JVP_පසුබැසීම_ඔබේ ඇසින්

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
මම හිතන විදියට මේකයි උනේ JVP උන් කලේ metting වල මහින්දට attack එක.එක බලන්න ගොඩක් unp උන් ආව කතා අහුවා නමුත් උන් unp එකට වෙඩිපුර attack කරපු නැති නිසා අර බලන්න ආපු සහ කතා අහපු UNP කාරයව වෙනස් කරන්න බැරි උනා උන් කතා අහලා බලලා ගිහින් ගැහුවා අලියට කතිරෙ. එවගෙම media වලත් වැඩිපුර පෙන්නුවෙ උන් එක එකාට බැන්න එවා මිසක් උන් කරන්න ඉන්න දෙවල් නෙමෙ.එකනිසා මතයක් අවා jvp එකට පුලුවන් විවෙචනය කරන්න විතරයි වැඩ බැ කියලා
 

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,606
    113
    1980 gananwala indhala 5%(+/-1,2,3,4) withara thamai chanda padanama.- JVP wage pakshekata lankawe thiyana ida oka thamai.

    Some examples:

    1982 Sri Lankan presidential election:
    Rohana Wijeweera Janatha Vimukthi Peramuna 273,428 4.19%

    PARLIAMENTARY GENERAL ELECTION - 1994 HAMBANTOTA DISTRICT:
    JVP( As Sri lanka progressive front) 13,539 6.2%

    Presidential Election 1999:
    Mr. M. D. Nandana Gunathilaka 344,173 4.07%

    PARLIAMENTARY GENERAL ELECTION - 2000:
    JANATHA VIMUKTHI PERAMUNA JVP 518,774 5.99%

    PARLIAMENTARY GENERAL ELECTION - 2001:
    Janatha Vimukthi Peramuna 815,353 9.10%

    LOCAL AUTHORITIES ELECTIONS - 20.05.2002 COLOMBO MUNICIPAL COUNCIL:
    Janatha Vimukthi Peramuna 9,967 4.21%

    Parliamentary General Election – 2010
    Democratic National Alliance(JVP+SF) 441,251 5.49%

    Provincial Council Elections 2014 Western Province:
    People's Liberation Front 156,208 6.11 %

    General Election 2015:
    JVP 543,944 4.9 %
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,606
    113
    Presidential Election 1999: JVP
    නන්දණ ගුණතිලක 344,173
    Parliamentary General Election 2015: UNP
    නන්දණ ගුණතිලක 31,367


    Gunaratnam, Somawansa, Wimal, Nandana, Jagoda, S. Samarasinghe, Wijenayaka, Weerakumara, Ajith kumara, Nagamuwa, Polgampola, Dimuthu Attygala, Chameera Koswatta, Waruna Rajapaksa..etc
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    Presidential Election 1999: JVP
    නන්දණ ගුණතිලක 344,173
    Parliamentary General Election 2015 UNP:
    නන්දණ ගුණතිලක 31,367
    නන්දන ගුනතිලක පාර්ලිමේන්තු තේරුනාද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,606
    113
    හඳුන්නෙත්ති ගෙදර ඇරියේ කවුද ?


    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට හැකිවුණේ නැත. ඒත් සමඟම සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව හඳුන්නෙත්ති මහතා ගැන වැගිරෙන අනුකම්පාවෙන් සහ ඡන්දය නොදුන් මෙන්ම වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය දුන් ජනතාව කෙරෙහි කෝපය, පිළිකුල සහ වෛරය හැඟවෙන ප්‍රකාශ, පෝස්ටර සහ පිටු පවා ජවිපෙ හිතවාදීන් විසින් නිර්මාණය කරන්නට යෙදිණි. බොහෝ මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේම්න්තුව තුළ ක්‍රියාශීලී චරිතයක් වූ බව සැබෑය. නමුත් මෙසේ කුලප්පු වී ජනතාවට බැණ වදින සාප කරන අය හඳුන්නෙත්තිට මුහුණ දෙන්නට වූ සැබෑ තත්වය කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැත.

