ඔන්න පොරොන්දු වුණු විදියට ම තවත් large breed බල්ලෝ වර්ග කිහිපයක ගේ සාමාන්‍ය ගති ලක්ෂණ ගැන විස්තර අරන් මං ආයෙත් ආවා
Rottweiler
ඩොබී ඇරුණම මගේ ආසම බව්වො ජාතිය..
පෙනුමෙන් ම පේනවනෙ.. ආඩම්බර හැන්ඩ්සම් පෙනුම, ශක්තිමත් බව.. ඒ වගේම මෙයාලා තමන්ගෙ ස්වාමියාට දක්වන ලැදියාව අතින් ඉතාම ඉහල තැනකයි ඉන්නෙ.සාමාන්‍යයෙන් තනි පුද්ගල ස්වාමීත්වයකට තමයි හරි යන්නෙ. මාස්ටර් ට කරදරයක් බව පේනව නම් තමන්ගෙ පණ දෙවැනි කරලයි වලියට යන්නෙ. සෑහෙන self esteem එකක් තියෙනවා. ඒ වගේම confident .. අනිත් පැත්තෙන් ඉතින් මාස්ටර් ගෙනුත් ටිකක් වැඩි අවධානයක් බලාපොරොත්තු වෙනවා.. අතගාන්න හුරතල් කරන්න ඕන නෑ. ඒත් එයාව පේන මානෙක් ඉන්න තමයි වැඩියෙන් කැමති.දිනපතා ව්‍යයාම, පුහුණුව අත්‍යාවශ්‍යයි. මොකද කම්මැලි වුණොත්, exercise මදි වුණොත් කරන්න බැරි තරම් රෞද්‍ර වෙන්න පුළුවන්. අනිත් සත්තුන්ට, වැඩිපුර සෙනගට, සද්ද බද්ද වලට වැඩිය කැමති නෑ. තමන්ගෙ පාඩුවෙ මාස්ටර්ගෙ කකුල උඩින් වාඩිවෙලා ඉන්න තමයි වැඩියෙන් කැමති. අපේ අයියලා බීච් එකේ දුවන්න එක්ක යන්න නම් කියාපු බඩුව. මොකෝ බල්ලා දැක්කම ඕන කෙනෙක් ගැස්සිලා බලන් ඉන්නවා නෙ. Train කරන එක බොහොම පහසුයි.. ඒත් සයිස් එකේ හැටියට පුළුවන් තරම් පුංචි කාලෙම පටන් ගන්නවා නම් තමයි හොද. මොකද ලොකු වුණාම පිරිමි සතෙක් නම් සාමාන්‍ය ප්‍රමාණය 50kg -60kg ක් විතර. ගැහැණු සතෙක් නම් 35kg -48kg ක්. අවුරුදු 9ක් 10ක් ජීවත් වෙනවත් එක්ක නෙ
GOlden Retriever
හරිම ආදරණීය, පොඩි ළමයින්ගෙ ආශ්‍රයට ඉතාම හොදින් ගැලපෙන, බුද්ධිමත්, ලේසියෙන් ම train කරන්න පුළුවන් family dog කැටගරියට වැටෙන බව්වො ජාතියක්.. බොහොම ඉවසිලිවන්තයි.. හැබැයි නම් guarding skills අන්තිමයි. ගෙදරට හොරෙක් පැන්නත් ඇගේ දැවටිලා හුරතල් වෙලා ඉදියි.. අනිත් සත්තු එක්කත් බොහොම එකමුතුයි.. පීනන එක තමයි ආසම exercise එක. Physical exercises විතරක් නෙමෙයි, මෙයාලට ටිකක් mental exercises නුත් අවශ්‍යයි.. tracking වලට narcotic detection වලට යොදා ගන්නවා.. වෙන මොනා නැතත් මේ ලස්සනම මදැයි අප්පා...
සාමාන්‍ය බර 29kg – 34kg විතර. ගැහැණු සතෙක් නම් 27kg -32kg. ආයුකාලය අවුරුදු 12ක් වගේ වෙනවා
Dalmation
පෞද්ගලික ව මං නම් එච්චර ආස නැති වර්ගයක් මේ.. මට පේන්නෙම cartoon එකක් වගේ නෙ අප්පා.. එක තැනකට වෙලා ඉන්න ම බැරි, බොහොම ශක්තිමත්, සෙල්ලමට ම කැමති ජාතියක්. තමන් ගෙ ස්වාමියාගෙ leadership එක උපරිමයෙන් ම බලාපොරොත්තු වෙනවා. පොඩි ළමයින් ට සෙල්ලම් කරන්නත් හොදයි, ඒත් අවශ්‍යය ප්‍රමාණයෙන් leadership එක නොලැබුණාම එයාලා පාලනය තමන් අතට ගන්නවා. එහෙම වුණොත් නම් control කරන්න ටිකක් අමාරුයි.. ඒ නිසා ම නිරන්තර අවධානය අවශ්‍යයි. ඒ කියන්නෙ හුරතල් ම කරලා හදන්න බෑ. පිරිම සතෙක් නම් 25kg – 32kg ක්, ගැහැණු සතෙක් නම් 16kg – 24kg වගේ උපරිම වැඩීමක් දක්වනවා.. ආයු කාලය අවුරුදු 12ක් විතර
මේ කියපු වර්ග වලට අමතර ව boxer, Rhodesian ridgeback වගේ large breed බල්ලෝ වර්ගත්, giant breed එකේ great dane, saint bernad වගේ වර්ගත් අපේ රටේ ගෙවල් වල හදනවා දකින්න පුළුවන්..
මේ හැම කෙනෙක් ට ම පොදු ලක්ෂණ තමයි ඉතා ශක්තිමත් වීම සහ සෑහෙන ව්‍යයාම අවශ්‍ය වීම.. ඒ වගේම එකක් හැටියට ගත්තොත් මේ හැම කෙනෙක් ම බුද්ධිමත් භාවයෙන් වැඩි නිසා පුහුණු කරන්නත් ලේසියි..
මගේ ඊළග ලිපියෙන් බලාපොරොත්තුව සරල ම සහ මූලික ම මට්ටමේ commands වලට බල්ලෙක් ව train කරන විදිය ගැන කතා කරන්න..
එතෙක්,මගේ thread එකට bump කරපු, rep දීපු, අදහස් දක්වපු හැමෝට ම ස්තූති කරන ගමන් ම හැම දෙනාටම සුබ නව වසරක් වේවා..
Last edited: