සමහරු බැනලා තිබ්බා නරක ගැනම කියන්නෙ හොද ගැන කියන්න කියලා...ඔන්න එහෙනම් වාහනේ හොද...
ඇපියරන්ස් රිවීව්
1) ඒ සි එක හෙන ගහන්න වගේ තියෙනවා.....
2) වාහනේ ඉස්සරහ පොඩි ජීප් වගේ ලුක් එකක් තියෙනවා
3) ඇතුලෙ ඩෑශ් බෝඩ් එක සහ සෙට් අප් එක ලස්සනයි..
ටෙක්නිකල්
සමාන්යෙන් ටෙක්නිකල් පැත්තෙ හොද කියන්නෙ කොහොමද මේකෙ ??? 40 වගේ යනකොට හොද ස්මූත් රන් එකක් තියෙනවා...මට නම් මේක විතරයි ටෙක්නිකලි දැනුන හොද...ABS වත් එයාර් බෑග් වත් නැතුව අඩුම වයර් කෑලි ටික කවර් වත් නොකර කොහොමද ටෙක්නිකල් හොද පැත්තක් දකින්නෙ ???
හොදකට දකින්න තියෙන්නෙ ස්ටාට් කරලා එක්සලරේට් කලාම වාහනේ ඉස්සරහට යනවා රිවස් එක දාලා එක්සලරේට් කලාම පස්සට යනවා කියලා විතරයි....මේ වාහනේ ඇත්තටම ඉන්දියාවට හොදයි ලංකාවට සුදුසු වෙන්නෙ කොහොමද මිලත් එක්ක ..එතකොට තව දෙයක් තමා මේක යූස් කරනවා නම් යූස් කරන්න හොද මේ වගේ අයට
වැඩිය වාහන තදබදයක් නැති පැති වල අයට
හෙමින් 40 ට ගියාම ඇති කියලා හිතෙන අයට
පවුලේ 3 වෙනි වාහනේ විදියට
හවසට පොඩි රිලැක්ස් වෙන්න කොහේ හරි යන අයට
මේක හරියන්නෙ නෑ රථගාය තියෙන අයට වාහන කැඩෙන්නෙ නෑ කියලා හිතන අයට වාහනේ ලෙඩ වෙනවට අකමැති අයට කැඩුනම ගරාජ් වල රස්තියාදු වෙන්න බෑ කියලා හිතෙන අයට වාහනේ ගැන උනන්දුවක් නැති අයට
තව දෙයක් - වාහන කැඩුනම බිදුනම හැප්පුනාම හදාගන්න බැරි අය වාහන ගන්න එපා...
තවත් දෙයක් - මේක ලීස් කරලා නම් ගන්න එපා...ගෙවල ඉවර වෙනකොට ඇලියොන් එකක ගාන වෙලා තියෙයි...
තව දෙයක් - ටාටා සමාගම මීට වඩා හොද වාහන හදනවා...ට්රයි කරලා බලන්න එයින් එකක්....