    සුනිල් හඳුන්නෙත්ති වසර ගණනාවක් තිස්සේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි. ඔහුට කොළඹ දිස්ත්‍රික්කයෙහි යම් ඡන්ද පදනමක් තිබුණු අතර මෙවර මැතිවරණ ව්‍යාපාරයෙන් නාගරික තරුණ පරපුර සෘජුව ම ඉලක්ක කර තිබුණු බැවින් ඔහුට මෙතෙක් ජවිපෙට නොලැබ්ණු අමතර ඡන්ද යම් ප්‍රමාණයක්ද රැස් කර ගැනීමට අවකාශ තිබිණි. එහෙත් ඔහුට තරඟ කිරීමට සිදුවූයේ මාතර දිස්ත්‍රික්කයෙනි. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයට මාරු වූ නිසාය.

    අනුර කුමාර දිසානායක වසර ගණනාවක් තිස්සේ නියෝජනය කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඔහුගේ එතෙක් පැවති ඡන්ද පදනමට අමතරව පක්ෂ නායකයෙක් ලෙස මෑත කාලීනව අත්කරගත් විශේෂ ආකර්ශනයද, එජාපයෙන් ප්‍රමුඛ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කෙරුණු, එතරම් කැපී පෙනෙන චරිතයක් නොවූ අකිල විරාජ්ගේ වාසියද ලබාගෙන ආසනයක් කුරුණෑගලින් දිනා ගන්නට හැකිව තිබුණි. එමෙන් ම මැතිවරණ වේදිකා සහ ඒවායින් කපා ගත් යූටූබ් වීඩියෝ වන්හි ඔහු නිතර සිංහ නාද කළ පරිදි "රාජපක්ෂ මහත්තයෝ, එහෙනම් හැප්පිලා බලමු!" යන්න මහපොළවෙහි කර පෙන්වන්නට තිබුණි. එසේ වූවා නම් එජාප ඡන්ද යම් ප්‍රමාණයක් ඇදගැනීම ඔහුට ඉතා පහසු කාර්යයක් වන්නට තිබිණි. දක්ෂ කථිකයකු හා පක්ෂ නායකයකු වූ නමුත් කයිවාරුවෙහි පමණට ධෛර්යය නොමැත්තෙකු වූ හෙයින් ඔහු ආරක්ෂිත කොළඹ බලා පසු බසිනවා විනා යම් අවදානමක් ගෙන අභියෝග කරන්නට ගියේ නැත. ඔහු පමණක් නොව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ලාල්කාන්ත මහතාද මෙවර කොළඹට මාරු වී තිබුණේ කොළඹින් ආසන දෙකක් ලැබේයැයි බලාපොරොත්තුවෙනි.

    තමා වසර ගණනක පදනමක් සහිතව සිටි දිස්ත්‍රික්කයෙන් පිටමං කර ජවිපෙ තරු ගුණයෙහි වාසිය පමණක් ඉලක්ක කර මාතර දිස්ත්‍රික්කයට පිටමං කෙරුණු සැබෑ හේතුව වසන් කරමින් පරාජයෙන් පරළ වූ ජවිපෙ හිතවාදීන් ස්වකීය අන්ධ ස්වභාවය මනාව පෙන්වන්නට වූහ. ඔවුන්ට මුලින් හසු වුණේ ගීතා කුමාරසිංහ සහ නිශාන්ත මුතුහෙට්ටිගම පාර්ලිමේන්තු යැවූ ගාල්ලේ ජනතාවයි. නොයෙකුත් නින්දා අපහාසයන් ගාල්ලේ ජනතාවට එල්ල කරද්දී ඔවුන්ට මඟ හැරුණේ ගාල්ලේ ජනතාවට වුවමනාවක් තිබුණද මාතරින් ඉදිරිපත් වූ සුනිල් හඳුන්නෙත්තිව පාර්ලිමේන්තු යැවීමට බැරි බවයි.

    කටින් පමණක් බතල කොළ හිටවනා, පාර්ලිමේන්තුවේ සහ වේදිකා මත ලොරිටෝක් මගින් පමණක් අභියෝග කරනා අනුර කුමාර දිසානායක නම් පක්ෂ නායකයා නිසා හඳුන්නෙත්තිට පාර්ලිමේන්තු වරම අහිමි වූ බව නොකියන ජවිපෙ හිතවාදියෝ දැන් ඔහුව ජාතික ලැයිස්තුවට නම් කරන්නැයි කියමින් ආයාචනා වපුරති. එහෙත් එතැනද පරහක් තිබේ. ආසියාවේ හොඳම ජාතික ලැයිස්තුව ලෙස වරනඟමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන්ගෙන් පිරවූ ජාතික ලැයිස්තුවේ අරමුණු ඉටු වන්නේ පරාජිත මන්ත්‍රීන් පාර්ලිමේන්තු යැවීමෙන්ද යන පැණය ජනතාව හමුවට එන බැවිනි. පර්සක්වල ගසා කියූ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ඉන් ප්‍රශ්න කෙරෙනා බැවිනි.


