|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
k nkn bro math gdr indan ogen ganna patangatta. web developing w3 schools kiyala ekak dekka ,:) PHP designer version 8 ekata serial key ekak dala patn gatta. ehema karalnm developer knk wenna beriwei neda bro:confused:

w3schools good place ekak beginner kenekta machan.self study karala puluwan machan.habai mulin programming concepts danaganna eka hondai.ubata freelance wage nan karanna eka echchara awulak wena ekak naha.eth industry eke wada karanna hithan innawa nan aniwa interview ekedi programming concepts ahanawa :)
 
w3schools good place ekak beginner kenekta machan.self study karala puluwan machan.habai mulin programming concepts danaganna eka hondai.ubata freelance wage nan karanna eka echchara awulak wena ekak naha.eth industry eke wada karanna hithan innawa nan aniwa interview ekedi programming concepts ahanawa :)

k bro . ekata nm site ekak hoygnna beriuna. balamu try ekak deela .web development igen ganna koheda bro honda?/ mn mukuth danne ne bro:sorry:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වප් පොහෝ දිනය අදයි!

z_pic350-fea.jpg

සුපුරුදු ලෙස ශීලාංගයන්හි පිහිටීමෙන් යුතුව කිසියම් විවේකයක් ලබමින් ආගමික කටයුතුවල යෙදෙන අද දිනය වප් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. අද දිනයෙහි ශාසනික වශයෙන් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධයෙන්ද බොහෝ වැදගත් සිදුවීම් සිදුවී තිබේ. ඔබේ අවධානය සඳහා බුද්ධචරිතය ඇසුරින් හා ශාසන ඉතිහාසය ඇසුරින් එම සුවිශේෂීතාවන් සිහිපත් කිරීමට බලාපොරෙත්තු වන අතර එය ඔබේ ශ්‍රද්ධාව වඩා වර්ධනය සඳහා හේතු වනු ඇත.

කළගුණ සැලකීමේ උසස් බව ප්‍රායෝගිකවම බුදුරජාණන් වහන්සේ විසින් අපට නොයෙක් වර පෙන්නුම් කොට වදාරණ ලදී. ඒ අනුව බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයෙහි තම සිද්ධාර්ථ ජීවිතයෙහි මෑණියන් වූ මාතෘ දිව්‍යරාජයාණන්ට අනුග්‍රහ පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක්දෙවිඳුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් විසූ බව අපේ ශාසනික ඉතිහාසයෙහි සඳහන් වෙයි. තෙමසක් මුළුල්ලෙහි මාතෘ දිව්‍යරාජයාණන් ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමත් අවසන අසූකෝටියක් දෙවියන් නිවන් දුටු ආකාරයත් මාතෘ දිව්‍යරාජයාණන් සෝවාන් වූ බවත් එහි සඳහන්ව ඇත.

මෙසේ පුරා තෙමසක් තව්තිසාවෙහි වස් වසා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වස්පවාරණය කොට දඹදිව සංකස්ස පුරයට දෙව් මිනිසුන්ගේ පෙරහර මධ්‍යයෙහි අසිරිමත් පෙළහරින් යුතුව වැඩම කළේද අද වැනි වප් පොහෝ දිනයකය. මෙහිදී සැරියුත් මහරහතන් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේ විසින් යොමු කරන ලද න්‍යායාත්මක ප්‍රශ්න මාලාවකට දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ විසැඳුම් දේශනාවක් පැවැත්වීමද අසිරිමත් සිදුවීමකි. මේ සමඟම මෙහි රැස් වූ මහජන සමූහයා ඉදිරියෙහි, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවක මහා සංඝරත්නය අතරින් ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ශ්‍රාවකයාණන් වහන්සේ ලෙස සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳ ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර මහරහතන් වහන්සේ ලෙස අග තනතුරු ලැබුවේද අද වැනි වප් පුර පොහෝ දිනයකදීය.

එසේම මෙම අසිරිමත් වූ දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් බොහෝ ජනතාව බුදුබව ප්‍රාර්ථනා කළ ආකාරය පිළිබඳද අපේ ධර්ම සාහිත්‍ය මැනැවින් තොරතුරු වාර්තා කොට ඇත. මෙහිදී බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මහතෙරුන් අතර පැවැති ප්‍රශ්න විසර්ජන සාකච්ඡාවට සවන් දී සිටි මෛත්‍රි බෝසතාණන් වහන්සේ මහත් ප්‍රසාදයට පත්ව පැවිදි ජීවිතයට එළැඹ ඇත. මතු ලොව්තුරා බුද්ධත්වයට පත්වන මෛත්‍රි බෝසතාණන් වහන්සේ අප ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වූ දිනය වන්නේ ද අද වන් වප් පුර පොහෝ දිනයකි.

