Puppy Care - බලු පැටියෙක් හදනවනම්

niruz87

Member
Mar 28, 2012
29
53
0
39
This is my hero

577753_513416895357093_678049837_n.jpg

Is this a doberman???
 

niruz87

Member
Mar 28, 2012
29
53
0
39
ඔන්න පොරොන්දු වුණු විදියට ම තවත් large breed බල්ලෝ වර්ග කිහිපයක ගේ සාමාන්ය ගති ලක්ෂණ ගැන විස්තර අරන් මං ආයෙත් ආවා

Rottweiler

rottweiler_puppies_for_adoption4.jpg


Rottweiler-Puppies-For-Sale-1.jpg


ඩොබී ඇරුණම මගේ ආසම බව්වො ජාතිය.. :D පෙනුමෙන් ම පේනවනෙ.. ආඩම්බර හැන්ඩ්සම් පෙනුම, ශක්තිමත් බව.. ඒ වගේම මෙයාලා තමන්ගෙ ස්වාමියාට දක්වන ලැදියාව අතින් ඉතාම ඉහල තැනකයි ඉන්නෙ.සාමාන්‍යයෙන් තනි පුද්ගල ස්වාමීත්වයකට තමයි හරි යන්නෙ. මාස්ටර් ට කරදරයක් බව පේනව නම් තමන්ගෙ පණ දෙවැනි කරලයි වලියට යන්නෙ. සෑහෙන self esteem එකක් තියෙනවා. ඒ වගේම confident .. අනිත් පැත්තෙන් ඉතින් මාස්ටර් ගෙනුත් ටිකක් වැඩි අවධානයක් බලාපොරොත්තු වෙනවා.. අතගාන්න හුරතල් කරන්න ඕන නෑ. ඒත් එයාව පේන මානෙක් ඉන්න තමයි වැඩියෙන් කැමති.දිනපතා ව්‍යයාම, පුහුණුව අත්‍යාවශ්‍යයි. මොකද කම්මැලි වුණොත්, exercise මදි වුණොත් කරන්න බැරි තරම් රෞද්‍ර වෙන්න පුළුවන්. අනිත් සත්තුන්ට, වැඩිපුර සෙනගට, සද්ද බද්ද වලට වැඩිය කැමති නෑ. තමන්ගෙ පාඩුවෙ මාස්ටර්ගෙ කකුල උඩින් වාඩිවෙලා ඉන්න තමයි වැඩියෙන් කැමති. අපේ අයියලා බීච් එකේ දුවන්න එක්ක යන්න නම් කියාපු බඩුව. මොකෝ බල්ලා දැක්කම ඕන කෙනෙක් ගැස්සිලා බලන් ඉන්නවා නෙ. Train කරන එක බොහොම පහසුයි.. ඒත් සයිස් එකේ හැටියට පුළුවන් තරම් පුංචි කාලෙම පටන් ගන්නවා නම් තමයි හොද. මොකද ලොකු වුණාම පිරිමි සතෙක් නම් සාමාන්‍ය ප්‍රමාණය 50kg -60kg ක් විතර. ගැහැණු සතෙක් නම් 35kg -48kg ක්. අවුරුදු 9ක් 10ක් ජීවත් වෙනවත් එක්ක නෙ

GOlden Retriever

golden-retriever-puppies-1.jpg


golden-retriever.jpg


හරිම ආදරණීය, පොඩි ළමයින්ගෙ ආශ්‍රයට ඉතාම හොදින් ගැලපෙන, බුද්ධිමත්, ලේසියෙන් ම train කරන්න පුළුවන් family dog කැටගරියට වැටෙන බව්වො ජාතියක්.. බොහොම ඉවසිලිවන්තයි.. හැබැයි නම් guarding skills අන්තිමයි. ගෙදරට හොරෙක් පැන්නත් ඇගේ දැවටිලා හුරතල් වෙලා ඉදියි.. අනිත් සත්තු එක්කත් බොහොම එකමුතුයි.. පීනන එක තමයි ආසම exercise එක. Physical exercises විතරක් නෙමෙයි, මෙයාලට ටිකක් mental exercises නුත් අවශ්‍යයි.. tracking වලට narcotic detection වලට යොදා ගන්නවා.. වෙන මොනා නැතත් මේ ලස්සනම මදැයි අප්පා...;) ;) සාමාන්‍ය බර 29kg – 34kg විතර. ගැහැණු සතෙක් නම් 27kg -32kg. ආයුකාලය අවුරුදු 12ක් වගේ වෙනවා

Dalmation

dalmatian-puppies-cute-dogs.jpg


Dalmatian-3-645mk062311.jpg


පෞද්ගලික ව මං නම් එච්චර ආස නැති වර්ගයක් මේ.. මට පේන්නෙම cartoon එකක් වගේ නෙ අප්පා.. එක තැනකට වෙලා ඉන්න ම බැරි, බොහොම ශක්තිමත්, සෙල්ලමට ම කැමති ජාතියක්. තමන් ගෙ ස්වාමියාගෙ leadership එක උපරිමයෙන් ම බලාපොරොත්තු වෙනවා. පොඩි ළමයින් ට සෙල්ලම් කරන්නත් හොදයි, ඒත් අවශ්‍යය ප්‍රමාණයෙන් leadership එක නොලැබුණාම එයාලා පාලනය තමන් අතට ගන්නවා. එහෙම වුණොත් නම් control කරන්න ටිකක් අමාරුයි.. ඒ නිසා ම නිරන්තර අවධානය අවශ්‍යයි. ඒ කියන්නෙ හුරතල් ම කරලා හදන්න බෑ. පිරිම සතෙක් නම් 25kg – 32kg ක්, ගැහැණු සතෙක් නම් 16kg – 24kg වගේ උපරිම වැඩීමක් දක්වනවා.. ආයු කාලය අවුරුදු 12ක් විතර

මේ කියපු වර්ග වලට අමතර ව boxer, Rhodesian ridgeback වගේ large breed බල්ලෝ වර්ගත්, giant breed එකේ great dane, saint bernad වගේ වර්ගත් අපේ රටේ ගෙවල් වල හදනවා දකින්න පුළුවන්..

මේ හැම කෙනෙක් ට ම පොදු ලක්ෂණ තමයි ඉතා ශක්තිමත් වීම සහ සෑහෙන ව්‍යයාම අවශ්‍ය වීම.. ඒ වගේම එකක් හැටියට ගත්තොත් මේ හැම කෙනෙක් ම බුද්ධිමත් භාවයෙන් වැඩි නිසා පුහුණු කරන්නත් ලේසියි..

මගේ ඊළග ලිපියෙන් බලාපොරොත්තුව සරල ම සහ මූලික ම මට්ටමේ commands වලට බල්ලෙක් ව train කරන විදිය ගැන කතා කරන්න..

එතෙක්,මගේ thread එකට bump කරපු, rep දීපු, අදහස් දක්වපු හැමෝට ම ස්තූති කරන ගමන් ම හැම දෙනාටම සුබ නව වසරක් වේවා..
 
Last edited:
  • Like
Reactions: udarakahata

niruz87

Member
Mar 28, 2012
29
53
0
39


සෑහෙන දවසකට පස්සෙ, ඔන්න පොරොන්දුව ඉශ්ට කරන්නයි යන්නෙ. බලු පැට්ටෙක් train කරන විදිය පිළිවෙලට, මුල සිට සරලව.. :) බලු පැට්ටෙක් train කිරීමට පෙර සිහි තබා ගත යුතු ඉතා වැදගත් මූලික කරුණු තමයි අපේ පළවෙනි පාඩම.. බලන්නකො, මේ කරුණු ගැන දැනුවත් ද කියලා

dog-golden-retriever-puppy.jpg


1. ඔයා train කරන්න යන්නෙ බල්ලෙක් ව බවත්, ඌට ඔයා කියන මෙලෝ හසරක් තේරෙන්නෙ නැති බවත්, මෙතන මනසින් උසස් යමක් කමක් තේරෙන කෙනා ඔයා බවත් කිසිම විටෙක අමතක කරන්න එපා..:no: බල්ලාගෙ mentality එක අපිට එක පාරටම තේරෙන්නෙ නෑ.. මූ එන්න හදන්නෙ මොකාටද කියලා බල්ලටත් එකපාරටම තේරෙන්නෙ නෑ.. ඒ නිසා බල්ලෙක් ව train කිරීම සදහා ඔබට අසීමිත ඉවසීමක් තිබිය යුතුයි. අනික train කිරීම පැයෙන් දෙකෙන් කරන්න බෑ.. බල්ලෙක්ගේ මතකය ඉතාම කෙටි කාලීනයි. ඌව train කරනවා කියලා කරන්නෙ ඌට මතක තියාගන්න සලස්වනවා නෙමෙයි, command එකේ ශබ්දයට, routine එකට ඌව පුරුදු කරනවා, හැඩගස්වනවා කියන එකයි.. ඒ නිසා බල්ලාගෙ ක්‍රියාකාරීත්වය අනුව train කිරීමට ගත වන කාලය වෙනස් වෙන්න පුලුවන්

2. බල්ලාව මූලිකව පුහුණු කිරීම එක්කෙනෙක් විතරක් කරන්න.. මොකද එකම commands පාවිච්චි කළත් එක එක්කෙනා ඒවා උච්චාරණය කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණාම බල්ලා confuse වෙනවා.. එයා තාමත් පුංචි පැටියෙක් නෙ. ඉදිරියට බල්ලත් එක්ක ගොඩක් ම move වෙනා කෙනා ම එයාව කරන්න ගන්නවනම් වැඩිය ම හොදයි. අනික train කරන කෙනා මොනාට හරි use කරන commands ම ගෙදර අනිත් අයත් use කරන්න හැමවෙලේම වග බලා ගන්න. මොකද ඔයා බල්ලට කූඩුවට යන්න “kenel up” කියලා, නංගි “go to crate” කියලා අම්මා “කූඩු..කූඩු” කිව්වොත් නම් වැඩේ දෙල්. :lol: බලූ ට හිතා ගන්න බෑ මොකක්ද එයා කරන්න ඕන කියලා.

3. බල්ලෙක් ව train කරද්දි පාවිච්චි වෙන වැදගත් ම දෙයක් තම "පගාව" .. මිනිස්සුන් ට වගේම තමයි, එයාලට හරියට වැඩක් කරන්න නම් පගාව දෙන්න ම ඕන. ඒකට මොනවා හරි එයා කැමති ම කෑමක් (කඩේ ගන්න dog treats තියෙනවා කියලා..පුංචි බිස්කට් වගේ.. අපි කන බිස්කට් හෙම දෙනවා නෙමෙයි ඔන්න, ඒ වල සීනි තියෙනවා නෙ ) වගේම හොද response, wordings යොදා ගන්න පුළුවන්. කොයි ම වෙලාවක වත් ගහන්න නම් එපා.. වැරදි දෙයක් කරනව නම් ඒකට ගැලපෙන විදියේ වාචික සහ හැසිරීමෙන් response කරන්න. (මේව ගැන වැඩිදුර විස්තර පසුවට ) train කරන කාලෙදි ඔයා කියන දෙයක් කරන්නෙ නෑ කියන්නෙ අකීකරු වීමක් නෙමෙයි, එයාට තාම තේරෙන්නෙ නෑ මොකක්ද හරියටම කරන්න ඕන කියලා.. හැබයි ඉතින් හොද දේවල් කරන හැම වෙලේම කෑම දෙන්න යන්නත් එපා, එතකොට ඉතින් කීකරු වෙන්නෙ කෑමක් අතේ තියෙන බව දැක්කම විතරයි.:D අපි හිතනවට වඩා බල්ලො සෑහෙන කපටියි.

