Portable Hard Disk අවුල්.. උදවු ඕනේ..
මගේ ළඟ තියෙන්නේ Western Digital එකෙන් ගහන Touro portable hard එකක්. අරගෙන මාස 3ක් ඇති. සති 3කට විතර කලින් ඉඳන් හර්ඩ් එක සෑහෙන්න ස්ලෝ වෙන්න ගත්ත. file ඕපන් කරන්නත් හෙන වෙලාවක් ගත්ත. දැන් මගේ මැෂින් එකට පෝටබල් එක ගැහුවට පාටිෂන් පෙන්නන්නේ නෑ. හර්ඩ් එක ගැහුවා කියල පෙන්නනවා. device manager වලත් පෙන්නනවා. එත් පාටිෂන් නෑ.
වැඩේ කියන්නේ හාර්ඩ් එක වෙන මැෂින් වලට ගැහුවම හොඳට වැඩ. කිසි අවුලක් නෑ. මගේ මැෂින් එකට වෙන පෝටබල් හාර්ඩ් ගැහුවමත් හොඳට වැඩ. මම මැෂින් එකේ system partition එක ෆෝමැට් කරලා ආපහු windows 8 ගැහුවා. එත් ලෙඩේ එහෙමමයි. පෝටබල් එකත් ෆෝමැට් කළා. ඒත් එහෙමමයි..
කවුරු හරි දන්නවා නම් කියනවද මොකක්ද අවුල කියල? ලොකු උදවුවක්..

power supply එකෙන් දෙන power එක මදි වෙලා බන් portable එක read කරන්න. අලුත් power supply එකක් දැම්මම හරි ගියා.. thanks මචන්ලා ඔක්කොටම. උඹලටත් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මුලින්ම power supply එකේ එන power එක check කරපල්ලා.. 