Manpower agency එකක් දාන්නෙ කොහොමද?

Nov 6, 2017
19
12
3
මට යි යාලුවෙකුටයි Manpower agency දාන්න පොඩි අදහසක් තියෙනව. ඒත් අපිට ඒගැන ලොකු දැනුමක් නෑ. මේ කේෂ්ස්ත්‍රයේ අත්දැකීම් තියන හරි දැනුමක් තියන අය ඉන්නව නම් අපිට උදව් කරන්න. අපිට බිස්නස් එක පටන් ගන්න සහ කරගෙන යන්න උපදෙස් දෙන්න පුලුවන් ද?
1. අවසර ගත යුතු ආයතන.
2. අපි සේවකයන් හොයාගන්නෙ කොහොමද?
3. ආයතන වලට සේවකයින් සම්බන්ද කරන්නෙ කොහොමද?
4. ඒගොල්ලන්ගෙන් අයකල යුතු ගනන්.
5. පටන්ගන්න කොච්චර විතර ප්‍රාග්ධනයක් ඕනද?
6. පවත්වාගෙන යන්න විතර මුදලක් ඕනද?
මීට අමතරව තව දැනගත යුතු කරුනු ගැන තොරතුරු ටික කියන්න පුලුවන්ද?
 

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කටුනායක නම් මෑන් පවර් උන් කෙරුවෙ බන් 1500 නම් පඩිය උන් 500ක් තියන් 1000ක් වැඩ කරන උන්ට දුන්නා.(දවස් පඩියට වැඩට එන උන්ට) ඉතින් වැඩ ඉවර කරලා යන කෙල්ලො කොල්ලො හෙන ඉල්ල ඉල්ල පාර දිගට යන්නෙ.🥴
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    1. අවසර ගත යුතු ආයතන.
    පළමු මාස තුන දුවන්න විශේෂ අවසරයක් උවමනා නැහැ. මාස තුනකට පස්සෙ අඩු තරමින් තනි පුද්ගල විදියට වත් ලියාපදිංචි කරන්න.

    2. අපි සේවකයන් හොයාගන්නෙ කොහොමද?
    මෑන් පවර්වල විශේෂ ප්‍රයෝග තියනවා. මිනිස්සු හොයන්න ලේසි නැති නිසානෙ කම්පැනි ගොඩක් වෙලාවට මෑන් පවර් සහය ගන්නෙ.
    පත්තර ඇඩ්.
    දන්න කියන කට්ටිය දම්මල හොයා ගන්නවා
    දුර පලාත් වල කාර්යාලයක් දානවා ජොබ් වලට. ඒ්වයෙ ඉතින් මිනිස්සු ඇවිත් රෙජිස්ටර් වෙනවා. හොද ජොබක් ලැබුනම රෙජිස්ටර් කාරයොන්ට කෝල් කරල කැමති අය ගෙන්න ගෙන අදාල තැන්වලට පටවනවා. ගම්වල සතිය දෙක වඩ කරල ඒනවට මිනිස්සු කැමති. කුඹුරු කරල ඒහෙම නිකන් ඉන්න කාලෙ ඔය වගේ කෙටි කාලීන ජොබ් හොයනවා.

    3. ආයතන වලට සේවකයින් සම්බන්ද කරන්නෙ කොහොමද?
    ලොකු කම්පැනි වලට මෑන් පවර් දාන්න උන් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඔයත් කම්පැනි ටිකකට ගිහින් කියන්න මෑන් පවර් කියල.. ඊට පස්සෙ උන් ගාව ඔයා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ උන් කියනව මෙදාට මෙච්චරක් දෙන්න කරන්න තියන වැඩ පඩිය ඔක්කොම කියනවා

    4. ඒගොල්ලන්ගෙන් අයකල යුතු ගනන්.
    සාමාන්‍යයෙන් සදාචාරාත්මක අගය 15% මෑන් පවර් ඒකෙන් තියා ගන්න ඒක. ඒ්ත් මාකට් ඒකේ සමහර උන් 40% ක් විතර වෙනකම් ගන්නවා. 1500 ක පඩියක් නම් 1300 ක් වත් දෙන්න. 2000 ක් විතර වගේ නම් 1500 ක් වගේ 2500 වගේ නම් 1700 ක් වගේ දෙන්න. සමහර ජොබ් වල බයානක කම නිසා 5000/6000 දෙනවා. ඒතකොට 3000 ක් විතර දෙන්න. ගාණ තීර්ණය වෙන්නෙ දවසෙ ගාන 1300 - 2500 අතර තියල.

    5. පටන්ගන්න කොච්චර විතර ප්‍රාග්ධනයක් ඕනද?
    කන්ටෑක්ස් තියනවා නම් වියදමක් යන්නෙ නෑ. වාහනයක් උවමනා වෙනව මිනිස්සු ප්‍රවාහනයට. පොඩි ලොරියක් වෑන් ඒකක් වගේ. ලොකු සෙනගක් නම් බස් ඒකක් හයර් කලා.

    6. පවත්වාගෙන යන්න විතර මුදලක් ඕනද?
    මේක රදා පවතින්නෙ ආයතනයෙ ප්‍රමාණය අනුව. මහා පරිමාණයෙන් කරන්න නම් වාහන ඒහෙම උවමනා වෙනවා. නැත්තන් වියදමක් කියල දෙයක් වැඩිය නෑ.

    මෑන් පවර් ඒකක් කරනවා නම් අනිවාර්යෙන් පොඩියට හරි ක්ලීනින් සර්විස් ඒකක් කරන්න. ඒකට උවමනා මොප්, ඉදල්, කොසු, පොලිෂින් මැෂින් වගේ ඒ්ව ටිකක් අරගන්න. ලොකුවට ලාබයක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මිනිස්සු දෙන්නෙක් වත් හිටින්න ඉන්සූරන්ස් ඒකක් දාන්න. ගන්න හැම කෙනාගෙම අයි ඩී කොපි ඉන්න තැන් හරියට දැනග්නන. සමහර උන් වැඩට ගිහින් හොරකම් කරල පනිනවා. අලාබහානි කරනවා. කරගන්නවා. මෑන් පවර් ඒකට ගෙවන්න වෙනවා ඒහෙම උනාම
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මට යි යාලුවෙකුටයි Manpower agency දාන්න පොඩි අදහසක් තියෙනව. ඒත් අපිට ඒගැන ලොකු දැනුමක් නෑ. මේ කේෂ්ස්ත්‍රයේ අත්දැකීම් තියන හරි දැනුමක් තියන අය ඉන්නව නම් අපිට උදව් කරන්න. අපිට බිස්නස් එක පටන් ගන්න සහ කරගෙන යන්න උපදෙස් දෙන්න පුලුවන් ද?
    1. අවසර ගත යුතු ආයතන.
    2. අපි සේවකයන් හොයාගන්නෙ කොහොමද?
    3. ආයතන වලට සේවකයින් සම්බන්ද කරන්නෙ කොහොමද?
    4. ඒගොල්ලන්ගෙන් අයකල යුතු ගනන්.
    5. පටන්ගන්න කොච්චර විතර ප්‍රාග්ධනයක් ඕනද?
    6. පවත්වාගෙන යන්න විතර මුදලක් ඕනද?
    මීට අමතරව තව දැනගත යුතු කරුනු ගැන තොරතුරු ටික කියන්න පුලුවන්ද?
    1. Labour Dept .export processing zone ekaka Nam eke office eken . Id ehema hadanna one.
    2.sewakayo enawa. Poster wage dapuhama mokda daily /weekly ne padi gewanne.
    3.contacts with HR dept .(unethically also )
    4. Company eken cheque denne monthly oyata daily wage gewanna wenawa. Ekata salli one hirakaranna
    5. Eka employees gana anuwa .
    Eg - Biyagama wage 2000 denawa per 8 hour. Oya ta denna one 1500-1600 wage .ethakota gana hadaganna.
    E ayata transport denna one. Supervisor kenek Inna one. Visit karanna.
    6.oya wede godak operational amarui .
    Sewakayo monawa Hari weraddak kaloth complain enawa ewa wisadanna one.
    Short notice eken sewakayo supply karannaa wenawa order ekak awoth .mulin safe company ekak hoyaganna.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ 1 ජොබ් එක ඌ ගත්ත 17000 ඒ කාලේ .මට මාසෙටම ට්‍රිනි කියල 5000 යි දුන්නේ .හිටපන් තොට දෙන්න කියල .කට්ට කාගෙන ඉගෙනගෙන එකටම join උනා .ඌට හුලං මම අයින්වෙනකොට ආයේ manpower එකෙකුට එන්න බැරිවෙන්න හදල ආවේ .මගේ බොස් මාර ගේමක් දුන්න ඒකට .මොකද ලොක්කෝ කැමති නෑ කරපු වැඩේට
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    mee tikata amatharawa ubata ube employeeslata EPF ETF gewann wenawa. uben service eka ganna company eka e mukuth balanne naha. hebeyi e company eke standards anuwa uba ube employee lata ewa gewanna ona saha documents maintain karanna ona. subject eka danne nethnan e weda tikata kenek gannath puluwan