලුවන්ද? ඒත් මම දැන් ප්‍රෝග්‍රැමින් ටික ටික ඉගෙන ගන්න පටන් ගත්තා. දැන් python පටන් අරන් ඊටප්ස්සේ c++ වගේ ලැන්ග් එක්ක් කරන්න ඉන්නෙ. මට ඔයා මේ දාල තියෙන ටික පටන් ගන්න පොඩි කොනක් පාදලා දෙන්වද. මොක්ද මට අයිඩියා එකක් නෑ මුලින්ම මොකක් කරන්න ඔනේද කියලා. අනිත් එක තමයි අපි මේ ටික සෙල්ෆ් ස්ටඩී කරල ඉගෙන ගත්තට ප්‍රැක්ටිකල් දැනුම ග්න්න ජොබ් එකක් කරන්නම වෙනවනේ මේ පැත්තෙන්. ප්‍රැක්ටිකල් අඩු කෙන්ක්ට පුලුවන් වෙයිද ජොබක් හොයාගන්න මේ පැත්තෙන්.
    ස්තූතියි.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    එළකිරි ඔයා java පාත් එක නේ යන්නේ? එක හොදයි වෙනසකටත් එක්ක. ඔය මොක උනත් අර ස්ටෙප් ටික වෙන්න ඕනේ. එකේ ප්රෝග්රස් එක වෙනම දාපන් ඕනේ නම්. එක එක වර්ක්ෂොප් අයිටම් එක ගානේ. ඒ ස්ටෙප් ටික නැතුව උඩට යන්න අමාරුයි වගේම යන්නත් එපා
    මචන් මන් ඒ ස්ටෙප් ටික study කරා.
    මට ඒක ඇත්තටම කරන්නද කිව්වේ? මන් හිතුවේ යන process එක තේරුම් කරන්න උදාහරණයක් ගත්තා කියලා.:shocked:
     
    • Haha
    Reactions: HAneo

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මේ ටික තමා මචන් මට නම් කියන්න පුළුවන්.. Devops field එකේ ලොකු experience එකක් නෑ.. මේ ටික කරන ගමන් devops අයව linkedin එකෙන් add කරගන්න.. ගොඩක් devops learning resources තියෙනවා linkedin එකේ..



    ඔව්.. Cloud cert කරලා විතරක් වුණත් ජොබක් හොයාගන්න පුළුවන් companies තියෙනවා කියලා අහල තියෙනවා.. හැබැයි cert එක pass උනාට විතරක් මදි.. හොඳ practical knowledge එකක් තියෙන්න ඕනේ..

    Devops වලටත් පොඩ්ඩක් programming ඕන.. Deployment එහෙම manual කරනවට වඩා එකපාරක් script එකක් ලියල ඕනේ වෙලාවට ඒක run කරන ලේසි.. Bash scripting එහෙම තියෙන්නම ඕන skill එකක්.. Python, java, go වගේ langs වලින් එකක්, bash, cloud skills හොඳට තියෙනවා නම් ජොබක් ගන්න අමාරු නෑ..
    ------ Post added on Jun 1, 2022 at 7:05 PM