large_DOGTRAINING7-453.jpg


4. එකපාර commands ගොඩක් කියලා දෙන්න යන එක එච්චර හොද නෑ.. බල්ලෙක් ගෙ අලුත් දේවල් එක පාර මතක තියා ගන්න හැකියාව ටිකක් අඩුයි. එක command එකක් හොදටම පුරුදු වුණාට පස්සෙ අලුත් එකකට යන්න පුලුවන්. හැබැයි ඒ අතරතුර පරණ ඒවත් චුට්ටක් මතකද බලන්න ඕන.


5. Train කරන එක බලු පැට්ටට ප්‍රීතිමත්ත් අත්දැකීමක් කරන්න. එයා තාම පුංචියි නෙ, ඒ හිදා සෙල්ලමටයි වැඩිපුර හිත. Training එකත් සෙල්ලමේ ම කොටසක් කර ගත්තම වැඩේ ගොඩ. Train කරන කෙනෙත් මේක මහ වාතයක් කියලා නැතුව cheerful විදියට කරනවා නම් බලූ training එක ඉක්මනින් ම අල්ල ගන්නවා.. එයාට හරියටම හරියන tone එක අදුන ගන්න. ඒ වගේම එකම තැනක, එකම වෙලාවක train කරන්නෙ නැතුව විවිධ තැන් වල ඉදන් වෙනස් වෙනස් වෙලාවන් වලදි train කරන්න. එතකොටයි එයා තේරුම් ගන්නෙ මේක හැම තැනකදීම හැම වෙලාවකදීම කළ යුතු දෙයක් කියලා.උගන්නන commands පුළුවන් හැම වෙලාවෙදි ම practicaly use කරන්න.

PUP_05_KH0001_01_P.JPG


6. තව එකක්, මෙයාලගෙ පුංචි පුංචි කපටි වැඩ වලට රැවටෙන්න එපා. මං ඉස්සෙල්ලත් කිව්ව වගේ අපි හිතනවට වඩා මෙයාල ට සෑහෙන්නෙ මොළේ තියෙනවා. හොද කීකරුවට ඉන්න කෙනා හිටපු ගමන් කියන මෙලෝ දෙයක් අහන්නෙ නැතුව පිස්සු නටන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලට චුට්ටක් තදින් ඉන්න ඕන. මේකෙන් කියන්නෙ හැම command එකටම හැම වෙලේම එක පාරින් කීකරු වෙන්න ඕන කියන එක නෙමෙයි, අපිට වගේම බල්ලන්ටත් හොද දවස් වගේම මහ එපා කරපු දවසුත් තියෙනවා. මං කියන්නෙ උදාහරණයක් විදියට මේගොල්ලො හරි දක්ෂයි බොරු ලෙඩ ගන්න. නාන්න යන්න command එක දුන්නම "මෙයා පිස්සු කතා කරනවා, මං මේ නැගිට ගන්නවත් බැරුව අමාරුවෙන් ඉන්නෙ” වගේ action එකක් දාන්න මෙයාලට පුළුවන්. තව ඕන්නම් අමාරුව වැඩියි කියලා පෙන්නන්න කෙදිරිත් ගානවා..:D:D:D අන්න ඒ වගේ බොරු ලෙඩ වලට අහු වෙන්න එපා.. ඔය මවාපෑම් වලයි, ඇත්තටම අසනීපයක් නම් මුල්ලක් අල්ලන් වැතිරිලා ඉන්න එකෙයි වෙනස අදුනා ගන්න

puppy-trick-training.jpg


මෙන්න මේ ප්ර්ධාන කරුණු ටික මතක තියා ගෙන, ඊළග post එකෙන් එහෙනම් බලු පැට්ටව train කරන්න සෙට් වෙමු..