Porches ඵකෙන් ගිය අමනයා අල්ලා ගත් හැටි
පසුගිය මාසයේ 26 වැනිදා කොළඹ, හෝටන් පෙදෙස, විජේරාම මංසන්ධිය අසළ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට මරු කැඳවමින් පලාගිය මෝටර් රථය හා එහි අයිතිකරු පිළිබඳව තොරතුරු පොලීසිය විසින් හඳුනා ගනු ලැබ තිබේ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ දින ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගී මෝටර් රථයක් උදෑසන 05.30ට පමණ එම අනතුරු සිදුකර පලාගොස් ඇති බව ය.
මෙම අනතුරෙන් සිඟමන් යැදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මාර්ගය දෙපස සවිකළ සී.සී.ටී.වී. දර්ශන හා සාක්ෂි පදනම් කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය අදාළ අනතුර සිදුකර ඇත්තේ හෝටන් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකු බව හඳුනා ගැනිණි.
මූලික අදියරේදී වාහන 130ක් පිළිබඳව පොලීසියේ අවධානය යොමු වී ඇති අතර පසුව මොටර් රථ 7ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරිණි.
අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, අනතුර වාර්තා නොකිරීම, තුවාලකරු රෝහල්ගත නොකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරු අධීකරණයට අද ඉදිරිපත් කෙරිණි.
භාරකරුවෙකු නොමැති අසරණ යාචකයෙකු සම්බන්ධයෙන්ද නීතීය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සැළකේ.

අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබූවේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශය විසිනි.
Source:newsfirst
කොළඹදී යාචකයෙකුට මරු කැඳවා පලාගිය සුඛෝපභෝගී මෝටර් රථ රියැදුරු කොටුවෙයි