    මට මේ පැත්තෙන් වර්කින්ග් එක්ස්පීරියන්ස් නැති නිසා සහ සෙල්ෆ් ස්ටඩී කරලා දැනුම ගත්ත්ට මට ප්‍රැක්ටිකල් දැනුම ගන්න බැරි වෙයි නෙද තනියම. ඒකට ජොබ් එකක් කරන්න වෙයි නේද? අනිත් එක මම ඔයා කියලා තියෙන ප්‍රොග්‍රැමිං ටික ගැන ඉගෙන ගන්නම්. දැනටම පටන් අරන් තියෙන්නේ basic programming ටිකක්. අනිත් එක මම ඔයා කිව්ව විදියට ඉගෙන ගන්න ගමන් අලුත් දේවල් ගැන blogs ටිකක් ලියන්න හිතුනා linkedin එකේ.ඒක ටිකක් interesting වැඩක් වෙයි.
    ඔයාට පුලුවන්නම් ලංකාවේ වගේම අනිත් රටවලත් ඩිමාන්ඩ් එක වැඩි ජොබ් එකක් හොයගන්න ලේසී cloud certification එකක් කියන්නකො ඒක කරන්නෙ කොහොමද වගෙ දේවල් එක්ක. ස්තූතියි.
    Cloud certfication recommendation help
    @avjayarathne
    @siri_ayya
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන් මන් ඒ ස්ටෙප් ටික study කරා.
    මට ඒක ඇත්තටම කරන්නද කිව්වේ? මන් හිතුවේ යන process එක තේරුම් කරන්න උදාහරණයක් ගත්තා කියලා.:shocked:
    ඔව් ඔව්. දැන් මේ යන්නේ රියල් කම්පැනි එකක යන ගානට උබව ගන්න. උබ මේක අල්ලාගෙන යනවනේ ලස්සනට. අපි මුළු ප්‍රොසෙස් එකම යන්න ඕනේ පුතා නැත්නම් මග හිරවෙනවා. එහෙම හිරුනාම ආයි ගොඩ එන්න බැ. ඔය ස්ටෙප් දෙන්නේ කම්පැනි එකක හොදම උන්ට. ඕවා අත ගෑවේ නැත්නම් සහදටම දිවලොප් තමා. සිස්ටම් එකක් මුල ඉදන් අගට ඉවර වෙනකන් හදන්න ඕනේ මචන් අපි. හරි එහෙම පටාන් ගනින්

    1. git එකේ repository එකක් හදල එකට උඩ වරක් ෂොප් වල ඔක්කොම ඩොකියුමන්ට් දාන්න ඕනේ. ඊට පස්සේ එකේ චේන්ජ් එකක් කරන්න ඕනේ නම් එකත් කරලා push කරන්න ඕනේ.

    2. මේ දොක්යුමන්ට් හදන විදි එක එක කම්පැනි එකට වෙනස. දල අදහසක් එන විදිහට හැදුවාම ඇති.

    3. workshop Item 5 සහ 6 කියන්නේ සාම්පල් ප්‍රොජෙක්ට් දෙකක් හදලා බලන්න මොකක්ද ඒ කියල. රියල් සොෆ්ට්වෙයාර් එක හදන්න තාම පටන් ගත්තේ නැ හොදේ.

    4. ඒ සාම්පල් ප්රෝජ්ස්ක්ට් දෙක repository දෙකක් හදලා දාන්න ඕනේ. අපි බලමු ඕකට devops ගාවලා වැඩේ දරුණු කරන්න ඊට පස්සේ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    මචං Java කෝඩ් කරන්න Intellij Idea එකේ Free version එක යූස් කරාට අවුලක් නැද්ද. මේකට හුරු වෙලා ඉස්සරහට අමාරුවෙ වැටෙයිද (Free version නිසා)
     
    • Love
    Reactions: ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මචං Java කෝඩ් කරන්න Intellij Idea එකේ Free version එක යූස් කරාට අවුලක් නැද්ද. මේකට හුරු වෙලා ඉස්සරහට අමාරුවෙ වැටෙයිද (Free version නිසා)
    මාත් ඔය අමාරුවේ දැන් වැටිලා තියෙන්නෙ.. Uni student ලට දෙන license එකෙන් මෙච්චර දවසක් premium එක use කරා.. සමහර premium features ඕනේ වෙනවා java dev වලදී.. එතකොට community ide එක case...

    මං දැන් eclipse ide එකට මාරුවෙන ගමන් ඉන්නේ.. ඒක open source නිසා බයවෙන්න දෙයක් නෑ intellij වල වගෙ.. Eclipse වලින් පටන්ගන්න ඒක හොඳයි කියලා හිතෙන්නේ.. Bt මං java expert කෙනෙක් නෙවේ, so take this advice with a grain of salt😁