    - http://lankadaily.com/latestnews/item/8697-2015-08-19-13-59-40
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    සුනිල් හඳුන්නෙත්ති මාතර දැම්මෙ මාතර හඳුන්නෙත්තිගෙ ගම නිසා. අනික දකුනු පලාත් සභා චන්දෙදි මාතර වැඩිපුර චන්ද වැටුන එකත් බලල.

    අනුර ලාල්කාන්ත කොලඹට මාරුවුනේ උගත් මිනිස්සු වැඩිපුර ඉන්නෙ කොළඹ ඒ අයගෙ චන්ද ගන්න මිසක් වෙන කාරනාවකට නෙම්යි. ගම්පහටත් ඒ කතාව අදාලයි බිමල් රත්නායකව දැම්මෙත් බස්නාහිර උගත් මිනිස්සු වැඩි නිසා. ඒත් සිද්දවුනේ වෙන දෙයක්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සංවාද නෙවි මම ඇහුවේ. ප්‍රයෝගික උදාහරණ ගැන.

    ලෝකේ කොහෙවත් දුෂණය කියන එක සම්පුර්ණයෙන් නැති කරලා නැහැ. නැති කරන්නත් බැහැ. බටහිර සමහර රටවල්වල, ජපානය වගේ රටවල්වල දුෂණය අවම කරලා තියෙනවා. එක සමාජවාදය/මාක්ස්වාදය තුලින් නම් නෙවි.

    දූෂණ ප්‍රශ්ණයක් මෙතෙන්ට අදාලම නෑ ... මම කිව්වෙ අනාගත වමක් හදන්න ඕන කරන සංවාදයක් ගේන්න ඕන කියන එක ... සංවාද විසංවාද වලින් තමයි දැනට තියෙන අදහස වඩාත් දියුණු තැනකට ගෙනියන්න පුළුවන්

    කවුද දැන් දූෂනය නැතිකරන්න සමාජවාදෙ ගේනව කිව්වෙ? වලිගෙන් අල්ලගෙන බෙරිහන් දෙන්න එපා.

    මහ බයිය පරාද වුන එක ඔක්කොටම වඩා වටිනව

    :lol:
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    01 අනිත් උන්ට බැන බැන බොරු චෝදනා කර කර ඉන්න එක නවත්තන්න
    02 කැම්පස් වල දේශපාලනේ නොකර ඒ ලමයින්ට ඉන්න දෙන්න
    03 පාරවල් හරස් කරන් මරාගෙන මැරෙන උද්ගෝශන නවත්තන්න
    04 පාට වෙනස් කරල නමත් වෙනස් කරගන්න
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    01 අනිත් උන්ට බැන බැන බොරු චෝදනා කර කර ඉන්න එක නවත්තන්න
    02 කැම්පස් වල දේශපාලනේ නොකර ඒ ලමයින්ට ඉන්න දෙන්න
    03 පාරවල් හරස් කරන් මරාගෙන මැරෙන උද්ගෝශන නවත්තන්න
    04 පාට වෙනස් කරල නමත් වෙනස් කරගන්න

    uba kiynne JVP ekatath aluthen pana demu kiylada :lol::lol::baffled::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Presidential Election 1999: JVP
    නන්දණ ගුණතිලක 344,173
    Parliamentary General Election 2015: UNP
    නන්දණ ගුණතිලක 31,367


    Gunaratnam, Somawansa, Wimal, Nandana, Jagoda, S. Samarasinghe, Wijenayaka, Weerakumara, Ajith kumara, Nagamuwa, Polgampola, Dimuthu Attygala, Chameera Koswatta, Waruna Rajapaksa..etc

    නන්දණ ගුණතිලක kiynne jeppekda issara :oo:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය කවුරු මොනවා කිව්වත් අනුරගේ වචනෙන්ම කියනවා නං (මේක තමයි මාත් හිතන්නේ)

    පරදින්න පලවෙනි හේතුව තමයි කඳවුරු දෙකක් අතර ප්‍රබල ගැටුමක් තිබ්බ , එතකොට තුන් වෙනි පාර්ශවයට අවධානය ටිකක් අඩුයි !

