තව එකක් අයියා ගැන පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන් සති දෙකක්වත් යනකන්. ඔය හා සමානවම සිදුවීමක් මගේ ලඟම කෙනෙක්ටත් උනා. එයා ඒ සිද්දිය නිසා සියදිවිහානි කරගන්න හැදුවා අප්සට් එක නිසාම. හේතුව වෙඩින් එකට සති කිහිපයක් තියෙද්දි ඕක අවුල් ගිය නිසා ලැජ්ජාව දරාගනන් බැරිව. හොටෙල් වලට ගියපුවා, රත්තරං බඩු හදපුවා ඔක්කොම අපරාදේ උනා අවසානයේ. නමුත් ඒ පුද්ගලයගේ ෆෝන් එකේ ඩ්රාෆ්ට් සේව් කරලා තිබ්බ suicidal notes ටිකක් කලින් අහු උන නිසා ඒ පුද්ගලයට මොකුත් වෙන්න දුන්නේ නෑ.
ඒ නිසා කරුණා කරලා අයිය ලඟින් හිටපන් මල්ලි. මොකද බොහොම තැන්පත්ව ඉන්න මිනිස්සුගේ හිතට දුක දැනුනම ඒ අය ගන්න තීරණ ගැන අනික් අයට හිතාගන්න බෑ මහ දරුණු තීරණ ගන්නවා හිටිගමන්. අනික උඹේ අයියා ඔය කෙල්ලට සිරාවටම ආදරේ කරපු බොහොම කලාතුරකින් හම්බුවෙන එකෙක්. නැත්නම් තමුන්ගේ වාහනේ විකුණලා උගන්වන්නේ නෑ.