ඔන්න කට්ටිය ත්‍රෙඩ් එකක් දාලම ඉල්ලලා තිබ්බ නිසා තමයි වැඩේට අත ගැහුවේ. මගේ පුද්ගලික මතය නම් දේෂපාලනයෙන් ජ්‍යොතිෂය පුලුවන් තරම් ඈත් කරලා තියන්න ඕන කියන එක. කොහොම වෙතත් දෙන්නගේ හඳහන් ගැන පොඩි විඝ්‍රහයක් කරන්නම්. මේක දේෂපාලන කඩේ යෑමක් නොවන බව කරුනාවෙන් සලකන්න
ඉස්සෙල්ලම බලමු දැනට දූරයේ ඉන්න කෙනාගේ හඳහන
චන්ද්‍රාධි යෝගයකින් විපරීත රාජ යෝගයකින් හා පරිවර්ථන යෝගයකින් බලවත් වෙලාතියන හඳහනේ රාහු රැකියාව හා සමාජ තත්වය ගැන කියන 10 බලවත්ව ඉන්න එක බොහොම ලොකු උපකාරයක් වෙලා තියනවා එතුමට මෙතෙක් දුර එන්න. (එතුමා ජනාධිපති වුනෙත් ඒ මහදසාවේදීම තමයි) එතුමා දැනට ගත කරන්නේ ගුරු මහදසාවේ බුධ අතුරු දසාවේ බුධ විදසාව. මෙම හඳහනේ ගුරු ඉන්නේ කුජගේ නැකතක ජනාධිපති තුමා කේතුගෙන් ඉපදුන නිසා කුජගේ නැකත් එතුමට එතරම් සුභ නෑ අන්න ඒ නිසයි 2010 පෙබරවාරි වෙනකන් උපරිම තැනට ආව එතුමා ගුරුගේ දසාව පටන් ගත්තට පස්සේ ටික ටික සමාජයෙන් ප්‍රථික්ශේප වෙන්නේ, ඒ කොහොම වෙතත් අතුරු දසාව හා විදසාව බුධග්‍රහයට අයිතියි වගේම බුධ ඉන්නේ තමන්ගේම නැකතක. ඒ කියන්නේ පරමමෛත්‍රී නැකතක මේක නම් බොහොම සුභයි එතුමට.
දැන් බලමු ඡන්දය තියන දවස ගැන.
දැන් අපි දන්නවනේ ජනාධිපති තුමාගේ දසාව අනුව කුජ ජනාධිපති තුමාට අවුල් නිසා ගුරුව පාවිච්චි කරන්නතරම් ජනාධිපති තුමා මෝඩ වෙන එකක් නෑ කියලා එහෙනම් ඊලඟට එතුමා බලන්නේ බුධ දිහා ඔන්න එතකොටයි මේක ලස්සනට අටවෙනිදා වැටුනේ ඇයි කියලා තේරෙන්නේ 08 වෙනිදා නැකත අස්ලිස ඒක බුධගේ නැකතක් ඒ කියන්නේ ජනාධිපති තුමාට පරම මෙත්‍රී නැකතක්. එදා හවස මා නැකත උදාවෙනවා ඒ ජනාධිපති තුමාගේ ජන්ම නැකතට අධිපති කේතුගේම නැකතක්. ලොල් සහගතයි වගේ නේද?.
දැන් බලමු ඔය කියන දවසේ ජනාධිපති තුමාගේ කේන්දරේ තත්වේ
එතුමාගේ ලග්නය වන කන්‍යා රාශියේ රාහු ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා එදාට. රාහු බටහිර ජ්‍යොතිෂයේ සුභයෙක් ලෙස දක්වන්නත් වෛදික හා පෙරදිග ජ්‍යොතිෂයේ අසුභයෙක් ලෙස දක්වන්නත් හේතුව රාහුගේ නෛසර්ගික ගතිය ඒ කියන්නේ රාහු හෙන පෙරේතයා තමන් ඉන්න තැනට අදාල දේ කොහොමහරි බදාගන්න වැඩි කරගන්න හදන්නේ පෙරදිග මිනිස්සු ඒ ගතිය අසුභයි කිව්වේ අපි ලෞකික දේට වඩා ලෝකෝත්තර දේ ගරු කරපු නිසා. ඉතින් මේ පෙරේත රාහු ඉන්නෙ ජනාධිපති තුමාගේ 10වැන්නේ ඒකියන්නේ තත්වය බලය නිලය වෘතිය කියන තැන ඒ අතර ඔයකියන දිනයේ රාහු ඉන්නේ ස්වක්ෂේත්‍රව ඒකියන්නේ තමන්ගේ තැන රැකගන්න රාහු ජනාධිපති තුමාව සාධක හෝ නාෂක මාර්ගයට යොමු කරන්න ඉඩ තියනවා ඒක ඒ ග්‍රහයගේ හැටි. ඊලඟට එදාට එතුමගේ හඳහනේ 11 වැන්නේ චන්ද්‍රයා හා ගුරු ස්වක්ෂේත්‍රව හා උච්චව ගජකේෂරි කියන යෝගය හදනවා නමුත් ගුරුට 11 ගොඩක්ම හොඳ තැනක් නෙමෙයි. මීට අමතරව එතුමාට චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයත් මේ වෙනකොට පවතිනවා. පසුගිය වතාවේ මේ ඒරාෂ්ඨකය තිබ්බ කාලේ එතුමා බොහොම දුභාග්‍ය කාලයක් ගත කලේ. ඒ වගේම ග්‍රහලොව සෙන්පතියා කියලා හඳුන්වන කුජ 6 වැන්න හෙවත් සතුරන් ගැන පවසන තැනට ඇවිත් මේක සතුරන් මර්ධනයට හොඳ පිහිටීමක්
දැන් අපි මයිත්‍රී මහත්මයාගේ කේන්ද්‍රය දෙසට හැරෙමු
ගජකේෂරී,කෙදාර,හර්ෂ,ලක්ෂ්මි යන යෝග වලින් බලවත් වුන හඳහනක් දස වැන්නේ කුජ නීච වීම තරමක අවාසියක් වුන කුජ දසවැන්නට දිග්බලයිඒ නිසා නීචත්වය තිබුනත් ෂේප් එකයි පාරයි න්‍යායෙන් ගොඩ යන්න පුලුවන් හඳහනක්. ඒ විතරක් නෙමෙයි 11 බලවත් රවි ග්‍රහයා ජන්මියට රාජයෝග ගෙන දෙන්න තම් බලවත්, දැන් මෛත්‍රී පාල මහත්තයා ගත කරන්නේ සෙනසුරුගේ මහදසාවේ රවිගේ අතුරුදසාවේ බුධ විදසාව බොහොම බලවත් කාලපරිච්ඡේදයක් මොකද සෙනසුරු තමයි එතුමගේ යෝගකාරකයා ඒ වගේම 11 ඉන්න බලවත් රවි නිසා රවි දසාවත් බොහොම බලවත් ඒ වගේම සෙනසුරු ඉන්නේ ජන්ම නැකතේ රවි පරමමෛත්‍රී නැකතේ හා බුධ මෛත්‍රී නැකතේ. ඒවගේම උප්පත්තියෙන්ම තියෙන හර්ෂයෝගය නිසා සතුරන් මර්ධනය කිරීමට හැකියාවත් තියෙනවා මේ හඳහනේ.
ඡන්දය දවස ඒ කියන්නේ අටවෙනිදා තියන්නේ අස්ලිස නැකත ඒක නම් ඒතුමට ඒ තරම් සුභ නෑ. මොකද ඒක එතුමට වද නැකතක්, කොහොම නමුත් ප්‍රථිපල කියන දවසනම් එතුමට මෛත්‍රී නැකතක්.
චන්දය දවසේ එතුමගේ දස වැන්නේ තමයි අර කලින් ජනාධිපති තුමාහේ 11 වැන්නේ යෙදෙන යෝගය යෙදෙන්නේ. උප්පත්තියෙන්ම තියන ගජකේෂරී යොගයත් ඒදාට කර්මස්ථානයේ(10 වැන්නේ) ගුරු හා සඳු දෙදෙනා බලවත් විමත් එතුමට සුභයි. නමුත් එදාට එතුමගේ හදහනේ 12 වැන්නේ ඉන්නේ රාහු ඒක නම් එතුමට අපල ඇති කරන පිහිටීමක්. ඒ වගේම එතුමත් මේ වෙනකොට සෙනසුරු ඒරාෂ්ඨකේකට අහු වෙලා ඉන්නේ ඒදාට රවි තුන් වැන්නේ ඉන්න එකත් එතුමට බොහොම හොඳයි.
ඉතින් මේ දේවල් දියා බලනකොට තේරෙනවා ඇති මේක බොහොම තියුනු සටනක් කියන එක.
එක දෙයක් අන්තිමට කියන්න තියාගත්තා ඒ තමයි ජනාධිපති තුමාගේ හඳහනේ සල්ලි හම්බ කරන තැන (11 වැන්නේ) ඉන්න පාපග්‍රහයෝ දෙන්නා(නීච කුජයි සතුරු රාශියේ වර්ගෝත්තම සෙනසුරුයි) ඒ දෙන්නා එතුමව නොමග අරින්න පුලුවන්(මේ ගැන වැඩිය ලියලා මට සුදු වෑන් වල යන්න ඕන නෑ) ඒ වගේම දහය අධිපති රාහු(රාහු කියන්නේ නයි හිසක් තියන මිනිස් ඇඟක් තියන ග්‍රහයෙක් ඒ කියන්නේ ඒ කියන්නේ විස සහිත, කඩාකප්පල් කාරී, ලෝබය මුල්කරගෙන තීරන ගන්න ඒ වගේම ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන ග්‍රහයෙක්) එයා ඡන්දේ දවසේ ජනාධිපති තුමාගේ ලග්නහිසේ බලවත් විදිහට ඉන්න අතර එයා තමයි එතුමාගේ කේන්දරේ සමාජතත්වය බලය ගැන කියවෙන 10 වැන්නේ ඉන්නේ(ඒ මදිවට බලවත්ව ඉන්නේ). අහ් අනිත් එක යන්ත්‍ර මන්ත්‍ර වලින් හා වෙසමුනියට බාර වෙලා ලබාගත්ත දේවලුත් ඔය එකවුන්ට් වලට දාගන්නවා හොඳයි ඊට පස්සේ ඔයාලම බර කිරලා බලන්න කවුද දිනන්නේ කියලා...