    දෙවැනි හේතුව තමයි ජවිපෙ පෙනී හිටින්නේ , ආණ්ඩුවක් පෙරලන්න / පිහිටවන්න , නෙවෙයි. මේ මුළු සමාජ/ආර්ථික පද්ධතියේම පරිවර්තනයක් වෙනුවෙන් . ඉතින් එහෙම පක්ෂයකට එකවර ජනතාව අතරට යන්න අමාරුයි !

    ***********
    ඔන්න ඔය හින්දම තමයි මුල ඉඳලම ජවිපෙට ඡන්දේ නොදුන්න අයත්(සමහරු) ඡන්දෙන් පස්සේ බොරුවට හරි කියන්නේ මම ජවිපෙට දෙන්න හිතාගෙන හිටිය කියල .. මොකද මිනිස්සු(හෘද සාක්ෂිය) දන්නවා ඒ පැත්ත තමයි හරි පැත්ත කියල

    ජවිපෙ කිසි වරදක් නෑ බන් .. :) ජවිපෙ පරාදත් නෑ :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකක් තමයි වමෙ පක්ෂයක් විදියට JVP එක ධනවාදයට එරෙහි සටනක් කරනව වෙනුවට කාලෙන් කාලෙට එන සිල්ලර ප්‍රශ්ණ පාවිච්චි කරල බලයට එන්නෙ කොහොමද කියල තමයි බැලුවෙ. එක කාලෙකට අන්ත වාමාංශික අදහස්, තව කාලෙක ජාතීවාදී වෙනව, තව කාලෙකට බුද්ධාගමත් මේකට ගාවගන්න පුළුවන්ද බලනව, තව කාලෙකට අති දක්ෂිණාංශ පැත්තකට යනව. දේශපාලන අර්ථයකින් කිව්වොත් JVP එක සුනිල් පෙරේරගෙ සංස්කෘතියට ගිහිල්ල (සුනිල් පෙරේර කියන්නෙ නිකන් සිල්ලර චරිතයක්) තව විදියකට කිව්වොත් ජනප්‍රිය සංස්කෘතියට ගිහිල්ල (popular culture) එහෙම නැත්තන් සුපර් ස්ටාර් වේදිකාවක් වෙලා. කිසිම බුද්ධිමය සංවාදයක් නෑ දැන් පක්ෂෙ ඇතුළෙ. සමන්ත විද්‍යාරත්න සහෝදරයම එක වෙලාවක කිව්ව අපිට ඉන්නෙ ප්‍රේක්ෂකයො විතරයි කියල. මිනිස්සු දන්නව ධනවාදයෙ තියෙන කුණු ටික රස කරල අහන්න ඕනනම් කා ළඟටද යන්න ඕන කියන එක.

    මේ වැඩෙන් වෙලා තියෙන්නෙ ප්‍රධාන අරමුණට කැමති නැති මිනිස්සු ටිකක් ආකර්ෂණය වෙච්ච එක. දැන් JVP එක වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු දිහා බැලුවම පේන දෙයක් තමයි ඒ ගොල්ලන්ට ඕන ධනවාදී JVP එකක් හදනනෙ කොහොමද කියන එක. ඒ කියන්නෙ දූෂණය වංචාව නැති ධනෙෂ්වර නීතිය පිළිගන්න JVP එකක්. ප්‍රශ්ණෙ තියෙන්නෙ ධනවාදය ඇතුළෙ එහෙම එකක් කවදාවත් හැදෙන්න විදියක් නෑ.

    දැන් මේ ෆේස් බුක් වගෙ සෝෂල් මීඩියා පැත්ත බැලුවම පේන දෙයක් තමයි ගොඩක් පිටරටවල් වල එහෙම වැඩකරන අය තමන්ට ගොඩක් වැඩ කරල ස්ට්‍රෙස් උනාම ආතල් එකක් ගන්න පොඩ්ඩක් JVP එවුන් කියන කතා එහෙම ශෙයා කරල බලාපොරොත්තු වෙනව අපි වෙනුවෙන් කට්ට කාගෙන උන් වැඩේ කරයි, අපිට තියෙන්නෙ මෙහෙට වෙලා ආතල් එකේ බලන් ඉන්න කියල. එහෙම නැත්තන් ලංකාවෙ ඡන්ද අයිතිය නැති අය තමයි ඔන්ලයින් කැම්පේන් වල වැඩි හරියක් ඉන්නෙ.

