විශ්ව විද්‍යාලයක වැසිකිළි වළක් පිරිසිදු කිරීමට වත් සුදුසු නොවන නලින් ද සිල්වා වැනි මුග්ධයින් අපේ රටේ සරසවිවල මහාචාර්ය/පීඨාධිපති පදවි දැරීම ජාතියේම අවාසනාවය. කොයිතරම් වැරදි තිබුනත් ජී. එල්. පීරිස් මහාචාර්යතුමන් කළ එක හොඳ වැඩක් නම් මේ මානසික රෝගියාගේ වැඩ අට අවුරුද්දකට තහනම් කිරීමයි. කවදාවත් සිසුන් විසින් පෙරළා තම ගුරුවරුන් ඇගැයීමට ලක් නොකරන දුර්වල සරසවි පාලනයකට පිං සිද්ද වන්නට දැන් ඔහු පරණ සෙල්ලම් යළි පටන් ගෙන ඇත. තමන් මෝහයේ ගැලී සිටිනවාට අමතරව මේ පුද්ගලයා මොට කරන්නේ තරුණ පරම්පරාවේ චින්තනයය. සරසවියක උගන්වනවාය කියා ලබන පඩියට වත් සාධාරණයක් කරන්නට මොහුට උවමනාවක් නොවේ. ඉගැන්වීමට වෙන්කළ කාලයෙන් වැඩි හරියක් ඔහු නාස්ති කරන්නේ තමන්ගේ ඉලව් ‘ජාතික චින්තනය’ දේශනා කිරීමට බැව් ඔහුගෙන් ‘ඉගෙන ගැනීමට’ තරම් අවාසනාවන්ත වූ සිසු සිසුවියෝ දනිති.
මේ විඩියෝ පටයට සම්පූර්ණයෙන් සවන් දෙන්න. මේ දැනට වසර දෙකකට පමණ ඉහත සිදුවුනා යැයි කියන සිමෙන්ති බුදු පිළිම වලින් ‘රැස් විහිදීමේ මහා ප්‍රාතිහාර්යය’ ගැන නලින් ද සිල්වාගේ කියැවීමය. ඔහුට අනුව මෙය භෞතික විද්‍යාවෙන් විස්තර කළ නොහැකිය. මන්ද බුදු පිළිම වලින් රැස් විහිදී ඇත්තේ ප්‍රභාකරන්ට නෙළීම පටන් ගත් දාම හෙයිනි. ඒ අනුව ඔහු කියන්නට උත්සාහ ගන්නේ ගෞතම බුදුන් පවා එක සිතින් මේ යුද්ධය අනුමත කරන බව විය හැකිය. බොධිසත්තව සිටියදී යුද්ධ කළ බව කියා තම මතයට සක්කයක්ද ගසන්නේ සමහරවිට ගෞතම බුදුන්ද තමන් වැනිම උග්‍ර සිංහල වර්ගවාදියකු බව නලින් ද සිල්වා සිතා සිටින නිසාද වන්නට බැරි කමක් නැත. (ජාතක කතා සාහිත්‍යය ගැන ගැඹුරු දැනීමක් නැති ලේඛකයා මේ කතාවේ සත්‍යාසත්‍ය බව විමසුවේ මහැදුරු සුචරිත ගම්ලතුන්ගෙනි. මහාචාර්ය ගම්ලත්ට අනුව එය ඇත්තකි. බොධිසත්තයන් වහන්සේ යුද්ධ කරනවාට අමතරව තවත් බොහෝ දුරාචාරයන්හිද නියැළී ඇත. නමුත් ඒ පෘතග්ජන මනුෂ්‍යයකු හැටියටය. මතු බුදු වන්නට හිටියත් පෘතග්ජන මනුෂ්‍යයකු අතින් පස් පව් බිඳීම අරුමයැකැයි ලේඛකයාට නොසිතෙයි. නලින් ද සිල්වා මේ සිද්ධීන් ගෞතම බුදුන් යුද්ධය අනුමත කළ බව තහවුරු කිරීමට යොදා ගන්නේ නම් ඒ ඔහුගේ බුදු සමය ගැන ඇති අනවබෝධය නිසාම විය හැකිය.)
අනෙක් අතට ජීව විද්‍යාව හදාරා නොතිබුනද දෘෂ්ටි මායාවන් (optical illusions) ගැන නලින් ද සිල්වා නොදැන සිටීම පුදුමයකි. (අනේ, මේ අපේ රටේ ‘මහාචාර්යවරුන්ය’!) දවසේ වෙනසක් නැතිව බුදු පිළිම වලින් පමණක් නොව කම්පියුටර වලින්ද ‘බුදු රැස්’ විහිදෙන බව ගමේ මෝඩ උපාසක අම්මලාසේම නලින්ද සිල්වාද නොදනියි. (බුදු රැස් දැකීමට කැමැත්තෝ බලත්වා:http://sumudusharp.blogspot.com/2006/08/budu-ras-from-buddhastatues.html)
නලින් ද සිල්වා මෙහිදී උපහාසයෙන් සඳහන් කරන භික්ෂූන් වහන්සේ පිටිදූවේ සිරිධම්ම හිමිය. උන් වහන්සේට ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ඇත. උන්වහන්සේ කියන දේශනා කරන ‘ධර්මය’ ගැන ලේඛකයාට ගැටළු රාශියක් ඇත. එහෙත් මේ කාරණය සම්බන්ධව ඔහු නලින් ද සිල්වා විසින් පිටිදූවේ සිරිධම්ම හිමි අවමානයට පත් කිරීමද, උන්වහන්සේ වැරදි ලෙස අර්ථ කථනය කිරීමද හෙළා දකී. ලේඛකයාගේ මතකය නිවැරදි නම් උන්වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ මේ ‘පෙළහර පෑම්’ කවර ආකාරයෙන් සිදුවුවත් සැබෑ බෞද්ධයින් ඒවා නොසළකා හරිය යුතු බවය. සියයට සියයක් නිවැරදි නැතත් යථාර්තවාදී බෞද්ධ භික්ෂුවකට නොසුදුසු ස්ථාවරයක් නොවේ එය. ප්‍රභාකරන්ට නෙළන්නට පටන් ගත් නිසා බුදු රැස් විහිදුනාය කීම නම් බෞද්ධ භික්ෂුවක් නොව අතුරලියේ රතන බඳු යුද උන්මාදී චීවරධරයකුවත් නොකරන ජාතියේ ප්‍රකාශයකි.
අමතක කර දැමිය යුතු යැයි කෙනකුට සිතෙන්නට ඉඩ ඇතත්, ලේඛකයා මේ පරණ කතාව යළි ඇද ගන්නේ හේතුවක් ඇතිවය. වසර දෙකක් තිස්සේ නෙළා දැන් ඉතිරිව ඇත්තේ ප්‍රභාකරන්ට කරන අවසාන නෙළීමය. කවර මොහොතක හෝ ප්‍රභාකරන් මරු මුවට පත්විය හැකිය. නලින් ද සිල්වා කියන විදියට ප්‍රභාකරන්ට නෙළීමට පටන් ගත් දා බුදු පිළිම රැස් විහිදා එය අනුමත කළා නම්, ප්‍රභාකරන් මියයනදා අඩු තරමින් හිටි තනින් උඩ පැන ප්‍රමෝදය පළ කළ යුතුය. එසේ නොවනේ නම්, ඒ ඇයිදැයි නලින් ද සිල්වා අපට පහදා දිය යුතුය.
Source: http://taboosubjects-mirrored.blogspot.com