Microsoft Server Exams

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
Windows 7 ස්ථාපන මාධ්‍යය තෝරා ගැනීම - Preparing the Windows 7 Installation Source

You can use several methods to install Windows 7. The most appropriate method depends on your individual circumstances. Although installing using a DVD-ROM is fine when you have only a couple of computers, you might want to consider alternate methods when you have to deploy Windows 7 to 20 computers or more. When considering which installation source to use, consider the following factors:

  • Do you need to install Windows 7 on more than one computer?
  • Does the computer or computers have DVD-ROM drives?
  • Do you need to deploy a customized version of Windows 7?
  • Do you want to automate the installation process?‍

Windows 7 ස්ථාපන මාධ්‍යය තෝරා ගැනීම

Windows 7 ස්ථාපනය කර ගැනීමට ක්‍රම කිහිපයක් භාවිතා කළ හැකියි. නමුත් සුදුසුම ක්‍රමය තෝරාගැනීම පදනම් වනුයේ ඒ ඒ අවස්ථාවට අනුකූලවයි. පරිගනක කිහිපයක් පමණක් නම් ඒ සදහා සුදුසු ක්‍රමය වන්නේ DVD-ROM එකක් මගින් install කිරීමයි. පරිගනක 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක Windows 7 install කිරීම සදහා වෙනත් ක්‍රමයක් පිළිබද සලකා බැලිය යුතුවේ. වෙනත් ස්ථාපන ක්‍රමයක් තෝරාගැනීමේදී පහත සදහන් දේ ගැන අවධානය යොමු කිරීම වටී.

  • ඔබට පරිගනක එකකට වැඩි සංඛ්‍යාවක Windows 7 install කිරීමට අවශ්‍යද?
  • පරිගනකය / පරිගනකවල DVD-ROM drives තිබේද?
  • ඔබට වෙනස්කරන ලද (customized) Windows 7 සංස්කරණයක් ස්ථාපිත කිරීමට අවශ්‍යද?
  • ඔබට ස්ථාපන ක්‍රියාවලිය ස්වයංක්‍රීයව කරගැනීමට අවශ්‍යද?

Using a DVD as an Installation Source

If you purchase a boxed version of Windows 7 at a retail outlet, it will come with a DVD-ROM. Some enterprise customers also have access to a special section of Microsoft's Web site where they are able to download a DVD-ROM image of Windows 7 in International Organization for Standardization (ISO) format. You need to write this image to a DVD-ROM before it is possible to use it to install Windows 7.

ස්ථාපනය සදහා DVD-ROM මාධ්‍යය යොදා ගැනීම

ඔබ Windows 7 වෙළදපොලෙන් මිලදී ගත්තේනම් එය ඇත්තේ DVD-ROM ආකාරයටයි. නමුත් සමහර ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සදහා මයික්‍රොසොෆ්ට් නිල වෙබ් අඩවියේ විශේෂ කොටසකට ඇතුල්වීම මගින් Windows 7 හි DVD-ROM මෘදු පිටපතක්, ප්‍රමිතිකරණය සදහා වන ජාත්‍යන්තර සංවිධානයේ පිළිගත් ආකාරයකට (එනම් ISO) ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එය බාගත කර ගැනීමෙන් පසුව භාවිතා කිරීමට පෙර එම පිටපත DVD-ROM එකකට ලබා ගත යුතුවෙනවා.

To install Windows 7 from a DVD-ROM, boot from the DVD-ROM drive and follow the prompts. You may need to configure the computer's BIOS to support booting from DVD-ROM. If a computer does not have a DVD-ROM drive attached, you can still install from DVD-ROM—you just need to acquire a USB DVD-ROM drive. In this case, it will be necessary to configure the computer's BIOS to boot from the USB device.

Windows 7, DVD-ROM මගින් ස්ථාපනය කිරීම සදහා පරිගනකය DVD තැටි ධාවකය මගින් බූට් කරගත යුතු වෙනවා. ඉන් පසු ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ස්වයංක්‍රීයවම ඔබ වෙත ලැබේවි. නමුත් DVD ධාවකය මගින් බූට් කරගැනීමට පෙර ඔබගේ පරිගනකයේ BIOS, DVD බූට් කිරීමට සහය දැක්විය යුතු වනවාක් මෙන්ම DVD මගින් බූට් වීමට හැඩගස්වා ගත යුතුයි. ඔබගේ පරිගනකයයේ DVD ධාවකයක් නොමැතිනම් කළ හැකි විකල්පයක් වන්නේ ඒ සදහා USB DVD-ROM ධාවකයක් යොදා ගැනීමයි. නමුත් එමගින් පරිගනකය පණගැන්වීමට (බූට් කිරීමට) පෙර ඔබේ පරිගනකයේ BIOS මගින් පණගැන්වීම් ධාවකය (Boot Device) ලෙස USB device ලබා දිය යුතු වේ.

A DVD-ROM installation may suit your organization if you have a small number of computers to install Windows 7 on and you do not need to customize the operating system image.

DVD-ROM මගින් ස්ථාපනය කිරීම වඩාත් ගැලපෙනුයේ කුඩා ප්‍රමාණයේ සමාගම් ආදිය සදහායි. මන්දයත් ඒවායේ භාවිතා වනුයේ පරිගනක සිමිත සංඛ්‍යාවක් බැවින්ය. එමෙන්ම මේ ආකාරයට ස්ථාපනය කළ යුත්තේ ඔබේ වින්ඩෝස් 7 පිටපත වෙනස් කිරීම් වලට (customize) ලක්කිරීමට අනවශ්‍ය නම් පමණක්ය.
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
USB Drive එකක් භාවිතා කිරීම මගින් Windows 7 ස්ථාපනය කිරීම

Using a USB Drive as an Installation Source

Small form factor laptop computers, often called netbook computers or netbooks, are becoming increasingly popular. One drawback for the IT professional, however, is that these computers are so small that they often do not have an attached optical media drive. Although it is possible to purchase DVD drives that use USB connections to attach to netbook computers and perform an installation, more administrators are turning to cheap multi-gigabyte USB storage devices, sometimes called flash drives, as their preferred installation media of choice.

ස්ථාපන මාධ්‍යය ලෙස USB Drive එකක් භාවිතා කිරීම.

නෙට්බුක් නමින් හදුන්වනු ලබන කුඩා ප්‍රමාණයේ ජංගම (ලැප්ටොප්) පරිගනක දැන් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එම පරිගනක ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ඒවායේ DVD ආදී ධාවක නැත. එනමුත් DVD භාවිතා කිරීමට අවශ්‍යනම් බාහිර DVD ධාවකයක් (External DVD-ROM Drive) USB සම්බන්ධතාවයක් මගින් පරිගනකයට සම්බන්ධ කරගැනීම මගින් අවශ්‍ය දේ කරගත හැක. එනමුත් බොහෝ පද්ධති පරිපාලකවරුන් (Systems Administrator) මීට වඩා පහසු ක්‍රමයක් වන බාහිර DVD ධාවකයන් වලට වඩා මිල අඩු USB Flash Drives භාවිතා කිරීම මගින් වින්ඩෝස් 7 ස්ථාපනය කරනු ලබයි.

USB storage devices have several advantages over DVD-ROMs. With a USB storage device, you can modify the operating system image directly using tools such as Dism.exe. You can add extra drivers to the image stored on a USB storage device, something that is not possible to do to the installation image stored on a DVD-ROM. You will learn how to do this in Chapter 3, "Deploying System Images." Another advantage of USB flash devices is that they have faster read speeds than DVD-ROM drives, meaning that the time to transfer the operating system files to the target computer's hard disk is reduced.

DVD-ROM ධාවකයන්ට වඩා USB Flash Drives භාවිතා කිරීම මගින් සැලසෙන පහසුකම් රැසකි. USB Flash Drives භාවිතයේදී ඔබට පද්ධති මෘදුකාංගයේ අවශ්‍ය වෙනස් කිරීම් කිරීම Dism.exe ආදී ටූල්ස් මගින් ඉතා පහසුවෙන් කරගත හැකිවේ. අමතර drivers එකතු කිරීම USB Flash Drives භාවිතයේදී ඉතා පහසුවෙන් කළ හැකි වුවත් එය DVD ධාවකයකදී කළ නොහැකි දෙයකි. මේ පිළිබද වැඩි විස්තර 70-680 වන මයික්‍රොසොෆ්ට් විභාගය සදහා වන පෙළපොතේ 3වන පරිච්ජේදයෙන් සාකච්ජා කරනු ලැබේ. පද්ධති ඉමේජයන් යෙදවීම (Deploying System Images) USB Flash Drives භාවිතයේදී ඔබට ලබා ගත හැකි තවත් එක් වාසියකි. එමෙන්ම DVD ධාවකයන් වලට වඩා දත්ත කියවීමේ හා ලිවීමේ වේගයන් USB Flash Drives වලදී වැඩි බැවින් වින්ඩෝස් 7 USB Flash Drives මගින් ස්ථාපනය කිරීම DVD භාවිතයට සාපේක්ෂව ඉතා වේගවත් ක්‍රියාවලියක් වේ. මෙම නිසාවෙන් කාලය බොහෝ සෙයින් ඉතිරි කරගත හැක.

A USB storage device needs to be 4 GB or larger if you want to use it as a Windows 7 installation source. This is because the x64 installation files are approximately 3.2 GB in size and the x86 installation files are approximately 2.5 GB in size. You use one architecture's installation files only when preparing a deployment from a USB storage device. The USB storage device should use the FAT32 file system.

ඔබ Windows 7 ස්ථාපනය කිරීමට USB storage device එකක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහි ප්‍රමාණය ගිගාබයිට් 4කට වඩා වැඩි විය යුතුය. මෙයට හේතුවනම් Windows 7 හි බිටු 32 සංස්කරණයේ ප්‍රමාණය ගිගාබයිට් 2.5ක් හා බිටු 64 සංස්කරණයේ ස්ථාපන මාධ්‍ය යේ ප්‍රමාණය ගිගාබයිට් 3.2ක් පමණ වන බැවිනි. Windows 7 ස්ථාපනය කිරීමේදී බිටු 32 හෝ බිටු 64 යන දෙකෙන් එකක් පමණක් අවශ්‍යතාවය පරිදි තෝරාගතයුතුවේ. එමෙන්ම USB ධාවකයේ file system එක FAT32 තත්වයෙන් පැවතිය යුතු වේ.


To prepare a USB storage device as an installation source for Windows 7, perform the following steps:

  1. Connect the USB storage device to a computer running Windows 7 or Windows Vista. Ensure that the storage device has no data stored on it that you want to keep (or that you have moved such data to another storage device) because this procedure removes all existing data.
  2. Open an elevated command prompt and type diskpart.
  3. At the DISKPART> prompt, type list disk. Identify which disk connected to the computer represents the USB storage device.
  4. At the DISKPART> prompt, type select disk X where X is the number of the disk that you have identified as the USB storage device.
  5. At the DISKPART> prompt, type clean. When the disk is clean, type create partition primary.
  6. At the DISKPART> prompt, type format fs=fat32 quick. When the format is completed type active and then exit.
  7. After you have completed these steps, copy all the files located on the Windows 7 installation DVD to the USB storage device.
  8. Configure the BIOS computer on which you want to install Windows 7 to boot from the USB storage device. Attach the USB storage device and then reboot the computer to start installation.


