අවුරුදු 28කුත් උන නිසා ඔන්න කසාදයක් කොරගන්න කියල බැලුවෙ සිංහලු. ගෙදරිනුත් හැමදාම බර බරේ.
කෙල්ලෙක් නැති නිසා proposal එකකින් තමා බඳින්න වෙන්නෙ. මට ඉතින් ඔය සම්බන්ධව වැඩි අත්දැකීම් නැති නිසා දීපල්ලකො පොඩි advice පාරක්.
මෙන්න මේකයි සීන් එක.
proposal එකක් ඇවිත් තියනව අපේ පියතුමාගේ යාලුවෙක්ගෙ දුවෙක්. කෙල්ල දැක්ක ලස්සනයි. කතාබහෙනුත් අවුලක් නැහැ කියල හිතෙනව. කොස්සකට තියෙන්නෙ කෙල්ලගෙ family එකම ඉන්නෙ Sweden වල. ඒකිව බැන්දොත් ඉතින් මටත් එහෙ පදිංචියට යන්න වෙනවා.
මට තියන ප්‍රශ්නේ මේකයි. බඳින්න කලින් ඉතින් හම්බ වෙලා කතාබහ කරන්න එහෙම ඕනෙනේ. දැනටනම් ස්කයිප් පිහිට තමා. ඉතින් මම එක්කෝ එහෙ යන්න ඕනේ. නැත්නම් කෙල්ලට මෙහෙ එන්න කියන්න ඕනේ
ඔය දෙකෙන් මොකක් කරන එකද වඩා හොඳ? සාමාන්යෙන් කොල්ල නේද කෙල්ලව බලන්න යන්නෙ? තව ඉතින් ඔය proposal වලදී බලන්න ඕනේ ඒවා එහෙම තියනවනේ..
දිපල්ලකො සිංහලු මට advice ටිකක් ඔය සම්බන්ධව.