John Player :: Gold Leaf

BlackWolf

Active member
  • Dec 30, 2011
    188
    68
    28

    ..:: john player (Gold leaf) ::..

    ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පල්ලියක් තිබ්බලු (මොන මී හරකෙක්ද මූ . රටවල් කීයක පල්ලි තියෙද ..
    හරි හරි පැනල දෙන්නෙපා ,ඉස්සෙල්ල අහන් ඉඳපන්) .
    ඉතින් ඔය පල්ලියේ වැඩ කරන්න සේවකයො ඉන්නවලු .අතුපතු ගාන්න ආදි නොයෙක් නොයෙක් වැඩ සඳහා තමයිලු ඉතින් ඉන්නේ .හැබැයි ඉතින් වැඩ කරන්න හිටපු ගොඩක් උන්ගෙ ඉතින් අකුරු සාස්තරේ ගැන දැනුම නම් හරිම ඉහලයිලු ,මෙලෝ රහක් නෑලු . ඉතින් ඔන්න දවසක් පල්ලියේ ෆාදර් කට්ටියගෙ අකුරු ලිවීමේ හැකියාව ගැන බැලුවලු වාක්‍යය එහෙම ලියන්න දීල .අනේ ඉතින් ඒ ගැන නම් කතා කරල වැඩක් නෑලු , කුජීතලු කට්ටියගෙ දැනුම .ඔය කුජීත කට්ටිය අතරෙම තමා අපේ කතා නායක ජෝන් ප්ලෙයරුත් ඉන්නෙ . ඉතින් ඔන්න ෆාදර්තුමා කල්පනා කරාලු මේ යක්කු මේ විදියට තියල හරියන්නෑ මුන්ගේ සුබ සිද්ධිය උදෙසා අකුරු සාස්තරේ පුරුදු පුහුණු කරන්න ඕන කියල .
    .
    ඒ පාර ඉතින් ෆාදර් මුන්ට (පල්ලියෙ ඉන්න සේවකයෝ ) උගන්නන්න කියල සැට් කොරාලු ගුරෙකුත් .එහෙම සැට් කොරල සේවකයො සැට් එකට මෙහෙම ඇමතුවලු .
    "මන් ඔබල සියලු දෙනාටම තව සති දෙකක් කල් දෙනව . තව සති දෙකක් ඇතුලත් ඔය හැමෝම ලියන්න කියන්න ඉගෙනගන්නෝන .ඔව් හැමෝම...එහෙම කාට හරි බැරි නම් මන් ඒ කෙනාව පල්ලියෙන් අයින් කරල දානව "
    .
    රස්සා නැති හින්ද පල්ලියෙ වැඩ කර කර හිටිය කට්ටිය ඉතින් ඔන්න පල්ලියෙ වැඩත් කරන ගමන් දැන් අකුරු සාස්තරෙත් එහෙම කාරිය ඉගෙන ගන්නවලු . හැබැයි ඉතින් අපේ කතා නායකයගෙ නම් ඔය ගැන සතපහකට වත් උනන්දුවක් නෑලු .ඌ ඉතින් ඔන්න ඔහේ මෙලෝ රහක් නැතුව වගේ ඉන්නවලු .මූට කොච්චර ඉගැන්නුවත් වැඩක් නෑලු . ඉගෙන ගන්න කිසිම උනන්දුවකුත් නෑලු . ගුරාත් සෑහෙන මහන්සි උනාලු ,ම්හු....... ඒත් වැඩක් නෑලු .
    .
    ඔන්න කෝමෙන් හරි සති දෙක ඉවර උනායින් පස්සෙ ෆාදර්තුමා කට්ටියගෙ ලිවීම් කියවීම් හැකියාව බැලුවලු . කතා නායකතුමා ජෝන් ප්ලේයර් , හැරුනම අනිත් උන් හොඳට ඉගෙනගෙනලු ලියන්න කියන්න එහෙම .
    ෆාදර් මුලින්ම කිව්වනේ අකුරු බැරි නම් එලෝනවයි කියල . ඉතින් ඔන්න කිව්ව වගේම මේ යකාව එලෙව්වලු පල්ලියෙන් .හැබැයි ඉතින් නිකම්ම යවන එක හිතට මදි වගේ හින්ද ,මාස කීපෙක පඩි සල්ලිත් දීල මුව යැව්වලු .
    .
