නෑ! මේක!
http://www.elakiri.com/forum/showpost.php?p=18841036&postcount=241
+++++++++++++++++++++++++++++++++++++++++
නෑ..
මුලදීම කරන්න තිබ්බේ සෘජුව මෛත්‍රීට සපෝර්ට් කරන එක...
උන් මහින්ද එපා කියා කියා ගියා මිසක් සෘජුව මෛත්‍රීට සපෝර්ට් එක දුන්නේ නෑ..
එහෙම කරානං උන්ට UNP ඡන්ද බේස් එකත් එක්ක මිශ්‍ර වෙන්න තිබ්බා..
එහෙම්මම ඇමතිකම් දෙක තුනක් අරන් දැනෙන්න වැඩක් කරානං ඔයිට වඩා ඡන්ද පදනමක් උන්ට හදාගන්න තිබ්බ..
තනි JVP ඡන්ද නෑ.. උන්ට එච්චර දේශපාලන ශක්තියක් නෑ.. එක මුලින්ම උන් තෙරුම් ගන්න ඕනේ..
පුද්ගලයෝ වශයෙන් JVP කාරයන්ට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්ද වැටෙන්නේ නෑ.. මොකද පක්ෂයක් විදිහට උන් අන්ත දුර්වලයි...
SLFP එකෙන් පැනපු උන් ඔය ගතියට UNP ඡන්ද බේස් එකට මිශ්‍ර උනේ...
එකම තමයි JVP එකට කරන්න තිබුනේ..උන්ට හොදම චාන්ස් එක ලැබුනේ ජනාධිපතිවරණේ කාලේ.. ඒ දවස්වල උන්ගේ පාර ගානට කපාගෙන ඇවිල්ල මේ ඡන්දේදී UNP එකට හේත්තු උනානං අවම තව 10-12කට වත් ඇතුලට එන්න තිබ්බ... එහෙම ඇවිල්ල ඇමතිකම් 5ක් ගත්තනං අන්න ප්‍රායෝගිකයි..
උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ...
ආණ්ඩුවේ ඇමතිවරු 100ක් ඉන්නවා..
උන් එකා කෝටිය ගානේ හොරකම් කරා කියපන්කො..
එතකොට හොරකම කෝටි 100යි..
නමුත් ඔතනින් JVP එකට ඇමතිකම් 5ක් අරන් ඒ අමාත්‍යංශ වල හොරකම නවත්තන්න පුළුවන් උනොත් එතනම රටට කෝටි 5ක් ඉතුරුයි...
එතනම රටේ හොරකම 5% අඩුවෙලා...
නමුත් JVP උන් කරන්නේ එක නෙමේ.. උන් කරන්නේ අරුන් හොරකම් කරන කෝටි 100 ගැන කියා කියා වේදිකා වල කෑගහන එක විතරයි...
උන් කෑගහහුව කියල උන් හොරකම් කරන එක නවත්තන්නේ නෑනේ..
එක නතර කරන්න ඕනෙනං කරන්නේ ඕනේ තමන් ඒ තැනට ඇවිත් එක නවත්තන්න ඕනේ..
තමන්ට ඒ තැනට එන්න තනියම බැරිනං එතෙන්දි උපක්‍රමශීලී වෙන්න ඕනේ..
මුන් කරන්නේ අපිට සන්ධාන එපා අපිට ඇමතිකම් එපා කියල ඔළුව උදුම්මන්, අරුත් හොරා මූත් හොරා කියල සේරටම බැන බැන ඉන්න එක විතරයි..
කෑගහල ඡන්ද ගන්න පුළුවන් කාලයක් නෙමේ මේක..
මේ පාර වගේ චාන්ස් එකක් උන්ට ආයේ එන්නෙත් නෑ..
මේක තමයි JVP එකට ගේමක් ගහන්න තිබ්බ හොදම අවස්ථාව..
UNP එකත් එක්ක සෙට් වෙලා මේ ගෙවිච්ච මාස 9ක ගමන උන් ආවනං උන්ට සෑහෙන්න ප්‍රගතියක් අරගන්න තිබුණා...
ලොකුකම පැත්තකින් තියල ඡන්ද රැල්ල දිහා බලල තව නම්‍යශීලී උනානං 20කටවත් ඇතුලට යන්න තිබ්බ අනිවාර්යයෙන්..
එකයි මම කලිනුත් කිව්වේ දේශපාලන බුද්ධියෙන් උන් මොට්ටයි කියල..
හරි තැනදී හරි පාර තෝරාගන්න උන් අදක්ෂයි..
දුරදීම පාර්ලිමේන්තු මැතිවරණේ දිහා බලල ඒකට උචිත ගමනක උන් ආවේ නෑ..
එකේ ප්‍රථිපලේ තමයි ඔය අද දැක්කේ..
සීට් 4යි.. ජාතික ලැයිස්තු දෙක එක්ක 6යි..
~ Thanujaka ~