    තරුණ කාලෙදි විප්ලවවාදියෙක් නොවන මිනිහත්, මහළු කාලෙදි විප්ලවවාදියෙක් වෙන මිනිහත් කියන දෙන්නම මෝඩයෝ කියලා කතාවකුත් තියෙනවනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියල.

    PS: අවසාන වශයෙන් කට්ටියක් කියාගෙන යනව දැක්ක මිනිස්සු ප්‍රතිපත්ති බලලනම් ඡන්දෙ දෙන්නෙ ... ගීතයි, මුතු හෙට්ටියි, චොකා මල්ලියි දින්නෙ කොහොමද කියල. ප්‍රධාන පක්ෂ දෙකටම මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ගොඩක්ම පුද්ගලික ප්‍රථිලාභ බලාගෙන, අඩුගානෙ ඒ මිනිහගෙ පවුලට නෑදෙයෙක්ට දන්න කියන කෙනෙක්ට වෙච්ච වාසියක් නිසා අනාගතයෙ තමන්ටත් දවසක ඒ වාසිය ගන්න බලාගෙන එහෙම නැත්තන් වහල්ලු (සමහරු ඉන්නව මහින්දගෙන් පොලු පාරක් කෑවත් සැපයි කියල හිතන කට්ටිය). ඒත් ජනතා විමුක්ති පෙරමුණට මිනිහෙක් ඡන්දයක් දෙන්නෙ තමන්ට මුකුත් ලැබෙයි කියල හිතල නෙවෙයි.

    ජවිපෙ වෙනුවෙන් හැදුනු මේ අලුත් ඡන්ද පදනම හැදිලා තියෙන්නේ ඉතින් දුෂණයෙන් වංචාවෙන් තොරයි කියන එක මත තමයි . සමහර මිනිස්සු වමේ පක්ෂයක් හැටියට ජවිපෙ දකින්නේ නැති වෙන්න පුළුවන් මේ වෙලාවේ. එත් ඉතින් එහෙම බලයට ඇවිල්ල ජවිපෙට තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැයිද ? :nerd:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මේ චන්දෙදි මිනිස්සුන්ට තිබුණු උනන්දුව කොච්චරද කියනව නම් මිනිස්සු ප්‍රධාන පක්ෂ ධාරා දෙකට සීමා උනා ගොඩක්ම.එහෙම හිතලම නොකලත්, එහෙම කරන්න උනා.මොකද මචන් මේ සැරේ චන්දෙ දාන්න පාක්ෂිකයෝ දෙගොල්ලොන්ගේම ලොකු ගැම්මක් තිබුන.
    1. UNP කාරයෝ ගිය සැරෙත් දින්න නිසාත්,මෙච්චරකල් පරාදවෙලා ඇතිවෙලා හිටිය නිසාත්,දෙකට කැඩිලා තිබුණු පක්ෂේ දැන් හොද අගමැති කෙනෙක් යටතේ ඉතා ශක්තිමත්ව තියෙන නිසාත්,කොහොම හරි මහින්දව පරද්දල ගෙදර යවන්න ඕන නිසාත් අලියට ගැහුවා. මෙතනින් සමහර අයට UNP එකේ වැඩ ගැන,ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න තිබුනත්, මහින්දගේ ප්‍රශ්නේ හින්දම,(JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) අලියට ගැහුවා.
    2.පෙරමුණු කාරයෝ SLFP , MY3 ගැන කවර මතවාද තිබුනත්,මහින්ද නැවත කොහොම හරි දිනවන්න ඕන නිසාත්, (හෝ මහින්දට අකමැති උවත්, කොහොමහරි UNP එක පරාදකරන්න ඕන නිසාත් , JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) බුලත් කොලේට ගැහුවා.

