මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.
මම දැනට රජයේ ආයතනයක රැකියාව කරන්නේ. කොළඹ. හැබැයි මේකේ මාරු වීම් නැහැ. ඉතින් කවදාවත් මට මගේ ගම කිට්ටුවට යන්න විදියක් නෑ. කොළඹ ඉන්න එක හෙන වියදම් පඩිය ඉතුරු වෙන්නේ නෑ. අනාගතය වෙනුවෙන් කියලවත් තමන්ගේ වැඩකට කියලවත් ඉතුරුවක් වෙන්නේ නෑ මෙහෙ ඉන්නකම්. බෝඩිම් වලට කෑම බිම වලට සති අන්තේ ගෙදර යන්න වගේ දේවල් වලට වියදම ගියාම ඉතුරු නෑ. අවන්කෙන්ම මට නම් ඔය රු 1000/2000 බෝඩිම් වල කට්ට කන්න බෑ. ඒ නිසා ටිකක් හොද එකක හිටියේ, ඉතින් ඉතුරුවක් නෑ. ඒ නිසා විකල්පයක් විදියට මාතර කොළඹ කාර්යාල සේවා ප්‍රවාහන සේවයකට සෙට් වෙලා ගෙදර ඉදන් එන්න තීරණය කළා. මාතර ටවුමේ ඉදල තව කි.මි.20ක් වගේ යන්න ඕනේ. ඉතින් දැන් කාලයක් තිස්සේ කරන්නේ මෙහෙම. දවසට කිලෝ මීටර 320 කට වඩා ට්‍රැවල් කරන්න වෙනවා මේ නිසා. දවසේ වැඩි කාලයක් පාරේ. උදේ 4 ඉදල රෑ 8 වෙනකම් යන්න එන්න වෙලා. ඇත්තටම මෙහෙම කරලා තව කියක් හරි ඉතුරු කරන එකත් දැන් නම් විහිළුවක් වගේ වෙලා. මේ රකියවවම (MA) කරන වෙන සේවකයෝ දවසට පැය 8/9 ක් වියදම් සහ කැප කරලා කරද්දී මම ඒ වෙනුවෙන් දවසට පැය 16ක් විතර වැය කරන්න වෙලා. නමුත් මේ රැකියාව අතාරින්න එපා කියල බොහෝ දෙනා එක එක තර්ක ගේනවා. ඒත් ඉතින් මට නම් මේ දේ ඇත්තටම බොරු මහන්සියක් කියල තමයි හිතෙන්නේ.
මොකද මචං උබලා මේ ගැන කියන්නේ..? මම දැනට UCSC BIT Final Year Completed. Project එක pending. මට නම් බය තියෙන්නේ ජොබ් එක බදන් ඉදල අන්තිමට ඩිග්රි එක කෙලවිලා යයිද කියල. මොකද මගේ UCSC Registration Renew කරන්න පුළුවන් තව එක අවුරුද්දක් විතරයි. වැඩට යන්න එන්න යන කාලය එක්ක විවේකය ඉතාම සීමිතයි. ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික කරගන්න වෙලාවකවත් නෑ. දවසට නිදාගන්න වෙලාවකුත් නෑ. උපරිම පැය 4ක් වගේ දවසට නිදාගන්න පුළුවන් වෙන්නේ.
අත්දැකීම් බහුල අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා මචන්ලා.
උබල දන්නා එකෙන් ඉන්නවා නම් WEB DEV කරණ කෙනෙක්ට හරියන ජොබ් එකක් මාතර ගාල්ල අවට තියේ නම් පොඩ්ඩක් කියන්න.