ප්‍රොසෙස් එක නේද.....
මුලින්ම රජයේ ගැසට් පත්, ප්‍රසිද්ද කරන ලද ඇබෑර්තු දැන්වීම්, ඒජන්සි මාර්ගයෙන් තමුන්ට ගැලපෙන සමාගමක් තෝරගන්න ඕනෙ.
ඔබට, ඒ සමාගම සොයන සුදුසුකම් සපුරාලිය හැකිනම්,
තමුන්ගෙ විස්තර සහිත අයදුම් පත්‍රයක් හදන්න ඕනෙ.
ඊට පස්සෙ ඒක ලියාපදිංචි තැපෑලෙන් අදාල සමාගමට යවන්න ඕනෙ.
අදාල සමාගමෙන් ඔබව සම්බන්ධ කරගන්න තුරු ටික දවසක් ඉන්න වෙයි.
ඒ අතරතුර කාලය නිකම් වැය නොකර තවත් සමාගම් කීපයකට අයදුම්පත් යොමු කරන්න.
ඔබගේ සේවය අවශ්‍ය සමාගමකින් ඔබට සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් ලබාදේවි.
එසේත් නැතිනම්, බඳවාගැනීමේ විභාගයකට දිනයක් ලබාදේවි.
මෙම පරීක්ශණයන් සමත්වීමෙන් පසු,
සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය හමුවේ තවත් සම්මුඛ පරීක්ෂණ කීපයකට මුහුණ දීමට සිදුවෙයි...
ඒ සියල්ලෙන් සමත්වීමෙන් පසු,
සමාගම විසින් ඉදිරිපත් කරන යම් කිසි කොන්දේසි ප්‍රමාණයකට යටත් වෙමින්, ගිවිසුමක් අත්සන් කිරීමට සිදුවෙයි....
ඒකත් අත්සන් කරාම...,
ඔබගේ කෙලවාගැනීමට අපගේ උණුසුම් සුබපැතුම්.....