USB storage device එකක් Windows 7 ස්ථාපන මාධ්‍යය ලෙස යොදා ගැනීමට පහත පරිදි එය සකසා ගත යුතුය

  1. ඔබ තෝරාගත් USB storage device එක Windows 7 හෝ Windows Vista ස්ථාපනය කර ඇති පරිගනකයකට සම්බන්ධ කරන්න. ඔබගේ USB ධාවකයේ අවශ්‍ය ගොනු ආදිය වෙනත් ස්ථානයකට කොපි කර තබාගන්න. මන්ද යත් මෙම ක්‍රියාවලියේදී USB ධාවකයේ ඇති සියලු දත්ත මැකී යන බැවින්ය.
  2. පරිපාලකයෙකු ලෙස ක්‍රියා කිරීමට අවසර ඇති ආකාරයට විධාන ආකාරයට (command prompt – DOS mode) පිවිසෙන්න. ඉන්පසු එහිදී diskpart ලෙස ටයිප් කරන්න.
  3. DISKPART> මාදිලියෙන් ක්‍රියාත්මක වන විට නැවතත් එහි list disk ලෙස ටයිප් කරන්න. එහිදී ඔබ භාවිතයට ගත් USB ධාවකයට හිමි අංකය තෝරා ගන්න.
  4. ඊලග පියවර ලෙස එම ධාවකය තෝරා ගැනීම සදහා select disk x ලෙස ටයිප් කරන්න. මෙහි x ලෙස සදහන් කර ඇත්තේ ඔබගේ USB ධාවකයට හිමි අංකය විය යුතුවේ.
  5. ඉන්පසු clean යනුවෙන් ටයිප් කර එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු create partition primary ලෙස ටයිප් කරන්න.
  6. ඊලග පියවර ලෙස format fs=fat32 quick ටයිප් කිරීම මගින් ඔබගේ USB ධාවකයේ ඇත් සියලු දත්ත ඉවත් වී අලුතෙන් සෑදුන පාටිෂන් එක ඉක්සන් ආකාරයට ෆෝමැට් වේ. මෙම පියවර සම්පූර්ණ වූ පසු active යන්නද exit යන්නද පිළිවෙලින් ටයිප් කිරීම මගින් මෙම ක්‍රියාවලියේ මුල් අදියර අවසන් කර ගත හැකිය.
  7. මෙම පියවරයන් අවසන් කිරීමෙන් පසුව Windows 7 installation DVD එකෙහි ඇත් සියලුම ගොනු (Files & Folders) සියල්ලම USB ධාවකයට කොපි කරගන්න.
  8. ඉන්පසුව ඔබ වින්ඩෝස් 7 ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන පරිගනකයේ BIOS සැකැස්ම USB මගින් ආරම්භ වන ආකාරයට සකස් කරන්න. ඉන්පසු පරිගනකය reboot කළ පසු DVD ධාවකය මගින් වින්ඩෝස් 7 ස්ථාපන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරයටම USB ධාවකය මගින් ආරම්භ වනු ඇත.
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මචංලා මම ටයිප් කරන විදිහේ ප්‍රශ්න ඇති. උඹලාට තේරුම් ගන්න අමාරු තැන් තියෙනවනම්, එහෙම නැත්නම් මම ලියන ස්ටයිල් එකේ හරි වෙන මොකේක හරි වෙනස් වෙන්න ඕන කියලා හිතෙන දේවල් තියෙනවානම් මාප පොඩ්ඩක් දැනුවත් කරපං මචංලා. මොකද මම ලියන්නේ මේක වැදගත් වෙන උඹලා වෙනුවෙන්....
 

