අදටත් නින්දක් නැති ෆිල්ටර් නැති මතකයන්
මතටත් තිතක් නැති හිතුවෙවත් නැති වියමන්
රිවර්ස් වදින්නැති ගියර් වැටෙන්නැති පල්ලම් නැති
සිතියම් නැති සිතුවිලි අන්තිම හුස්මට ණයගැති
කාලය මැන්නේ සිවිලිමක් නැති වහල දෙස බලා
සැපයි කියලා හිතලා මෙමට නිදාගන්න එපා වෙලා
යන්නට මට තැනක් නෑ කරන්නට දෙයක් නෑ
දිව්‍ය ලෝක ඕන නෑ අපායට බයත් නෑ
දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
දුමක සුවඳ දුකක නිවෙන කැපි කැපි කැපි යාවෙන
යන්න නො එන ගමන තෙක් පරම සත්‍ය සැඟවෙන
පටබැඳි නම කඩවරගම වටේම බොරු මවාපාන
දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳි කල් හි
ලෝකය තනි යායකි සවණක් ගණ රැස් නැති
පවට පිනදි මම ද මැදිවී ස්වාර්ථයට කිමිදී
උඹට මතක ද එදා මම විතරද වැරදී
යක්ෂ වේශ සංක්‍රාන්ති පාවා දී පියවි දෑස
මිට මොළවා සිටගෙන දිවුරනවා ගනු හුස්ම පිණිස
පාපයක් වෙන්නෙම නැත අනිවා ශාපයක් වුණත්
උඹේ සෛල මරනවා මම නැවත මොනවා මට වුණත්
ඇත්ත තිත්තක් වුණත් කාට කෙසේ තෙරුණත්
ප්‍රශ්න එක පිට එක එකින් එකට විසඳුවත්
මුල මැද අග පැටළුණ විට ඇතුළත ගිනි පැසවන විට
කෝ දෙවියන් කෝ මගේ හෘද සාක්ෂි පුපුරන විට පිට පිට..........
දුහුවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්?
ළතැවුල් මාරුතෙන් සැඟවිය්වත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
විය යුතු මොහොතකින් ගැලවීදෝ දෙවියන්ගේ බාරයෙන්?......