කුකුළනි, මට Passport එක හදලා අතට ගන්න ඕනි ලබන අවුරුද්දෙ පෙබරවාරි ඉවර වෙන්න කලින්. ෆොටෝ අරගෙන studio එකෙන් දෙන Ref No එකත් එක්ක, Online appointment එකක් දැම්මහම Normal service හදන ඒවට දින වැටෙන්නෙ මාර්තු අන්තිමලු. One-day service හදන ඒවට නම් දින කොහොම වෙයිද කියලා විස්තරයක් දන්නෙ නැහැ. පොත් අඩුපාඩුවක් තියෙන නිසා, Normal service දැම්මොත් Passport එක අතට හම්බවෙන්න තවත් මාස දෙකහමාරක් (ජුනි) වගේ ගිහින්ලු.
වියදම
Photo ගන්න 700/=
Normal service 5000/=
One-day service 20000/=
දවසින් ගන්න ලොකු ගාණක් යන නිසා මේක මීට වැඩිය ඉක්මන්ට Normal service එකෙන් ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද?
Last edited:
