දිගු කන් එක්ක බල්ලෙක් වාර්තා පොතට
කළු සහ දුඹුරු පැහැ සිරුරක් හිමි “හාබර්” නම් සුනඛයා ලොව දිගම කන් හිමි සුනඛයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබේ. 8 හැවිරිදි වියෙහි පසුවන හාබර්ට ඉතා අසාමාන්‍ය දිගකින් යුත් කන් දෙකක් හිමිව පවතින අතර වම් කන සෙන්ටිමීටර් 31 .1 ක දිගකින් ද, දකුණු කන සෙන්ටිමීටර් 34 .3 ක දිගකින්ද යුක්තය. හාබර් දිවයන විට මෙම දිගු කන් නිසා මහත් කරදරයට පත්වන බව හාබර්ගේ හිමිකරු වන ජෙනිෆර් සඳහන් කර තිබේ.