earphone kathawknam danne naha,
eth pathanen ground eka change karanna kiyala kathawak yanawa
මධ්‍යස්ථ පිටියක් නොදෙන්නේ නම් අවසන් තරගයට ඉසිපතනය නෑ
රාජකීය විදුහල් කණ්ඩායමට එරෙහිව ලබන 9 වැනිදා එම විදුහල් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් අවසන් මහා තරගය මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් අවසන් තරගයෙන් සිය කණ්ඩායම ඉවත් කරගැනීමට එම පාසලේ රගර් කමිටුව ඒකමතිකව තීරණය කොට තිබේ.
ඉසිපතන විදුහල් පාර්ශවය මේ තීරණය ගෙන ඇත්තේ අවසන් මහා තරගයට රාජකීය විදුහල් පිල සුදුසුකම් ලැබීමත් සමග එම විදුහල් ක්‍රීඩාංගණයේ අවසන් තරගය නොපවත්වා මධ්‍යස්ථ ක්‍රීඩා පිටියක පවත්වන ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය ඉවත දැමූ බැවිනි. අවසන් මහා තරගයෙන් ඉවත්වීමට ඉසිපතන විදුහල් පාර්ශවය තීරණය කොට ඇත්තේ පෙරේදා මධ්‍යම රාත්‍රිය වනතුරු පැවැති ඉසිපතන විදුහල් පාර්ශවයේ රැස්වීම අතරතුර දීය. මේ තීරණයට ඉසිපතන විදුහල්පතිවරයාගේ ද එකඟතාව පළවී ඇතැයි වාර්තා වෙයි. කෙසේවෙතත් මේ කරුණ පිළිබඳ තීරණාත්මක රැස්වීමක් අද (6) පෙරවරුවේ ඉසිපතන විදුහල් පාර්ශවය සහ පාසල් රගර් සංගමය අතර පැවැත්වීමට නියමිතය.
රාජකීය විදුහල් කණ්ඩායම සහ සාන්ත තෝමස් විදුහල් පිල අතර පසුගියදා එම ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගෙන රාජකීය විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් සමග ඒ වනවිටත් අවසන් තරගයට එක්වී සිටි ඉසිපතන විදුහල් පිලෙන් මේ විරෝධතාව මතුවිය. තරගාවලියේ අනුග්‍රාහක සමාගමේ ඉල්ලීම මත අවසන් තරගයට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයම භාවිත කිරීමට තම සංගමය පියවර ගත් බව පාසල් රගර් සංගමය විසින් ඉසිපතන විදුහල් රගර් කමිටුවට දන්වනු ලැබූ බව එම කමිටුවේ ප්‍රකාශයකු ‘දිනමිණ’ට පැවැසීය. එහෙත් එම කමිටුව මේ පිළිබඳ අනුග්‍රාහක සමාගමේ නියෝජිතයන්ගෙන් විමසා සිටි මොහොතේ අවසන් තරගය මධ්‍යස්ථ පිටියක පැවැත්වීමට තම සංගමය එකඟතාව පළකොට ඇතැයි ඔවුන් පැවැසූ බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් කීවේය. එසේ තිබියදීත් පාසල් රගර් සංගමය මෙසේ ක්‍රියා කිරීම ගැටලු සහගත බව ඉසිපතන පාර්ශවයේ චෝදනාව වී තිබේ. මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති රාජකීය විදුහලේ විදුහල්පතිවරයා පාසල් රගර් සංගමයේ ද සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් පක්ෂග්රාහීව කටයුතු කරන්නේදැයි සැකයක් මතුවන බව ඉසිපතන විදුහල් පාර්ශවයේ ප්‍රකාශකයා වැඩි දුරටත් කීවේය.
මෙවර තරගාවලියේ සියලුම තරග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය කටයුතු යොදා තිබිණි. එසේ වුවත් දෙවැනි අවසන් පූර්ව වටයට රාජකීය විදුහල් කණ්ඩායම සුදුසුකම් ලැබීමෙන් පසුව ඊට එක්වී සිටි සාන්ත තෝමස් විදුහල තරගයට මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක් ඉල්ලා සිටීයේ සත්කාරක කණ්ඩායමට සිය ක්‍රීඩාංගණයේදී අතිරේක වාසියක් උදාවන බැවිනි.
සාන්ත තෝමස් විදුහල් පිලේ එම ඉල්ලීම පාසල් රගර් සංගමය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ක්‍රීඩකයන්ට සහ තරග තීරකවරුන්ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ප්‍රමාණවත් තරමේ ආරක්ෂාවක් ලැබෙන බව සඳහන් කරමිනි.