මාත් මීට මාස කිහිපයකට උඩදි ප්ලෑන් එකක් ඇපෲ කර ගත්තා. ඒකට ඕන කරන්නෙ.
1. ප්ලෑන් එකේ කොපි තුනක් ඕන. (ප්ලෑන් තුනේම අදාල කෙනා අත්සන් කරලා තියෙන්න ඕන. නිවසට වතුර ගන්න මූලාශ්රය සදහන් කරලා තියෙන්න ඕන. උදා. ප්රධාන ජල සැපයුම, ළිඳ )
2. ඔප්පුවේ පිටපතක්.
3. බිම් කට්ටිය අනුමත කරගත්තු ලියවිල්ල. Ground Plan එක. (Survey Plan එක. ඒක ප්රාදේශිය සභාවෙන් අනුමත කරගෙන තියෙන්න ඕන.)
4. වරිපනම් බදු ගෙවන ඉඩමක් නම් ඒ ලදුපතකුත් ඕන. (අපි වරිපනම් ගෙවන සීමාවේ නෙමේ හින්දා මට නම් ඕක ඕන උනේ නෑ..)
මේ සේඉරම ලියකියවිලි ලෑස්ති කරගෙන අදාල ප්රාදේශිය සභාවේ අයදුම් පතක් අරගන්න ඕන. ඒකට මට නම් රු. 300ක් ගියා. ඒක ෆෝර්ම් එකක් කියලා කිව්වට පොතක්. ඒක පුරවන එක තමා ටිකක් අමාරු වැඩේ.. (ගොඩනැගිලි අයදුම් පතක් දෙන්න කියලා කිව්වහම ප්රාදේශිය සභාවෙන් ගන්න පුලුවන්.)
ඒක පුරවලා මම කිව්ව ලියවිලිත් එක්ක ප්රාදේශිය සභාවට දෙන්න ඕන. අයදුම්පත් ගාස්තු කියලා රු. 2500ක් ගත්තා. ඒ මුදල ගන්නේ ඉඩම බලන්න එන තාක්ෂණික නිළධාරියාට දෙන්න.
ඊට පස්සේ සති දෙක තුනකින් ප්ලෑන පාස් වෙනවා. ප්ලෑනේ අවුල් තියෙනවා නම් රිජෙක්ට් වෙන්නත් පුලුවන්. ඉඩම බලන්න එන නිළධරියාට ගානක් දෙන්න පුලුවන් නම් ඉක්මනින්ම පාස් වෙනවා.
මට නම් අයදුම්පත් ගාස්තුවයි (2500) ෆෝර්ම් පොතයට ගිය රුපියල් 300යි ඇරෙන්න වෙන වියදමක් ගියේ නෑ.