Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මයික්‍රොසොෆ්ට් Kinect motion-sensing තාක්ෂනය සෞඛ්‍යමය හිතවතෙකුද වන හැඩ..

    ms.jpg


    මයික්‍රොසොෆ්ට් ආයතනය හදුවාදෙන චලන හදුනා ගැනීමේ තාක්ෂනය වෛද්‍ය සහයෙකු ලෙසද භාවිතාකරන්නට ඇති හැකියාව පසුගිය දිනක පැසිපික් සෞඛ්‍ය සමුලුවක් අමතමින් එහි නියෝජිතයෙකු පෙන්වා දෙනු ලැබිනි.දැනට රෝගීන් සහභාගීවන “ඔන් ලයින්” සැසිවලදී මෙන් සත්‍ය රූව හුවමාරුවට වඩා රෝගීන්ගේ කාටූනමය චලන රටා තුලින් පැහැදිලිවම ඔවුන්ගේ කායික චලන රටා නිරූපනය වන බව ඔහු පැහැදිලි කල බවයි සටහන් වන්නේ.
    සෞඛ්‍යමය සේවා වෙළදපල යනු ඩිජිටල් බලවතුන්ගේ ඉලක්කයක් ලෙස බොහෝ කලක් තිස්සේ පවතින අතර මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තමන් වෙළද අරමුනකින් තොරව තවත් බොහෝ නව නිපැයුම් සදහා සහයවන්නට බලාපොරොත්තු වන බවයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සිව් වස් වියැති පුංචි පිකාසෝ

    picaso.jpg


    තවමත් වසර 04 ක් පමණ වයසැති එයිල්ටා අන්ද්‍රේ නම් ළඳරු චිත්‍ර ශිල්පිණිය ඇයගේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර නිර්මාණ හැකියාව සහ පසුගියදා නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ සිය චිත්‍ර ප්‍රදර්ශනයත් සමග “පුංචි පිකාසෝ” යන අන්වර්ථ නාමය දිනාගැනීමට සමත්ව තිබේ. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ වෙසෙන මෙම වියුක්ත(Abstract) චිත්‍ර ශිල්පිණිය ලොව වෙසෙන ළාබාලතම වෘත්තීය චිත්‍ර ශිල්පිණිය විය හැකි බවට ද වාර්තා වේ. නිව්යෝර්ක් හි පැවති චිත්‍ර ප්‍රදර්ශනයේදී එයිල්ටාගේ සිතුවම් පවුම් 6000 ඉක්ම වූ මිලකට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ආයුර්වේද ප්‍රතිකාරවලින් පියයුරු පිළිකා සුව කරයි

    breast.gif


    ආයුර්වේද ප්‍රතිකාර මගින් පියයුරු පිළිකාවක් සම්පූර්ණයෙන් සුවපත් කිරීමට ලුනාව ආයුර්වේද රෝහලට හැකි වී තිබේ.
    මාස 04කට ඉහතදී සිදු කළ ශල්‍යකර්මයකින් පසු සියයට 200කින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව වෛද්‍ය වාර්තා තහවුරු කර ඇතැයි ලුනාව ආයුර්වේද රෝහලේ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ඒ. එස්. අජ්මීර් මහතා පවසයි.
    දේශීය වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැකි බව ඔහු කියා සිටියි.
    කසාය හා පාරම්පරික තෙල් යොදාගනිමින් වයස අවුරුදු 36ක කාන්තාවකට සිදු කළ මේ ප්‍රතිකාරවලින් පසු ඇය සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයිද ඒ මහතා පවසයි.
    මීට අමතරව පිට කොන්දේ ඇතිවන පිළිකා හා පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන පිළිකා සඳහා දැනට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර කිරීමටද ලුනාව ආයුර්වේද රෝහල පියවර ගෙන තිබේ.
    මේ ප්‍රතිකාර ක්‍රම තවදුරටත් වැඩිදුයුණු කිරීම සඳහා පුහුණු වෛද්‍යවරුන්ගේ සහාය අවශ්‍ය බව පවසන වෛද්‍ය අජ්මීර් මහතා, ශල්‍යාගාර පහසුකම් අවම වීම නිසා ඉතාමත් අසාධ්‍ය රෝගීන්ට පමණක් ප්‍රතිකාර ලබා දීමට සිදුව ඇතැයි ද සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ජංගම දුරකථන තිරයෙන් ඔබ්බට HTC Evo 3D

    htc.jpg


    HTC සමාගම ත්‍රිමාණ තාක්ෂණයෙන් ජායාරූප ලබාගත හැකි මෙන්ම ත්‍රිමාණ දර්පණ තල නොමැතිව ත්‍රිමාණ රූප නැරඹිය හැකි ජංගම දුරකථනයක් පසුගියදා වෙළඳපොළට නිකුත් කරනු ලැබීය. HTC Evo 3D ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකථනයේ ඇති මෙගා පික්සල් 5 ද්විත්ව කැමරා නිසා ඉතා පැහැදිලි ත්‍රිමාණ ජායාරූප ලබාගැනිමේ හැකියාව මෙන්ම ත්‍රිමාණ තාක්ෂණයෙන් HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාවදපවතී.

    ද්විත්ව හර (dual core) 1.2Ghz ප්‍රොසෙසරයක් මගින් පාලනය වන මෙම ජංගම දුරකථනය සිව්වන පරම්පරාවේ (4G) දුරකථනයකි. දුරකථනයේ තිරය හරහා ඔබ දකින ත්‍රිමාණ ජායාරූප, චිත්‍රපට සැබවින්ම ඔබව විශ්මයට පත්කරනු ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    උෂ්ණත්ව වෙනසට වෙනස්වන කබායක්

    kabaya.jpg


    උෂ්ණත්ව පරාසයන් වෙනස් වන විට ඊට අනුගත විය හැකි කබායක් නිර්මාණය කිරීමට ඉන්දියානු ජාතිකයෙකු සමත්වී තිබේ. උෂ්ණ කාලගුණයක දී අදාළ කබාය පැළඳීමෙන් සිසිලසත්, සිසිල් කාලගුණයක දී උණුසුමත් ලබාගත හැකි බව ක්‍රාන්ති කිරන් නම් අදාළ ඉන්දියානු ජාතිකයා පවසයි.

    කබායක් සඳහා සිදුකළ තම අත්හදා බැලීම පාවහන් සඳහා ද අත්හදා බැලීමට නියමිත බව කිරන් සඳහන් කරයි. යළි පණ ගැන්විය හැකි බැටරි ‍යොදාගනිමින් සකස් කර තිබෙන පරිපථයක් ඔස්සේ ලෝහ විශේෂයක් උණුසුම් සහ සිසිල් බවට පත්කිරීම මගින් උණුසුම පාලනය කිරීම කිරන් හඳුන්වා දී ඇති තාක්ෂණය වේ.

    මෙම තාක්ෂණය සඳහා පේට්න්ට් බලපත්‍රය ලබාගෙන ඇති කිරන් තම දැනුම තවත් තරුණ කණ්ඩායමක් වෙත ලබාදීමට ද සැලසුම් කර තිබේ. රළු කාලගුණ තත්ත්වයන්ට මුහුණ දෙන ඉන්දියාව වැනි රටක් සඳහා තම නිර්මාණය බෙහෙවින් වැදගත් වනු ඇති බව කිරන් පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනය

    ch.jpg


    ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනයට නව මුහුනුවරක් ලැබී ඇති බවට තොරතුරු පලවෙනවා. මෙම තාක්ෂනය යොදා ගන්නා පලමු අන්තර්ජාල සේවාව ලෙස ෆේස්බුක් සේවාව හදුන්වා දී තිබෙනවා. “ඡායාරූප ඩී.එන්.ඒ” නමින් මෙම තාක්ශනය හදුන්වා දී ඇත්තේ මයික්‍රොසොෆ්ට් ආයතනය බවයි සටහන් වෙන්නේ.තප්පරයක් තුල අපමනක් තරම් හුවමාරුවන තොරතුරු අතරින් සාර්තක ලෙස මෙම තාක්ෂනය ක්‍රියාත්මක වන බව තහවුරුවී ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බලු සුරතලුන් වෙනුවෙන් තුවක්කු දම්වැලක්

    bt.jpg


    දම්වැල යනු සුරතලුන් ලෙස බල්ලන් හදාවඩාගන්නා පුද්ගලයින්ට ඉතා අත්‍යවශ්‍ය උපාංගයකි. සිය බලු සුරතලුන් මෙල්ල කළ හැකි අපූරු දම්වැලක් නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් පිරිසක් සමත්ව තිබේ. මෙහි අල්ලුව කොටස නිර්මාණය කර ඇත්තේ තුවක්කුවක හැඩයටය. එහි තුවක්කු කටේ සිට දීප්තිමත් රතු පැහැති රැහැනක් යුක්ත වන අතර එහි කෙළවර බලු සුරතලාගේ ගෙලට සම්බන්ධ වේ. තුවක්කුවේ කොකා ගැස්සූ සැණින් එම රැහැන මගින් සිය සුරතලා හැසිරවීමේ අවස්ථාව හිමිකරුට ලැබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අධි සුඛෝපභෝගී වැසිකිලියක්

    toilet1.jpg


    දෙපා උණුසුම් කරන සුළං කවුළු වලින්, ශබ්ද වාහිනී පද්ධතියකින් හා ස්පර්ශ සංවේදී පරිගණක පාලක පුවරුවකින් සමන්විත අධි සුඛෝපභෝගී අපූරු වැසිකිලියක් වෙළඳපොළට නිකුත්ව තිබේ. Numi ලෙස නම් කර ඇති මෙම වැසිකිලිය යූරෝ 3 900 ක් (රුපියල් 625, 000 ක් පමණ) ලෙස මිල නියම කර ඇත. පිඟන් මැටි හා වීදුරු වලින් නිපදවා ඇති මෙම වැසිකිලිය අසලට කෙනෙකු පැමිණෙන විට එය ස්වයංක්‍රීයව විවර වන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ආකර්ශනීය පෙනුමකින් යුත් මෙහි ගීත ධාවකයක් හා රේඩියෝවක් ද අන්තර්ගතය. එසේම මෙම වැසිකිලියේ සෑම ක්‍රියාකාරකමක් iPhone ජංගම දුරකථනයකින් වුව ද පාලනය කළ හැකිය.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    සැහෙන්න වැදගත් තොරතුරු ටිකක් තියෙනවා font එක ටිකක් ලොකුවට ගැහුවා නම් තවත් හොදයි.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    සිසුන් 1500කගෙන් ගිනස් වාර්තාවක්

    youth-prew.jpg


    අගෝස්තු 12 දිනයේ පැවති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලිය ක්‍රිඩාංගනයේදී ගිනිස් වාර්තාවක් පිහිටුවීමට 1500 කගෙන් යුත් තරුණ තරුණියන් පිරිසක් සමත් වුවා.

    YOUTH නම් වචන මිනිස් නිරුපනයකින් ඉදිරිපත්කිරීම මගින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

    බ්‍රිටිෂ් කවුන්සිල්හි ග්ලෝබල් චේන්ජ් මේකර්ස් සංවිධානය විසින් යෞවන සමාජ 10ක සහභාගිත්වයෙන් මෙම වාර්තාව පිහිටුවීමට කටයුතු යොදා තිබුණි.


    :D:D mamath hitiya meke :):)
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අකලේ කඩාවැටුනු පරිඝණක තරුව

    Arfa.gif


    මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතික ලත් ලොව ලාබාලතම තැනැත්තිය ලෙස නම් වූ පකිස්තානයේ අර්ෆා කරීම් පසුගියදා මියගොස් ඇතැයි වාර්තා වේ.
    ජනවාරි 14දා මියගිය ඇය 16 වියේ පසුවූවාය..
    සති ගණනාවක් පුරාවට රෝහල් ප‍්‍රතිකාර ලබා සිටි ඇය, පසුගිය දෙසැම්බර් මාසයේ 22 දා කෝමා තත්ත්වයකට වැටී සිටි බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.
    ජනවාරි 15 දා ලාහෝර් අගනුවර පැවති ආගමික වතාවත් වලින් පසුව අර්ෆා ගේ දේහය ඇගේ ගම වන ෆයිසාලාබාද් හි රාම් දෙවාලි වෙත ගෙන යනු ලැබිණි.
    අර්ෆා රෝගාතුරව සිටියදී ඇගේ වෛද්‍ය ප‍්‍රතිකාර වලට ගෙවීම සඳහා ඉදිරිපත් වූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, සිය ශෝකය ප‍්‍රකාශ කර ඇත.
    මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතිකය ලබන විට අර්ෆා නව වියේ දැරියෙකි.
    වසර 2006 දී බාසිලෝනා නුවර පැවති තාක්‍ෂණික සමුළුවක් සඳහා ඇයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඇරයුම් කර තිබුණු අතර, මේ සඳහා සහභාගී වූ 5,000ක් පමණ පිරිසක් අතුරින් එකම පකිස්තානු ජාතිකයා වූයේ ඇයයි.
    සිය දක්‍ෂතා වෙනුවෙන් ඇයට පකිස්තානයේ සිවිල් සම්මාන දෙකක් ද හිමිවිය.
    අර්ෆා සිහිවීම සඳහා ස්මාරකයක් ද ඉදිකිරීමට නියමිත බවත්, කරච්චි හි පිහිටි IT Media City, Arfa Karim IT Media City ලෙස නම්කිරීමටත් නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සයමසක් දිය යට හැංගෙන උයන

    Greenlake.gif


    මේ ඡායාරූප වල දැක්වෙන්නේ උයනක් ද? විලක්ද? යන්න එකවර සිතාගැනීමට අසීරු වන්නට පුළුවනි.
    ගිණිකොණ දිග ඕස්ටි‍්‍රයාවේ ස්ටිරියා ප‍්‍රාන්තයේ පිහිටා ඇති මෙම ස්ථානය ග‍්‍රීන් ලේක් (හරිත විල) ලෙස හැඳින්වනු ලැබුවද, එය විලක් පමණක් ලෙස හෝ උයනක් පමණක් ලෙස හෝ හැඳින්විය නොහැක.
    ඒ, මෙම ස්ථානය වසරේ අඩක් පුරාවට ජලය පිරුණු විලක් ලෙසද, වසරේ අඩක් පුරාවට ගොඩබිමේ පිහිටි ප‍්‍රසිද්ධ උයනක් ලෙසද පවතින බැවිනි.
    සීත ඍතුවේදී ජලය සිඳී යන මෙය, ස්ටිරියා ප‍්‍රාන්තයේ උයනක් බවට පත්වේ.
    එහෙත් වසන්තය කාලය ඇරඹෙත්ම උස්බිම් වල සිට දියවී ගලන හිම හේතුවෙන් මෙය කෙමෙන් කෙමෙන් විලක් බවට පත්වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගජමන් නෝනා ගිනස් පොතට

    Gajaman-nona.gif


    “ගජමන් නෝනා” ඒකපුද්ගල හිටිවන කවි මඩුවක් පුරා පැය විසිහතරක පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ගාල්ල මහ නගර සභාව කටයුතු කරමින් සිටියි.
    මෙම කවි මඩුව මෙහෙයවීමට නියමිතව ඇත්තේ අම්බලන්ගොඩ භික්ෂු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනපි‍්‍රය කිවිදියක් වන කනංකේ ලතා ද සිල්වා මහත්මිය විසිනි.

    හෙට (24) පෙරවරු 9.27ට මෙය අරඹා පසුදින එම වේලාවට නිමා කිරීමට නියමිතය.
    ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගේ මුලිකත්වයෙන් මෙහි සංවිධාන කටයුතු සිදුවේ.
    මෙහි සමාරම්හක උත්සවයට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් ආණ්ඩුකාරිනි කුමාරි බාලසූරිය යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගිවනු ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මිනිස් සහය පැතූ අමුතු කුරුළු පවුලක්

    newbirds.gif


    තම දරු පැටවුන් බේරාගැනීම සඳහා මිනිස් ආරක්ෂාව පැතූ කුරුලූ පවුලක් සම්බන්ධ කතා පුවතක් වෙන්නප්පුව ලූණුවිල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
    කුරුළු පැටවුන්ට දින දෙක තුනකට වඩා වයස නැතැයි පැවසෙන අතර එවැනි පැටවු අටදෙනෙකු මේ පවුලට අයත් බවද පැවසේ.
    කාක්කන් හා වෙනත් සතුන්ගෙන් පැටවුන්ට හානි සිදුවෙතැයි බියෙන් මේ කුරුළු පවුල මිනිස් සහය පතා ඇත.
    කෙසේවුවද මේ වන විට පැටවුන් දෙදෙනකු මියගොස් ඇති අතර ඉතිරි පැටවුන් 06 දෙනා සහ කුරුලූ මව ලූණුවිල ගම්මානයේ නිවසක කූඩුවක ආරක්ෂාව ලබති.
    කුරුලූ පියා අවස්ථා කීපයකදීම තම දරු පවුල බැලීම සඳහා පැමිණ ගොස් ඇත.
    මේ කුරුල්ලන් බැලීම සඳහා විශාල වශයෙන් ජනතාව පැමිණෙන අතර මෙතෙක් කිසිවෙකු මේ කුරුලූ විශේෂය හඳුනාගෙන නොමැත.