Movies -Weapons,Technology etc...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හොලිවුඩ් ෆිල්ම්ස් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ.මොකද ඒවායේ තමයි අලුත් ගැජට් කෑලි,ගිනි අවි,යුදෝපකරණ වගේම නව තාක්ෂණයත් වැඩිපුරම භාවිතා කරන්නේ.ෆිල්ම්ස්වල නිතර දකින්න හම්බ වෙන්නේ නැති ගිනි අවි ටිකක් ගැන මුලින්ම කතා කරමු.



    Sniper: Ultimate Kill(2017)

    300px-Sniper7.jpg

    මේ ළඟදි බැලුවා ස්නයිපර් සීරීස් එකේ අලුත්ම ෆිල්ම් එක.අන්තිම හරියෙදි තමයි මේ දැවැන්ත ඇන්ටි මැටීරියල් රයිෆල් -Anti-Materiel Rifle (AMR) එක දකින්න ලැබෙන්නේ.මේ වගේ දැවැන්ත රයිෆල් පාවිච්චි කරන්නේ පුද්ගල ඝාතන වලට නෙමෙයි කියලා බැලූ බැල්මට පේනවා නේ.වාහනයක් හෝ වෙනත් යුදෝපකරණ අඩ පණ කරන්න තමයි මේ තරම් බලවත් අවියක් පාවිච්චි කරන්නේ.මුල් කාලයේ මේවා පාවිච්චි කලේ යුද ටැංකි වලට එරෙහිව.ඒ කියන්නේ පළමු ලෝක යුද්ධය කාලේ ඉදලා මේ වගේ රයිෆල් තිබිලා තියෙනවා.මොකද ඒ කාලේ අද වගේ මිසයිල තාක්ෂණය දියුණු නෑ ඒනිසා අද තියෙන යුද ටැංකි නාශක මිසයිලත් නෑ.

    මේ තියෙන්නේ ෆිල්ම් එකේ එන AIC Mag-Fed 20mm කියන ඇමෙරිකානු Anti-materiel rifle එක


    600px-Sniper7_41.jpg


    කොහොම භාණ්ඩයේ සයිස් එක

    600px-Sniper7_47.jpg


    මෙන්න තව පෝටෝස් ටිකක්​

    20-mm.jpg


    මේ රයිෆල් එකෙන් යාර 5000 තරම් දුරකට වෙඩි තියෙන්න පුලුවන් කියනවා.ඒ කියන්නේ මීටර් 4572/කි.මී. 4 1/2 ක්


    දකුණු පැත්තෙන් තියෙන්නේ Anzio 50 කියන රයිෆල් එක.

    20mmwith50a-1.jpg


    AIC Mag-Fed 20mm රයිෆල් එක අඩි 6යි අගල් 8 දිගයි

    20mm022standingatangle-FP.jpg






    මේ රයිෆල් එකක් ඇ.ඩො. 11,900 වෙනවලු,ලංකාවේ මුදලින් රු.18,38,788.00

    new20mmpicatshotshow.jpg


    20mmcased%20001.jpg


    20mmcased%20002.jpg


    රයිෆල් එකේ පාවිච්චි කරන 20MM උණ්ඩය අනෙක් උණ්ඩ එක්ක සංසන්දනයක් .223, .338 lapua, 50BMG, 20MM Vulcan​

    bulletsizes.jpg


    මේ විස්තර ගත්තේ



    මේ ත්‍රෙඩ් එක දිගටම ඇදගෙන යන්න උඹලත් උදව්වක් දීපල්ලා.ෆිල්ම්වල තියෙන ගිනි අවි අදුනගන්න හොඳම සයිට් එක තමයි imfdb.org කියන්නේ.ෆිල්ම් එකක දැකපු ගිනි අවියක් අදුනගන්න බැරි නම් මේ සයිට් එකට ගිහින් ෆිල්ම් එකේ නමින් සර්ච් කරන්න විතරයි තියෙන්නේ.


    පුලුවන් වෙලාවට ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම් .උඹලා බලපු ෆිල්ම්වල තියෙන ගිනි අවි,ගැජට් කෑලි වගේ දේවල් දාපල්ලා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    300px-Shooter-Poster.jpg

    මේ anti-materiel rifle එක එන්නේ Shooter (2007) ෆිල්ම් එකේ.මුල හරියෙදී තමයි මේ රයිෆල් එක හෙලිකොප්ටර් එකකට වෙඩි තියෙන්න පාවිච්චි කරන්නේ.


    ෆිල්ම් එකේ රයිෆල් එක පාවිච්චි කරන අවස්ථාවේ දර්ශන

    601px-S-M82.jpg


    600px-Shoot_009.jpg

    Barrett M82A1M රයිෆල් එක anti-materiel rifle කියලා වර්ග කලාට පුද්ගල නාශක අවිය විදියටත් පාවිච්චි කරනවා කියලයි කියන්නේ.මේ රයිෆල් එකක් ඇ.ඩො. 6000 විතර වෙනවා.වෙඩි තබන්න පුලුවන් උපරිම දුර මීටර් 1800ක්.

    මෙක්සිකානු හමුදාවේ විශේෂ බලකා සෙබලුන් සතුව ඇති Barrett M82 රයිෆල්

    Fuerzas_Especiales_Michoac%C3%A1n.jpg


    500px-Barrett_M82A1M.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎

    පොඩ්ඩක් ඩේටා ගියාට මොකෝ බන්
    මෙන්න මේක බලපල්ලකෝ බුලට් එක යන හැටි නිකන් හොයන්

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    පොඩ්ඩක් ඩේටා ගියාට මොකෝ බන්
    මෙන්න මේක බලපල්ලකෝ බුලට් එක යන හැටි නිකන් හොයන්

    ඔක්කොමත් හරි මුන්ගේ කෑගැහිල්ල තමා අහන ඉන්න බැරි :D
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113

    පොඩ්ඩක් ඩේටා ගියාට මොකෝ බන්
    මෙන්න මේක බලපල්ලකෝ බුලට් එක යන හැටි නිකන් හොයන්


    අල්ලා උකාපාන්ලු :baffled::baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    300px-Actofvalorteaserposter.jpg

    ඊළඟට තෝර ගත්තේ කියන Act of Valor(2012) ෆිල්ම් එක.මේ ෆිල්ම් එකේ විශේෂ්ත්වය විදියට සඳහන් වෙන්නේ එහිදී සහභාගී වූ සියලුම Navy SEALs සාමාජිකයින් ඒ කාලයේ ඇමෙරිකානු හමුදාවේ සේවය කරපු Navy SEALs බලකායේ සෙබලුන් කියා.ඒ වාගේම වෙඩි තැබීම් දර්ශනත් ජිව උණ්ඩ යොදාගෙන කරපුවලු(live fire).​

    604px-AOV-M134-1.jpg

    ෆිල්ම් එකේ වේග ප්‍රහාරක යාත්‍රාවල හයි කරලා තියෙන මැෂින් තුවක්කු වලින් එක් වර්ගයක් තමයි GAU-17/A කියන්නේ.මෙහි සැබෑ නම M134 Minigun .ඇමෙරිකානු නාවික හමුදාව මේ අවිය GAU-17/A නමින් තමයි හඳුන්වනවා කියන්නේ.

    220px-U.S._Navy_special_warfare_combatant-craft_crewmen_%28SWCC%29%2C_Special_Boat_Team_22_conducts_training_16_AUG_09.jpg


    මේක බැරල් 6හේ මැෂින් තුවක්කුවයක්.කි.මී.1ක් දුරට වෙඩි තබන්න පුලුවන්.
     
    Last edited: