මේකෙ ඉන්න සමහර උන්ට තර්කයක් පැහැදිලි කරන්න බෑ බං. මං ඒ නිසා මේ වගේ දේවල් වලට කතා කරන්නත් කැමති නෑ.
Personally මං විරුද්ධයි PMC එකට. ඕක තනිකරම සල්ලි ගරන්න හදන වැඩක්. දන්නව ඇතිනේ ඕක පිටිපැස්සේ ඉන්නේ කවුද කියලා. (මේ පාර A/L කරපු උන්ට කෙලවපු උන්ගෙන් තුන් දෙනක්ම ඉන්නවා
)
මචන් ඩොකෙක් deal කරන්නේ මිනිස් ජීවිතයක් එක්ක. ඒ නිසා දෙන උපාධියේ quality එකක් තියෙන්න ඕනෙ.
මගේ ජීවිතයට සම්බන්ධ පොඩි උදාහරණයක් කියන්නම්. ඉස්කෝලෙදි අපේ නංගිව ලමයෙක් තල්ලු කරලා එයාව වැටිලා තිබුනා, නහයෙනුත් ලේ ඇවිත් තිබිලා බෙහෙත් දාලා ගෙදර ගෙනාවා. රෑ එකපාරම නංගිගෙ කටින් ලේ ඇවිත් තිබ්බා. එහෙමම ගෙනාවා අපි Durdans Hospital එකට. එතන ENT එකේ ඩොකා චෙක් කරලා කිව්වා අවුලක් නෑ ගෙදර ගෙනියලා ආයේ වමනෙ වගේ ආවොත් ගේන්න කියලා. ඒත් අපේ තාත්තා කිව්වා කමක් නෑ අපි ඇඩ්මිට් කරලා තියමු කියලා කොයි එකටත්. ඊට පස්සේ එදා රෑ මායි අම්මයි තමයි නංගි ගාව හිටියේ.
රෑ නංගිගෙ නහයෙන් නිකන් හොටු වගේ බේරෙන්න ගත්තා. මං ගිහින් කිව්වමත් ඇවිත් බලලා ගියා. බලන්න ආවේ ඔය උඹලා උඩ දාගෙන කෑ ගහන Foreign Degree එකක් කරපු වෙන රටක Degree ගොඩක් තියෙන ඩොකෙක්. ඊට පස්සෙ දවසේ මට කැම්පස් එකේ Presentation එකක් තිබිලා මං පාන්දරම Hospital එකෙන් ආවා. මං නංගිට කිව්වා නංගි මං ගිහින් එන්නම් කියලා අත අල්ලලා. ඒත් එයා නිකන් මොනවද කිව්වා. මං හිතුවේ සේලයින් එක නිසා රිදෙන නිසා කියලා. (එත්කොට නංගි 5 වසරේ)
කොහොමහරි මං කැම්පස් ගිහින් Presentation ඔන්න මෙන්න තියෙද්දි අම්මා Call කරා. මං Phone එක Answer කරන්නේ නැතුව ඉන්නත් හදලා නිකමට ගත්තා. අම්ම කිව්වා නංගිට අමාරුයි General Hospital ගෙනියනවා කියලා Ambulance එකේ. අම්මා අඬනවා. මං එහෙමම Presentation කරපු මිස්ට කියලා ආවා. ඒ මිස් කිව්වා Presentation ගැන බලන්න එපා යන්න. හෙට ඇවිත් මිස්ව හම්බෙන්න කියලා.
මං General Hospital එකට ගිහින්ම නෑ. (අපි සාමන්යයෙන් යන්නේ Private Hospital වලට) ඇතුලට ගන්නේ නෑ ලෙඩ්ඩු බලන වෙලාව නිසා. මේ වෙද්දි අම්මා ඇතුලෙ නංගි එක්ක. තාත්තත් ආවා. (අපේ තාත්තා SLICP එකේ ඉහල තනතුරක් දරනවා. ඒ නිසා Hospital, Pharmaceutical Filed එකේ ගොඩක් Connection තියෙනවා) එහෙම ඇදුනුම්කම් මාර්ගයෙන් අපි ඔක්කොම කොහොමහරි ඇතුලට ගියා. යද්දිත් නංගිගේ මුලු ඔලුවම තට්ටෙ ගාලා.

Operation Theater එකට ගන්න ඔන්න මෙන්න තියෙද්දි දැක්කේ. ඔපරේශන් එක කරන්න හිටියෙ ලංකාවෙ ඉන්න දක්ශතම Neurosurgeon. ඒත් ඩොක්ටර් කිව්වේ ජීවිතේ බේරන්න පුලුවන් හැකියාව 5% වත් නෑ දැනටමත් ගොඩක් පරක්කුයි කියලා. ඒ වෙද්දිත් නංගියෙ මොලේට හිස්කබල හරහා ලේ ගලන්න පටන් අරන්. එක පැත්තක් Paralyse වෙලා. මං මොන තරම් කලින් දවසේ Durdans එකේ පාහර ඩොකාලට කිව්වත් මුං ගනන් ගත්තේ නෑ. තාත්තට ඩොක්ටර් කිව්වා වෙන කරන්න කිසිම දෙයක් නෑ ඔපරේශන් එකට අත්සන් කරන්න කියලා. තාත්තට අත්සන් කරන්න පෑන ගන්නවත් බෑ ඒ තරමට Shock වෙලා. මං මුල්ම වතාවට්ට දැක්කේ තාත්තා ඉකිගහලා අඬනවා. විශ්වාස කරපන් මචන් ඩොක්ටත් ඇඬුවා.
නංගිව ඔපරෙශන් එකට ගත්තා. පැය ගානක් ගියා. ඔන්න Streacher එකක දගෙන නංගිව ගෙනවා. සුදු රෙද්ද දැක්ක ගමන් අපේ අම්මා කෑ ගහලා අඬන්න ගත්තා. අපේ අම්මා හිතුවෙ වෙන දෙයක්. ඩොක්ටර් කිව්වා ඔපරේෂන් එක හරි. ඒත් තාම ජීවිතේ ගැන විශ්වාසය තියන්න බෑ කියලා. මුලු General Hospital එකේම Neuro Unit ICU එකේ ඇදන් 4 තියෙන්නෙ. නංගිගෙ එහා පැත්තෙ එක්කෙනා මං බලන් ඉද්දිම මැරුණා. කොහොම හරි එදා හවස් වෙදිදි සිහිය ආවා. දවස් 2 ICU ඉදලා Ward එකට දැම්මා.
එදා ඩොක්ටර් කිව්වේ ඒ ඩොක්ටර් කරපු දහස් ගානක් ඔපරේශන් වලින් කරපු දෙවනි අමාරුම එක කියලා. මාස 4 විතර යනකන් නංගි ඇදේ හිටියෙ වෙනම Environment එකක මොලේ Operation එකක් නිසා. ගෙදර ගෙනාවට පස්සෙ මං නංගිව දැක්කෙත් සතියකට වගේ පස්සේ. මාසෙකට වගේ පස්සෙ තමයි ඒ කාමරේට ගියෙත්.
කොහොමහරි Durdans එකේ හිටපු පැය ගානටයි Treatment වලටය් ලක්ශ 4 වගේ ගියා. තාත්තා මුකුත්ම නොකියා ඒවා ගෙවලා දැම්මා. හැබැයි නංගිට මොනාහරි උනානම් එහෙම මං ඔය ඩොකාවයි හිටපු උන් ටිකයි මරනවා.
ඔන්න බලපන් Private Hospital වල තත්ත්වය. අර ඩොක්ටර් අපිට දෙවි කෙනක් වගේ.
ඩොක්ටර් අපිට එක දෙයක් කිව්වා. හැමෝම Private Hospital වල ඉන්න Doctor ලා හොදයි කියලා එහෙ යනවා. හැබැයි ඔය කොයි Private Hospital එකෙත් වැඩ වැරදුනාම හොයන් එන්නේ මේ General Hospital එකේ මේ දුප්පත් ඩොක්ටර්ලව කියලා.
ඔය නිසා තමයි මං මූලිකවම PMC වලට විරුද්ධ. PMC ගියාට කමක් නෑ උඹලා හරියට ඉගෙනගනිල්ලා මිනිස්සුන්ගෙ ජීවිත්ත් එක්ක සෙල්ලම් නොකර. අපේ තාත්තට මොන සල්ලි තිබ්බත් අන්තිමට අපේ නංගි අද ජීවතුන් අතර ඉන්නේ රජයේ රෝහලක ඩොක්ටර් කෙනක් නිසා. උඹලත් ඉගෙනගෙන Private Practice ම කරන්නේ නැතුව මනුස්සකමටත් සලකපල්ලා සල්ලි මත්තෙම නැහෙන්නේ නැතුව. 