    ඔන්න ඉතින් මූ දැන් කරන්න දෙයක් නැතුව මූණත් #ක කරගෙන #රි කාපු උගුඩුව වගේ යනවලු පාර දිගේ ඉබාගාතේ .ඔහොම යන අතරේ මෑන්ස්ට හිතුනලු සුරුට්ටුවක් ගහන්න . ගියාලු ලඟ තියන කඩේකට , සුරුට්ටු නෑලු ඒකේ .තව එහෙකට ගියාලු ,ඒකෙත් නෑ .ඔන්න තිබ්බ තව එහෙකට ගියා ඒකෙත් නෑ .දැන් ඉතින් පොරට මල ඕවර් ලු .ඇයි යකෝ රස්සාවත් නෑ ,ඒකෙ දුකට පොඩි සුරුට්ටු කෑල්ලක් බොන්න හැදුවම ඒකත් නෑ . පොරගෙ මොලේට ඔන්න කල්පනා උනාලු ව්‍යාපාරික අදහසක් . ලඟ පාත කඩවල් වල සුරුට්ටු නැති එකේ , උගේ ගාව මාස කීපෙක පඩි තියෙන එකේ , හරි හමන් රස්සාවකුත් නැති එකේ (නවත්තගනින්කො ඔය එක .මල වදේ .එකේ නෙවෙයි #කේ ) සුරුට්ටු බිස්නස් එකක් කරානම් හොඳයි කියල . ඉතින් ඔන්න ඔහොම පොඩියට පටන්ගෙන දිගටම ගියාලු සුරුට්ටු බිස්නස් එක .කාලයක් යද්දි මිනිහගෙ දාඩිය මහන්සියෙන් තව දියුණු වෙලා හැඩ වැඩ වැටිලා ඔන්න ඔය සුරුට්ටු ජාතිය දැන් කාලෙ ගොඩක් දුම් බොන උන් පාවිච්චි කරන සිකරට් ජාතිය වන ගෝල් ලිෆ් හැදුනේ .
    .
    මිනිහ ඉතින් බිස්නස් එකෙන් සෑහෙන දුර ගියාට මොකෝ තාම අකුරු බෑලු .මිනිහගෙ බිස්නස් වලින් ලැබෙන ඔක්කොම සල්ලි මිනිහ ලඟ ඉන්න සේවකයො ලව්ව බැංකුවට දානවලු .මොකෝ අකුරු සාස්තරේ නොදන්න එකා ඕව දන්නවයැ .
    ඉතින් මේ ජොනියගෙ බැංකු අකවුන්ට් එකට අසාමාන්‍ය විදියට සල්ලි එද්දි බැංකුවෙ මැනේජරය බැලුවලු මොකද කියල . එහෙම සල්ලි එද්දී බැංකුවෙනුත් හොයල බලන එක සාමාන්‍යයිනේ .ඉතින් මැනේජරය ජෝන් ට ලියුමක් යැව්වලු වහාම හම්බෙන්න එන්න කියල .ලියුම ලැබුනට මොකෝ ජෝනා ගනන් ගත්තෙ නෑලු . මැනේජරය තව පාරක් යැව්වලු තව ලියුමක් .ඒකට කිසිම ප්‍රතිචාරයක් නෑලු .දැන් ඉතින් බැංකුවෙ මැනේජරයට මලම පැනල රතු නිවේදනේ දුන්නලු , මේ වතාවෙවත් හම්බෙන්න ආවෙ නැතොත් එකවුන්ට් එකට බබා හම්බෙයි කියල .
    .
    මෙච්චර ලියුම් එවන්නෙ බැංකුවට වැරදිලාද කියල බලන්න ඔන්න තුන්වෙනි වතාවෙ ලියුම ලැබුනට පස්සෙ ජෝන් ගියාලු බැංකුවට . ඉතින් ඔහොම ගිහින් ඒ කටයුතු ගැන කතා කරද්දි මැනේජරය ඇහුවලු ,
    "මන් තමුන්ට තුන් පාරක් ලියුම් එවනකන් මොකද බලන් හිටියේ ...? " කියල .
    එතකොට ජෝන් කියනවලු ,
    "මන් මෙච්චර ලොකු ව්‍යාපාරයක් කරත් මට ලියන්න කියන්න බැහැ මහත්තයෝ .ඒකයි මන් වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ කියලා .. "
    ඒ පාර මැනේජරය මෙහෙම කියනව .
    "බලනව අයිසේ ,හරියට අකුරු ඉගෙනගත්ත නම් තමුසෙට මෙහෙම වෙන්නෙ නෑනේ.. "
    අනේ ඉතින් ජෝන් එතකොට කිංඩි සිනාවක් දාල කියනවලු
    "හික්...... අකුරු ඉගෙන ගත්ත නම් මහත්තයෝ මන් තාමත් පල්ලියේ ... "
    .

    පැනියගෙ පරන පෝස්ට් එකක්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    good post
    හැකියාවත්, වාසනාවත්, උත්සාහයත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Gold Leaf වල ඇඩ් එකක් තිබුනා මතකද මුහුදෙ මැද්දෙ නැවක සීන් එකක්, පුලුවන් එකෙක් ඒක හොයලා දියල්ලකො..:)
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Gold Leaf වල ඇඩ් එකක් තිබුනා මතකද මුහුදෙ මැද්දෙ නැවක සීන් එකක්, පුලුවන් එකෙක් ඒක හොයලා දියල්ලකො..:)

    ow ban patta add eka..mama hithanne 91 wage giye