QR code එකත් ක්‍රියාත්මක වෙන ෂෙඩ් වල තමා හෙට පෝලිම අද දවල් වෙද්දීම හැදිලා තියෙනවා කිව්වේ.
අනික වව්නියාවේ නම් මම හිතන්නේ නෑ බස්නාහිර පළාතේ එහෙමත් නැත්තන් වෙන පළාත්වල තරම්ම වාහන ඇති කියලා ඒකත් එක වාසියක් එයාලට පෝලිම් අඩු කරගන්න.
මම කියන්නේ සාධාරණ කාලයක් එය ක්‍රියාත්මක විය යුතුයි. අවමය මාසයක් වත්.
යම් කිසි ක්‍රමයක් එන්න කලින්ම කොහොමද ඔබ පුරෝකථනය කරන්නේ එය අසාර්ථකයි කියලා?
ඔබ කියූ ලෙසට මාත් පිළිගන්නවා දැනට තියන තත්ත්වය මත යෝජිත මෙම QR කේත ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පෙර සිටම ඒ සදහාත් දැනටමත් ඉන්ධනහල් වල පෝලිම් ඇති වී තිබෙන බව. පොළවේ පය ගහලා ඉන්න එකෙක් විදියට මමත් අද කොළඹ ස්ථාන කීපයකදීම ඔබ ඔය කියන තත්ත්වය තියන බව දැක්කා. ඔය විදියට තෙල් පොලිම ඇති වීම ඉල්ලුමට සැපයුම ලබා දෙන්න බැරි මෙවැනි අවස්ථාවක් යටතේදී ඇති වෙන එක වලක්වන්න බැරිම දෙයක්. එසේ වුවත් යම් කිසි විධමත් ක්‍රමයක් ඇති කර රටට ලැබෙන සීමිත ඉන්ධන තොගය ජනතාව අතර බෙදා ගැනීම සහ අදින්නා දානා කළුකඩ ව්‍යාපාරය කරන පිරිස් නියාමනය නොකලොත් අපි සදාකාලිකවම පොලිම් සංස්කෘතියේ දුක් විදින්න වෙනවා නේද?
කෙසේ හෝ මෙය ඔබ කියන විදියට අසාර්ථක නම් පොලිම් වල හොරෙන් ඉන්ධන ඇදිල්ල නවත්වන්න වඩාත්ම සුදුසු බවට ඔබ යෝජනා කරන ක්‍රමය මොකද්ද? එයට උත්තරයක් ඔබ සතුව නෑ නේද? ඔබට වගේම මටත් එයට උත්තර නෑ. දැන් ඉතින් මහජනතාව හැටියට කරන්න තියෙන්නේ ඇති කරපු මෙම QR කේත ක්‍රමයට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අනුගත වෙලා සාර්ථකද අසාර්ථකද යන්න සොයා බැලීමට අඩුම මසක කාලයක් වත් ක්‍රියාත්මක කිරීම නොවේද?
අනික ඔබ වව්නියාවේ ක්‍රියාත්මක වැඩේ ගැන කොළඹ ඉදන් පේන කියන්නා වාගේ කියනවා. වව්නියාවේ දීර්ඝ කාලයක් වැඩ කරපු කෙනෙක් විදියට මම දන්නවා ඔවුන් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදය අති සාර්ථක ලෙස අදටත් ක්‍රියාත්මක වන බව. ඔවුන්ට සාර්ථක වෙන්න හැකි උනේ චන්ඩියෝ සහ මාෆියා කාරයොන්ට පොලිම් වල ග්‍රහණය අල්ලා ගැනීමට අවස්ථාව ලබා නොදුන් නිසා. අනික දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට වඩා විනයක් තියනවා. යම් කිසි ක්‍රමයක් ඇති කලොත් ඔවුන් එයට හරි ඉක්මනින් අනුගත වෙනවා. ඒක නිසා ඒ මිනිස්සුත් එක්ක වැඩ කරන එක හරි පහසුයි. අපේ සිංහල මිනිස්සු බහුතරයක් වර්ථමානයේ මාර කුහක ජාතියක් බවට පත් වෙලා හැම වෙලාවෙම බලන්නේ තමන් විතරක් ගොඩ යන්න පවතින සිස්ටම් එකට කොහොමද වංගුවක් දාන්නේ කියන එක ගැන විතරමයි. ඔකෙන් පුතෝ කෙළවෙන කෙලවිල්ල නිසා රටයි අපියි මොන තත්ත්වයෙන් ගිහින් නවතියිද හිතා ගන්න අමාරුයි.
අනික කොළඹ සහ වව්නියාව දිස්ත්‍රික්ක දෙකේ ජන අනුපාතයට අනුව පැහැදිලිවම යොමු කරන ඉන්ධන ප්‍රමාණයන් පැහැදිලි වෙනසක් තියනවා. එහිදි අනිවාර්යයෙන්ම වව්නියාවට වඩා කොළඹ දිස්ත්‍රික්කයට යොමු කරන ඉන්ධන ප්‍රමාණය කොහොමත් වැඩියි. ඒත් සාපේක්ෂව අඩු ඉන්ධන ප්‍රමාණයක් යොමු කරපු වව්නියාව දිස්ත්‍රික්කයේ මනා වැඩපිළිවෙලක් යටතේ නියාමනයක් සහිතව ඉන්ධනහල් මගින් ඉන්ධන නිකුත් කර මහජනතාවට ඉන්ධන බෙදා දීම සිදු කලා. නමුත් කොළඹ සහ සෙසු ප්‍රදේශ වල ෂෙඩ් අයිතිතාරයන් පොම්ප කරුවන් ත්‍රිිවිල් කරුවන් සහ කළුකඩ තෙල් මාෆියාවට සම්බන්ධ විවිධ පුද්ගලයින් මෙන්ම පොලිසිය, දොස්තරලා, සෞඛ්‍ය අංශ ගුරුවරු හා රාජ්‍ය සේවය නිලධාරීන්ට ප්‍රමුඛතාවය කිය කිය පෝලිම් වල විවිධ ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය කරමින් කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඉඩ ප්‍රස්ථාව සලසා ගෙන නෑ නේද?
ඒක නිසා දැන්වත් විධිමත් වැඩපිළිවෙලක් මෙයට ඇති කල යුතුමයි නේද? අඩුම ගානේ පිළිවෙලකට පොලිමේ ඉන්නවත් අපේ ඉන්න හැතිකරේ කරනවාද? නෑ නේද? දවස් ගානක් විනයක් ඇතිව පොලිමේ හිටපු අහිංසක මනුස්සයා ඉස්සරහින් චන්ඩි පාට් දාලා හරි පොලිස් නිල බලයෙන් දොස්තර කියලා හරි රජයේ සේවකයා කියලා හරි මාර අසික්කිත ක්‍රමයකට නේද දැන් පොලිම් ඔක්කොම දුවන්නේ?