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    USB storage device එකක් Windows 7 ස්ථාපන මාධ්‍යය ලෙස යොදා ගැනීමට පහත පරිදි එය සකසා ගත යුතුය

    1. ඔබ තෝරාගත් USB storage device එක Windows 7 හෝ Windows Vista ස්ථාපනය කර ඇති පරිගනකයකට සම්බන්ධ කරන්න. ඔබගේ USB ධාවකයේ අවශ්‍ය ගොනු ආදිය වෙනත් ස්ථානයකට කොපි කර තබාගන්න. මන්ද යත් මෙම ක්‍රියාවලියේදී USB ධාවකයේ ඇති සියලු දත්ත මැකී යන බැවින්ය.
    2. පරිපාලකයෙකු ලෙස ක්‍රියා කිරීමට අවසර ඇති ආකාරයට විධාන ආකාරයට (command prompt – DOS mode) පිවිසෙන්න. ඉන්පසු එහිදී diskpart ලෙස ටයිප් කරන්න.
    3. DISKPART> මාදිලියෙන් ක්‍රියාත්මක වන විට නැවතත් එහි list disk ලෙස ටයිප් කරන්න. එහිදී ඔබ භාවිතයට ගත් USB ධාවකයට හිමි අංකය තෝරා ගන්න.
    4. ඊලග පියවර ලෙස එම ධාවකය තෝරා ගැනීම සදහා select disk x ලෙස ටයිප් කරන්න. මෙහි x ලෙස සදහන් කර ඇත්තේ ඔබගේ USB ධාවකයට හිමි අංකය විය යුතුවේ.
    5. ඉන්පසු clean යනුවෙන් ටයිප් කර එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු create partition primary ලෙස ටයිප් කරන්න.
    6. ඊලග පියවර ලෙස format fs=fat32 quick ටයිප් කිරීම මගින් ඔබගේ USB ධාවකයේ ඇත් සියලු දත්ත ඉවත් වී අලුතෙන් සෑදුන පාටිෂන් එක ඉක්සන් ආකාරයට ෆෝමැට් වේ. මෙම පියවර සම්පූර්ණ වූ පසු active යන්නද exit යන්නද පිළිවෙලින් ටයිප් කිරීම මගින් මෙම ක්‍රියාවලියේ මුල් අදියර අවසන් කර ගත හැකිය.
    7. මෙම පියවරයන් අවසන් කිරීමෙන් පසුව Windows 7 installation DVD එකෙහි ඇත් සියලුම ගොනු (Files & Folders) සියල්ලම USB ධාවකයට කොපි කරගන්න.
    8. ඉන්පසුව ඔබ වින්ඩෝස් 7 ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන පරිගනකයේ BIOS සැකැස්ම USB මගින් ආරම්භ වන ආකාරයට සකස් කරන්න. ඉන්පසු පරිගනකය reboot කළ පසු DVD ධාවකය මගින් වින්ඩෝස් 7 ස්ථාපන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරයටම USB ධාවකය මගින් ආරම්භ වනු ඇත.

    ඔය ක්‍රමය කාටහරි අමාරු නම් Microsoft ලගේ මේ tool එක පාවිච්චි කරන්න.
    බාගන්න
    වැඩිදුර විස්තර මෙතනින්
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    පට්ට Thread එක මචන්. මාත් පුළුවන් විදියට Sup එකක් දෙන්නම්.
    ඕන් එහෙනම් රෙප් දුන්න......4 ක් ම.
     
    • Like
    Reactions: stylus4

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    අදයි දැක්කේ සුපිරි වැඩක් මචන් ''''''' අපි වගේ උන්ට මර වටිනවා බන්....''' පුළුවන් හැම වෙලාවකම අලුත් post 01 දාපන් මචෝ.,,,, අපි දිගටම බලනවා. ජය හෝ....!!!!!!!!!! :rofl::rofl::rofl::rofl::yes:
     

    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    මචන්ලා මම ගිය සතියේ MCTS exam එක කලා. ලකුණු 880 ක් ගත්ත. exam එකනම් ටිකක් අමාරු උනා.
    මම www.examcollection.com site එකේ තිබුන DUMP තමයි use කලේ. ඒවා මාර හෙල්ප් එකක් උනා.
    ඊ ලගට MCITP කරන්න හිතාගෙන ඉන්නේ. මේ thread දාපු සහෝදරයට ගොඩක් ස්තුත්යි.