මචන්,
මගේ බයික් එක TVS Flame එකක්. ඒකේ ලගදි ඉදන් සෑහෙන්න පෙට්රල් පිච්චෙන්න ගත්තා. සාමන්යයෙන් කලේ 52-55 ක් වගේ. ඊට පස්සෙ ඒක 32-35 බැස්සා. එන්ජිම නිකන් තියෙද්දිත් ඩුම දාන්න ගත්තා. ඊට පස්සේ සර්විස් සෙන්ටර් දැම්මා.මුන් කිව්වා එන්ජිම බෝර් කරන්න වෙයි.10,000කට වඩා යයි කියලා.මට නිඅකන් පිස්සු හැදුනා වගේ. ඒක මම විශවස කලේ නෑ.පස්සේ ගෙවල් ලග ගරාජ් එකකට දැම්ම.ඌ මොනාදෝ කරල හරි කිව්වා. දුවල බලද්දි තිබ්බ විදියම තමා. මම පස්සේ උබේ ත්රෙඩ් එක හොයල ප්රින්ට් කරන් හොදට කියවලා තිබ්බ විදියට කලා. කියල වැඩක් නෑ මචන් දුම දාන එක අඩු උනා. පස්සේ මම දුවලා බැලුවා.ආපහු 52-55 ගානට කරනවා.වැඩේට මිනිත්තු 15ක් වත් ගියෙ නෑ. සතයක්වත් ගියෙ නෑ. බයි එක නියමට වැඩ.
තව පොඩි දෙයක්, බයික් එක ෆුල් ඇක්සලරේට් කරාන්කොට නම් තාම දුම යනවා. ඒත් ෆුල් කලාම විතරයි.නොර්මල් ගානට දුම යන්නේ නෑ. (කලින් නම් නික තියෙද්දිත් දුම් ගියා ) ඒක අවුලක්ද?
උබට ගොඩක් පින් කරපු උදවුවට.නැත්නම් මම නිකන් 10000 වියදම් කරනවා. බයි එකේ තාම 50000 දුවලා තියෙන්නේ.