නෝනා කෙනෙක් කාන්තා පත්තරේට යවන්න ඕන තැපල් පතක්ද කොහෙද වැරදිලා තරුණයා පත්තරේට එවලා තිබුනේය.එයාගේ ප්‍රශ්ණේ සඳහන් වෙලා තිබුනේ මෙහෙමය.
මම වයස අවුරුදු 30ක් පමණ වන එක් දරු මවක්මි. පසුගිය සතියේ මගේ ස්වාමි පුරුෂයා මදක් අසනීපව නිවසේ නතර වූ නිසා, මම මගේ වාහනය ගෙන රැකියාව බලා පිටත්ව ගිය අතර, සැතපුම් 2 ක් පමණ ගිය පසු වාහනයේ එන්ජිම රත්වූ නිසා, වාහනය නැවත හරවා ගෙන නිවසට පැමිනියා. එසේ පැමිණි මා දුටුවේ මාගේ ස්වාමි පුරුෂයා, අප නිවසේ සේවය කරනා මෙහෙකාරිය සිප ගනිමින් සිටිනා අයුරුයි. මා දැන් කුමක් කළ යුතුදැයි වැටහීමක් නොමැති අතර, ස්වාමි පුරුෂයා හා එක් වීමද නවතා දමා සිටිමි. කරුණාකර මට උපකාර කරන්න.
ඒකට සිරිල් අයියා දුන් පිළිතුර මෙසේය..
හිතවත් සොයුරිය,
සැතපුම් 2 ක් වැනි ඉතා කෙටි දුරක් ධාවනයේදී පවා ඇන්ජිම රත්වීම බොහෝ විට කාබරේටරයේ දෝශයක් විය හැකිය. වාහනය පන ගැන්වීමට පෙර ඇන්ජිමේ තෙල් ප්‍රමාණය හා රේඩියේටරයේ වතුර ප්‍රමාණය නිවැරදි මට්ටමට තිබේ දැයි පරික්ෂා කරන්න. එමෙන්ම නියමිත කාළයෙදී හා දුර ප්‍රමාණය ධාවනය කිරීමෙන් පසු වාහනය සර්විස් ඉස්ටේසමකට දමා, සර්විස් කරවා ගැනීමටද අමතක නොකරන්න. මින් පසු මේ ගැටළුව මතු නොවනු ඇත. මේ උපදෙස් ඔබට උපකාරි වූයේ යැයි සිතමි.