Contact a lawyer
මචන් හොදම දේ ඕකට lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක.
තාත්ත ඔය ගණුදෙනුව නිකං කටවචනෙන් කරපු එකක් නම්, කිසිම ලියකියවිලි නැතුව, උඹට ඕක ගෙවන්න වෙන එකක් නෑ.
අනික බැංකුව වගේ කලානම් ඇප කාරයො තමයි අමාරුවෙ වැටෙන්නෙ.
එහෙම ලියකිවිලි තිබුනත් ඒකට උඹේවත් අම්මගෙවත් සම්බන්ධයක් නෑ නෙ,(අම්මවත් උඹවත් ඇපවෙනව කියල නැත්නම්) ඒක තාත්ත කරපු ගණුදෙනුවක් නිසා උඹට ගෙවන්න වෙන එකක් නෑ හෝ ගානවත් අඩුකරන්න පුලුවන් නීතියෙන්.
විශේෂයෙන් උඹේ ආර්තික තත්වෙත් පැහැදිලි කලාම ලොකු අවස්ථාවක් තියෙයි උඹේ පැත්තට.
හැබැයි උබ කිසිම දේකට දැන් ඒ මනුස්සය එක්ක ලියකියවිලි හුවමාරුවක් කරන්න එපා. උඹ කිව්වනෙ ටික කාලයක්වත් තිබුනනම් කියල,ඒවගෙ දෙයක් මෑන්ස් දැනගත්තොත් මිනිහ උඹෙන් ලියමනක් ඉල්ලයි "තාත්ත මෙහෙම ගත්ත ණයක් මම මේ වගේ කාලෙකින් ගෙවනව කියල", එහෙම ලියමනක් උඹ දුන්නොත් උඹට කෙල වෙනව.
ඒක නිසා හොද විශ්වාස lawyer කෙනෙක් හම්බෙලා ඔක්කොම විස්තරේ කියපන්.
එතකන් අරුත් එක්ක කිසිම නීතියෙන් ඔප්පු කරන්න පුලුවන් ගණුදෙනු තියාගන්න එපා (ලියුමක් වගේ දේවල්)