ශාසනයෙහි ප්‍රධාන පින්කම් අටක් පිළිබඳ සඳහන් වේ. එම පුණ්‍ය ක්‍රියා අතර ප්‍රථම පින්කම වන්නේ කඨින පූජා පින්කමයි. කඨින පූජා පින්කම හැම දිනකම හැම කාලයකම සිතූ පමණින් සිදුකළ හැකි පින්කමක් නොවේ. ඇසළ පුර පොහෝ දිනයෙන් ආරම්භ වන වස් කාල සීමාව තුළ වස් ශික්‍ෂා පදය ආරක්‍ෂා කරමින් කටයුතු කළ භික්ෂූන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය විය යුතු වෙයි. වස් පවාරණය සිදු කරනු ලබන්නේද වප් පුර පොහෝ දිනයේය. අද දිනයෙන් ආරම්භ වන කාල සීමාව ඉල් පුර පොහෝ දිනය තෙක් සීමාවන දින 29 තුළදි පමණක් වස් විසූ භික්ෂූන් සඳහා කඨින චීවර පූජාවන් සිදු කළ හැකි වේ. මෙම කාල සීමාවෙන් පෙර හෝ පසුව මෙම විශේෂ පින්කම සිදු කළ නොහැකිය. ඒ අනුව මෙම කාල සීමාව චීවර මාසය නමින් හඳුන්වනු ලැබේ. එසේ නම් ලොව පුරා මහා කඨින පූජා පින්කම් පවත්වමින් මහා ආනිශංස ලබා ගන්නා උතුම් පින්බර මාසයක ආරම්භක දිනය වන්නේද වප් පුණු පොහෝ දිනයයි.

මහින්දාගමනයෙන් පසු උන්වහන්සේගෙන් බණ අසා පළමුවෙන්ම මාර්ගඵල ලාභීන් බවට පත් වූයේ අනුලා දේවිය ප්‍රධාන ලාංකේය කාන්තා පක්‍ෂයයි. ඇතැම් අවස්ථාවල පිරිමි පක්ෂය අභිභවා ආගමික කටයුතුවල වැඩි උනන්දුවකින් ද යුතුව ක්‍රියා කරන කාන්තාවන් ප්‍රථමයෙන් ම මඟ ඵල ලැබීම සුවිශේෂි සිද්ධියකි. මාර්ගඵල ලාභී මෙම කාන්තාවන්ට සසුනෙහි පැවිදි බව ලබා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා භික්‍ෂුණි සංඝයා ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ද ඇති විය.

ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් දෙවැනි පෑතිස් රජතුමා විසින් අශෝක රජතුමා වෙත සංදේශයක් යවන ලදී. එයින් ප්‍රකාශ වූයේ අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය වැඩමවා ගැනීමේ අවශ්‍යතාව යි. ඒ සමඟ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩමවා ගැනීම පිළිබඳ ද සඳහන් කෙරිණි. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය සහිත ව තුටු පඬුරු රැගත් අරිට්ඨ කුමරු ඇතුළු රාජකීය දුත පිරිස අශෝක අධිරාජයා මුණ ගැසීම සඳහා පිටත්ව ගොස් ඇත්තේද අද වැනි වප් පුන් පොහෝ දිනයකය. අපේ කාන්තා පක්ෂයට ආශිර්වාදයක් වූ භික්‍ෂූණී ශාසනය මෙන්ම ලංකාවාසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුවක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීමෙහි කාර්යාවලියේ ආරම්භක දිනය වූ අද දවසෙහි වැදගත්කම අපේ වංශකතා මගින් මහත් අසිරිමත් ආකාරයෙන් යුතුව අනාවරණය කොට ඇත.

ලක්දිව සම්බුදු සසුන පිහිටියේදැයි දේවානම්පියතිස්ස රජු අසා ඇති ප්‍රශ්නයකට පිළිතුරු දුන් මිහිඳු හිමියන් පවසා ඇත්තේ මෙරට සිංහල මව්පියන් ඇතිව උපන් දරුවකු මෙහි පැවිදිව විනය ධාරිව මෙරටදී විනය උගන්වයිද එවිට ශාසනය මුල්බැස ගත්තා වන්නේ යැයි යනුවෙනි. ඒ අනුව, ප්‍රථම සිංහල මහරහතන් වහන්සේ වූ මහඅරිට්ඨ තෙරණුවන් ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණි. අනුබුදු මිහිඳු මහ හිමියන් ප්‍රමුඛ මහා අරිට්ඨ තෙරුන් ඇතුළු මහරහතන් වහන්සේ අටසැට නමක්, දහසක් බැගින් භික්‍ෂූන් සමග අනුරාධපුර ථූපාරාම විහාරයේදි විනය පිටකය සංගායනා කළේද අද වැනි වප් පුර පොහෝ දිනකය. මහා අරිට්ඨ මහරහතන් වහන්සේ විසින් සිදු කරන ලද මෙම විනය සංගායනාව ලක්බුදු සසුනෙහි විශේෂි අවස්ථාවක් ලෙස ශාසන ඉතිහාසය මගින් වාර්තා කොට තිබේ.

මහාපවාරණය, දේවාවරෝහණය, සැරියුත් තෙරුන් නුවණින් අගතනතුර ලැබීම, මෛත්‍රි බෝසතුන් පැවිදිවීම, අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස දඹදිව කරා ගමන් ආරම්භය, ලක්දිව ප්‍රථම විනය සංගායනාව ආදි අසිරිමත් ආගමික කටයුතු රැසක් සිදුවූ අද දිනය පිළිබඳ කරුණු දැන ගැනීම ඔබ හැමගේ ශ්‍රද්ධාව වැඩිදියුණු වීම සඳහා මහත් රුකුලක් වනු ඇත. වැඩිදුරටත් සැදැහැ ගුණ දියුණුවනු වස් දහම් ගුණ පිළිබඳ ද කරුණු විමසා බලමු.

‘ධර්ම’ යන වචනයට විවිධ අර්ථ ඇති අතර අප මෙහිදී කෙටි විමසීමකට ලක් කරනුයේ තථාගත ධර්මය පිළිබඳවයි. පර්යාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමූහය ධර්මස්ඛන්ධ වශයෙන් සුවාසු දහසක් වන බව ගණනය කොට ඇති අතර මුළු මහත් බුද්ධවචනය සූත්‍රපිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, වශයෙන් ත්‍රිපිටකය යන නමින් බෙදා දක්වා තිබේ. මෙයට අතුළත්ව සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන සිව් ආර්ය මාර්ගයනුත් සිව් ආර්ය ඵලයනුත් නිර්වාණ ධර්මයත් යන ධර්ම නවය නව ලෝකෝත්තර ධර්මය යනුවෙන් හැඳින්වේ. මෙහි තේරුම වන්නේ සත්වයන් සංසාර ලෝකයෙන් එතෙර කරවන්නේය යන්නය.

මේ හැරෙන්නට පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන්ද ධර්මයෙහි ආකාර තුනක් පිළිබඳ සඳහන් වේ. සූත්‍ර, විනය, අභිධර්මය යන පිටකත්‍රය පරියාප්ති නම්වේ. සිව් අපායෙන් මිදීම සඳහාත් දෙව්, මිනිස්, නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලැබීම සඳහාත් පිරිය යුතු ශාසනික ප්‍රතිපත්තිය, ප්‍රතිපත්ති ධර්මය ලෙස හඳුන්වනු ලැබේ. ආර්ය මාර්ග සතරත් , ආර්යඵල සතරත් නිර්වාණයත් යන නව ලොව්තුරු දහම් ප්‍රතිවේද ධර්මය ලෙසත් සඳහන්ව ඇත.

‘දරන්නා වූ’ යන අදහසින් ධර්මය නම්වේ. දැරීම නම් සතර අපායට සහ සසර දුකට වැටෙන්නට නොදී ආරක්‍ෂාව සැලසීමයි. ධර්මය අසමින් සිත්හි ධාරණය කර ගනිමින් ඊට අදාළ පිළිවෙත් පූරණය කරමින් ධර්මාවබෝධය ලබන්නන් ධර්මය දරන්නන් ලෙස දක්වා ඇත. මෙසේ ධර්මය දරන්නා වූ අය සතර අපායටත් සසර දුකටත් යා නොදී ආරක්‍ෂා කිරීම ධර්මයෙන් සිදුවන සුවිශේෂී කාර්යයක් ලෙස ධර්මයෙහි ඉතා මැනැවින් දක්වා ඇත. මෙවන් වු තථාගත ධර්මය ගුණ වශයෙන් ගත් කළ මූලික ගුණ හයක් වශයෙන් බොහෝ සූත්‍රවල දක්නට ලැබෙන අතර අපේ දහම් ගුණ පාඨයෙන් එය මනාව විවරණය කොට තිබේ. මේ අනුව අද දිනයෙහි වැදගත් කමද සිහිපත් කරමින් උතුම් ධර්මයෙහි හැසිරෙමින් නිර්වාණාවබෝධය සඳහා උත්සාහවත් වනු මැනැවි.



කොළඹ ආනන්ද විද්‍යාලයෙහි
හිටපු සහකාර විදුහල්පති
ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි


සබ්බ දානං ධම්ම දානං ජිනාතී.
(සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ)

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

- බක් පොහෝ දිනය අදයි!
- නවම් පෝහෝ දිනය අදයි!
- දුරුතු පොහෝ දිනය අදයි!
- උදුවප් පුර පොහොය අදයි!
- ඇසළ පොහෝ දිනය අදයි!
- නිකිණි පොහොය අදයි!
- බිනර පොහෝ දිනය අදයි!
:)
 
Status
Not open for further replies.