    මගේ point එක මේකයි.සාමාන්යෙන් දියුණු රටක නම් ප්‍රධාන පක්ෂ 2ක් හොදටම රටට ඇති.එත් ලංකාවට නම් අනිවා 3ක් තියෙන්නම ඕන. මොකද හදිස්සියේ සම්පුර්නෙන්ම UNP +SLFP ආණ්ඩුවක් අවොත්, දෙගොල්ලොම පරදවෙයි කියන බය නැතිකම නිසා එකවගේ පිස්සු කෙලින්න පටන්ගෙන රට නැත්තටම නැති වෙන්න පුළුවන් නිසා.(දෙයක් කියන්න ඕන.මම ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ද නෑ.එක හොද විදියට කලොත් ගොඩක් හොදයි රටට.එත් වැරදිලා ගියොත් මෙහෙම වෙන්නත් බැරි නෑ ). ඒ නිසා ශක්තිමත් JVP 1ක් අනිවා තියෙන්න ඕන.
    එත් මචන් මේ හතු පිපෙන්න වගේ පොඩි පොඩි පක්ෂ කෑලි පටන්ගන්න එක නම් මෝඩ වැඩක්.ඒක වැඩකට නැති දෙයක්,එහෙම කවුරුහරි කරන්න හැදුවොත් වැඩක් වෙන්නේ නෑ කියන එක මේ චන්දෙ ප්‍රතිපල වලින් මේ සැරේ රටට පෙන්නුවා. ඒක මිට කලින් මැතිවරණ ඉතිහාසේ වෙලා නෑ . හෙළ උරුමේ අවා,පාර්ලිමන්ට් ගියා. ..... තව මේවගේ පොඩි පක්ෂ අලුතෙන් හදාගෙන කොච්චරනම් ලංකාවේ මැතිවරණ ඉතිහාසේ උදාහරණ තියෙනවද. හැබැයි මේ සැරේ කලින් චන්ද ලක්ෂ 48 ක් ගනිපු රට පෙරගත්තු යුධ වීරයාව මිනිස්සු පාර්ලිමන්ට් යැව්වේ නෑ කියන්නේ, බොදුබල සේනාව ගැන කවර කතාද.
    ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ දේශපාලනේ මිනිස්සු අලුත් පොඩි පක්ෂ හදාගෙන එන්න බයවෙයි.
    ලංකාවට මේ පක්ෂ 2 හොදටම ඇති. වැඩි උනොත් අච්චාරුවක් වෙනවා. මේ පක්ෂ 3ම කරට කර වගේ ශක්තිමත් වෙනවා නම් මම කැමති. හැබැයි මම UNP කාරයෙක්. වැරද්දට වැරැද්ද කියල කියන්න පුළුවන් කොන්දක් තියෙන UNP කාරයෙක්.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කටින් පමණක් බතල කොළ හිටවනා, පාර්ලිමේන්තුවේ සහ වේදිකා මත ලොරිටෝක් මගින් පමණක් අභියෝග කරනා අනුර කුමාර දිසානායක නම් පක්ෂ නායකයා නිසා හඳුන්නෙත්තිට පාර්ලිමේන්තු වරම අහිමි වූ බව නොකියන ජවිපෙ හිතවාදියෝ දැන් ඔහුව ජාතික ලැයිස්තුවට නම් කරන්නැයි කියමින් ආයාචනා වපුරති
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කටින් පමණක් බතල කොළ හිටවනා, පාර්ලිමේන්තුවේ සහ වේදිකා මත ලොරිටෝක් මගින් පමණක් අභියෝග කරනා අනුර කුමාර දිසානායක නම් පක්ෂ නායකයා නිසා හඳුන්නෙත්තිට පාර්ලිමේන්තු වරම අහිමි වූ බව නොකියන ජවිපෙ හිතවාදියෝ දැන් ඔහුව ජාතික ලැයිස්තුවට නම් කරන්නැයි කියමින් ආයාචනා වපුරති

    ඡන්දයට පෙර ජය තහවුරුයි කියූ , මීළඟ ආණ්ඩුව නිල් පාටයි කියූ , අප්පච්චි නැගිටිනවායි කියූ බයියන් අද අප්පච්චි අනාත වූ විට ඔහුව අමතක කොට , ජවිපෙ පිලිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන බව විහිලුවට කරුණකි !
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කටින් පමණක් බතල කොළ හිටවනා, පාර්ලිමේන්තුවේ සහ වේදිකා මත ලොරිටෝක් මගින් පමණක් අභියෝග කරනා අනුර කුමාර දිසානායක නම් පක්ෂ නායකයා නිසා හඳුන්නෙත්තිට පාර්ලිමේන්තු වරම අහිමි වූ බව නොකියන ජවිපෙ හිතවාදියෝ දැන් ඔහුව ජාතික ලැයිස්තුවට නම් කරන්නැයි කියමින් ආයාචනා වපුරති

    Puka denne nethuwa, appachchiata mokada une kiyala hoyala balapan.