මගේ අම්මයි තාත්තයි දෙන්නම උසාවියේ වැඩ කරපු අය. ලඝු ලේඛක (Typist) ගොඩක් වෙලාවට ඔෆිස් එකේ තමයි මචං ඉන්නේ. පඩි ඉතින් රජයේ Non Technical සෙට් එකට දෙන පඩියම තමයි. (ලිපිකරු පඩිය) පඩි නම් ලොකුවට සෙට් නෑ. හැබැයි ඉස්සර නම් කොපින් ෆී කියලා එකක් දුන්නා අමතරව. ඒවා ඉතින් ඉන්න බොසා හැටියට තමයි සෙට් වෙන්නේ. වැඩ නම් ලොකුවට නෑ බං. උසාවි වර්ගේ හැටියටත් බොසා(රෙජිස්ට්‍රාර්) හැටියටත් වැඩ තීරණය වෙනවා (අපේ තාත්තා වගේ ආතල් බුවෙක් සෙට් වුනොත් නම් අවුලක් නෑ. සමහරු නම් ඉන්නවාලු මෙලෝ රහක් නැති එවුන් කිසි බුරුලක් නොදෙන) නමුත් එහෙම ලොකුවට වැඩක් නෑ. අදාල ෆයිල් ටික ඉවර කරන්න විතරයි ඕනේ. දවස් 5 සාමාන්‍යය විදියට 8.30-4-15 තමයි ඉතින්. මේකේ කෙනෙක් දාලා තියෙනවා වැඩ වලදි කෝල් එකක් ගන්න බෑ කියලා උසස් වීම් නෑ කියලා. කිසිම අවබෝධයක් නැතිව තමන්ට හිතෙන ඒවා කියන එවුනුත් ඉන්නවා කියලා මතක තියාගන්න. එහෙම එකක් නෑ. Grade III ඉඳලා Grade II, Grade I වෙනකන් උසස්වීම් හම්බෙනවා. කෝල් ගන්නත් ප්‍රශ්නයක් නෑ. නෝමර්ල් ඔෆිස් එකක වගේ කට්ටිය ෆන් එකේ ඉන්නවා. ගෙදර ගේන්න වැඩ මොකුත් නෑ ගොඩක් පොසිශන් වල උසාවියේ. ස්ථාන මාරු නම් සෙට් වෙනවා අවුරුදු කීපෙකින්. ගොඩක් ඈත තැන් වලට නම් දාන්නේ නෑ. නමුත් සමහර වෙලාවට උසස්වීම් එක්ක ඈත තැන් වලට දානවා. ඒවා ඉතින් පස්සේ ගොඩක් අය ශේප් කරලා ලඟට සුහද මාරු සෙට් කර ගන්නවා.
අවටියල් කේස් නම් රස්සාවට අදාල එකක් නෙමෙයි. මොන රස්සාවෙත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒක උසාවියද, ඉස්පිරිතාලෙද, පොලිසියද, ප්‍රාදේශිය සභාවද අදාල නෑ. පඩිය සෙට් නම්, කෙල්ලත් සෙට් නම් කතා කරලා බලන්නයි තියෙන්නේ.