මේකට තියෙන්නෙ ඉතාම දීර්ඝ උත්තරයක්.
උඹේ background එක මොකක්ද?
අපි යම් දැනුම් පද්ධතියක් විග්රහ කොට බලමු.
අපිට ගැටලුවක් තියෙනව. ගැටලුව තමයි පොල් බිමට වැටීම. මෙහෙම වෙන්නෙ ඇයි කිව්වොත් ඒකට උත්තරේ මොකක්ද? උත්තරයක් දෙනව කියන්නෙ මොකක්ද?
උත්තරේ හැටියට අපි කරන්නෙ යම් කිසි ප්රවාදයක් (theory එකක්) වෙන වචන වලින් කියනවනම් කතන්දරයක් ගොඩනඟන එක.
පොල් වැටෙන එකට පුරාණ ග්රීකයො ගොඩනඟපු කතන්දරේ තමයි සියලුම වස්තූන් වලට නියමිත තැනක් තියෙනව. "බර" වස්තූන් වලට අදාල තැන තමයි පොලොව. බර නැති වස්තූන් වලට අදාල තැන තමයි අහස කියන එක.
ඔය ප්රවාදය යම් තත්ව යටතේ වලංගුයි. සංගතයි. ඒක නිසා අවුරුදු 100 ගානක් ඒක හරි ප්රවාදය විදිහට පිලිගැනුන.
නමුත් නිව්ටන් ඕකට වෙනත් ප්රවාදයක් ගොඩනැඟුව. ඒ තමයි ස්කන්ධය (mass) නම් රාශිය, තවත් එම වර්ගයේම (එනම් වෙනත් ස්කන්ධ) වෙත ආකර්ශණය වන බව, හා එම ආකර්ශණ බලය, අදාල වස්තූන්ගේ ස්කන්ධයන්ට අනුලෝමවත්, එම වස්තූන්ගේ දුරේ වර්ගයට ප්රතිලෝමවත් සමානුපාතික වන බව.
මේක හරිද?
එදා තිබුණු නිරීක්ශණ සමඟ මෙම ප්රවාදය හොඳින් ගැලපුනා. කලින් තිබ්බ ප්රවාදයට වඩා මේකෙන් ග්රහ චලිතය වගේ දේවල් උනත් පැහැදිළි කරන්න පුළුවන් උනා. ඒක නිසා නිව්ටන්ගේ තියරිය තමයි පිළිගත්තෙ.
නමුත් මේක හරිද?
ඔය තියරියෙන්, බුධගේ චලිතය හරියටම කියවෙන්නෙ නැති බව පසුව හොයාගත්ත.
1915දී අයින්ස්ටයින් අලුත්ම ප්රවාදයක් ගෙනාව. ඒකෙන් කියවුනේ, කලින් නිව්ටන් කියපු විදිහට ස්කන්ධ, තවත් ස්කන්ධ මත අද්භූත ආකර්ශණයක් නොයොදන බවත්, නමුත් ස්කන්ධයක්, අවකාශයේ පවතිනවිට, අවකාශ-කාලය වක්ර වන බවත්, හා එසේ අවකාශ-කාලයේ සිදුවන වක්රතාව නිසා වෙනත් ස්කන්ධ ආකර්ශණය වන බවත්.
මේක හරිද?
අපේ නිරීක්ශණය තමයි පොල් වැටීම.
ග්රීක ප්රවාදය, නිව්ටන් ප්රවාදය, අයින්ස්ටයින් ප්රවාදය, මේ ඔක්කොම අදාල නිරීක්ශණය විස්තර කිරීමට ගෙතූ කතන්දර පමණයි.
නමුත් බටහිර (පොදුවේ ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තනයේ) පිළිගැනීමනම්, කතන්දරය මොකක් උනත්, පොල් සැබෑ ලෙසම පොළොවට වැටෙනවා යන්නයි.
නලින් මින් එහාටත් යනව.
නලින් කියන්නේ පොල් වැටෙනවා කියන්නේ මනසේ නිර්මාණයක් බවයි. මේක ටිකක් සංකීර්ණයි. පස්සෙ ලියන්නම්.
මූලික දේ තේරුණා කියල හිතනව.