මේ තියෙන්නේ මැලේෂියාවේ ලෝටස් ටවර් එක...
මේක ඇත්තටම සුදු නෙළුම ,
ලංකාව ගොඩක් ඉදි කිරීම් කරේ මැලේෂියාව කොපි කරලා ,
මීගමුව බස් ස්ටෑන්ඩ් එකේ මුල් කොපිය තියෙන්නේ කේල් නගරයේ TBS බස් ස්ටෑන්ඩ් එකේ ,
මම මැලේෂියාවෙදි මේ ටවර් එකට නැග්ගා ,
දැන් මගෙන් අහයි උබලා මචන් එහෙත් එතකොට පන්ති භේදය තියෙනවද කියලා ,
මං මේ ඒ ගැන කියන්නම තමා මේක දැම්මේ ....
මැලේෂියාවේ හොඳට වල බැහැපු මට ඒ ගැන කියන්න ගොඩක් කරුණු තියෙනවා ,
එකක් කියන්නම් දැනට ,
දැන් මේ රටේ බහුතර පුර්වැසියගේ ලොකුම වාහනය ස්කූටර් එකනේ
උබලා ඔය ස්කූටරයක් ගන්න කන කට්ට මතක් කරපංකෝ ,
මුලික ගෙවීම 50,000 යි ,
වාරිකය 8500 ගානේ වසර 3 යි
හරිනේ ?
ගෙවලා ඉවර වෙනකොට ස්කූටරේට ලක්ෂ 3ක් ගෙවලා
ලක්ෂ තුනක් ගෙවලා ස්කූටරයක් ගත්ත උබ හිතනවා උබ ජීවත් වෙන්නේ ලෝකේ වාසනාවන්තම රටේ කියලා
ඔන්න අහපන්කෝ මේ ටිකත් ,
මැලේෂියාවේ කම්කරුවෙකුගේ වැටුප ආසන්න වශයෙන් රිංගිට් 6000 යි ,
යකෝ මැලේෂියාවේ ඔය ස්කූටරයක් රිංගිට් 4500/= යි ,
මාසේ පඩියෙන් උන් බයික් එක ගන්නේ
මා එක්ක වැඩකරපු මැලේෂියන් කෙල්ලො වැඩට එන්නේ වැගන් ආර් වල බං ......
ඉතින් මං අහන්නේ මේක රටක්ද ?
මේක රටක්ද ?
මං ඒකයි උබලට කිවේ මුන් ඔක්කොම එක පංතියක් ,
මුන්ගේ පංතියට සැපේ ඉන්න මුන් අපිව කොල්ලකනවා ,
මේවා තේරෙන්න ඇස් වලින් දකින්න ඕනේ ,
මැලේෂියාවට විසිට් වීසා එකක් ගහලා දින තුනකට හතරකටවත් ගිහින් ඇවිදලා වරෙල්ලා පොඩි ගානයි යන්නේ ,
මේ අමුතු ඇටේ සතියට දින හයක් කඹුරලා ,
ඉරිදට ජංගි ලංකට් ටික හෝදගෙන ආපහු සදුදා ඉඳන් කඹුරන්න යන උබලා ලෝකය ඇස් දෙකෙන් දැකපු දාට ඉකි ගගහා අඬන්නේ , ඉකි ගගහා ,
මුන් කාලකන්නි බල්ලො අපිට රටයි ආගමයි පෙන්නලා අපේ හදවතේ සංවේදි තැන් කොනිත්තලා උන් පරම්පරා හත අටකට අපිව කොල්ලකනවා ,
ඕකයි ඇත්ත ,
අර උවිඳු විජේවීර ලියපු කතාව තමයි මටත් කියන්න තියෙන්නේ අවසාන වශයෙන් ,
" ජීවිත කාලෙම කඹුරලා
හවසට ඉන්දියන් ටෙලි පඩංගුවක් බලලා
සතුටෙන් නින්දට යන ජාතියක් ,
ලේසියෙන් අවදිකරන්න බෑ "
මෙහෙම කඹුරලා අපිට කවදහරි ඉතුරු වෙන්නේ ලබ්බයි තට්ටෙයි බඩයි විතරයි ,,,
උපුටා ගැනීම- නලීන් කුමාර් ගේ වෝලයෙන්..
Last edited:
