එහෙම ආවට ගියාට ඩොමෙන් අරන් දාන්න බෑනේ. ඔයිට කලින් කොම්පැනි එකක් දාගන්න ඕනේ අඩුම ගානේ LLC වත්, නැත්නම් EV cert එකක් ගන්න බෑ ඩොමෙන් එකට. EV cert එකක් නැත්නම් විශ්වාසය අඩුයි මොකද සල්ලි එක්ක ගණුදෙනු කරන නිසා ෆුල් ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ. තව බැංකුවක් එක්ක ජොයින් වෙලා ඉන්න ඕනේ ට්‍රාන්ස් ඇක්සන් කරන්න, තව මහා බැංකුවේ ලියා පදිංචි වෙන්නත් වෙයි මුල්‍යය ආයතනයක් විදියට ඒක නම් මට ෂුවර් නෑ. ලෝයර් කෙනෙක් අල්ලගෙන හොදට කරන්න වෙයි. වර්ඩ් ප්‍රෙෂ් සයිට් එකක් අටවගෙන කරාට මිනිස්සු එන්නේ නෑ. අනෙක් උන් ගැන මම දන්නේ නෑ, නමුත් මම නම් කරන එකා ගැන දන්නේ නැත්නම්, ev cert එකක් නැත්නම්, ආයතනයක් විදියට අඩුම අවුරුදු 2,3 ක් වත් විශ්වාස විදියට තිබ්බේ නැත්නම් ලොකු සල්ලියක් දාන්න යන්නේ නෑ. PayHere එකෙත් අනෙක් ඒවා තිබ්බට, තාම අළුත් නිසා ලොකු සල්ලියක් තියෙන්න අරින්න නරකයි. ඌ ඔක්කොම සල්ලි අරන් රට පැන්නොත් කාට කියන්නද?