http://www.mithurumithuro.org/contact-us.html
ඔන්න ඔතෙන්ට කෝල් එකක් දීල බලපන්.. ඔය තැන තමයි අර ස්මෝකියෝද මොකාද එකත් පුනුරුත්තාපනය උනේ.. හාමුදුරු කෙනෙක් කරන්නේ..
කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි...මට ඩිප්රේෂන් විතරක් නෙමේ තවත් මානසික ලෙඩ ඇති..මගේ අක්කා රජයේ රෝහලක වැඩ කරන්නේ..එයා කියන විදියට මට දවසින් දෙකෙන් හොද කරන්න පුළුවන් දෙයක් නෙමේ තියෙන්නේ..ඒකයි මන් නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..මට දැනට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා...බොරු කියල මට ලැබෙන දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නෑ
රෑට හරි හමං නින්දක් නෑ..නින්ද ගියත් පැය දෙකෙන් දෙකට වගේ ඇහැරෙනවා...(පැය 48 එක දිගට නිදි නැතුව ඉදල ඇති ඕන තරම්)
හැමදාම රැට හීන පේනවා..සමහර හීන වල මට ඕන දේවල් මං කරනවා..හැම හීනෙම උදේට මතකයි හොදට
මට හරි ඉක්මනට කේන්ති යනවා,කලින් එහෙම නෑ
මට හිතෙනවා සමාජයෙන් මං කොන් වෙලා වගේ කියල..එක නිසා තනියම ඉන්න තමා කැමති..බස් එකකවත් යන්න කැමැත්තක් නැ
මං අදටත් ජිවත් වෙන්නේ මගේ අම්මට දුකක් දෙන්න බැරි නිසයි..මිට කලින් කිහිප වතාවක් ජිවිතේ නැති කර ගන්න උත්සහ කරා මොකද ජිවත් වෙලා හිටියොත් මගේ වැඩ නිසා මගේ අම්මා තවත් දුක් විදින නිසා..
කොයි වෙලෙත් ඔලුව ඇතුලෙන් මොකක් හරිම කල්පනා වෙනවා..ඔලුව නිකං යකාගේ කම්හල වගේ..වැඩ කරද්දී උනත් එහෙමයි..
මේ මට තියෙනවා ප්‍රශ්න ටිකක් විතරයි..එකයි මම නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..ගෙදර ඉදං මං මේවට උත්තර හොයනවා කියන්නේ බොරු වැඩක්..
(ගර්ල් මාව දාල ගියේ එයාට ලෙඩක් තියෙනවා කියල දැනගෙන නෙමේ,දාලා ගිහිං අවුරුදු 2 පස්සෙයි එයාට ලෙඩේ හැදුනේ..මං උදව් කරන්න හැදුවත් එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියන එකයි රිප්ලයි එක උනේ..)
මචන් උබ බෞද්දද? උබට කසින භාවනාවකට හිත එකගකරගන්න පුලුවන්ද?
බෞද්ද තමා..එත් මචං බාවනා කරන්න හිත එකග කර ගන්නවා තියා ඇස් දෙක වහං එකේ ඉදං 100ට ගණන් කරන්න බැ හිත එහෙ මෙහෙ දුවනවා....ඉතින් මම හොදට කතා බහ කරලා හිටියට ඇතුලෙන් ගොඩක් අවුල් මචං..එක නිසා ගොඩ වෙදකම් කරන්න පරක්කු වැඩියි
මම අද කතා කරා අන්තරයක නිවාරණ මධ්‍යස්ථානය කියලා එකකට..හෙට යනවා බලන්න..

අදරනීය යලුවේ, අහන්ඩ සමන්තබද්‍ර හමුදුරුවොන්ගේ දේශන.
ඔය භාවනා හරියන්නේ නෑ උබ ඉන්න සිටුවේශන් එකේ හැටියට
චීත්තයක් නිසා ඔහොමත් විදවනවද මිනිස්සු?
හුත්තෝ මමත් ජොයින්ට් ගහනවා, පැලේන්න බොනවා, කෙල්ලෝ දාල ගිහුනුත් තියෙනවා. ඕකට කියන්නේ ඩිප්ප නෙමෙයි ඔය තොගේ තියෙන කැරි කම්මැලිකම
ගන්ජ පාරක් දාල, ගුලියකුත් කාලම ඇහුවනන් නේද හොඳ? දවසම හිනාවෙවි ඉන්න පුලුවන්.
යාලුවොත් එක්ක වැඩි වෙලාවක් ඉදපන් මචන්.
කොහොම හරි ට්‍රයි කරලා හිතින් ඕක අමතක් කරලා
උබේ ජොබ් එක හරියට කරගෙන යමං.
ඒක නැති උනොත් උබ තවත් පහතට වැටෙනවා.
අර උබව දාලා ගියපු එකී හොදින් ඉන්නවනම් ඇයි උබට බැරි කියලා හැමදාම හිතපන්.
ඒ කරලා හොද මොටිවේෂන් වීඩියෝ බලපන්
අදරනීය යලුවේ, අහන්ඩ සමන්තබද්‍ර හමුදුරුවොන්ගේ දේශන.
ඔය භාවනා හරියන්නේ නෑ උබ ඉන්න සිටුවේශන් එකේ හැටියට





![]()
යාළුවනේ මම යම් යම් දේවල් වලට ඇබ්බෙහි වෙලා තියෙනවා..කුඩු නම් ගහන් නැ..එත් බීමට සහ අනිත් දුම් වර්ග පානයට මං ඇබ්බැහි වෙලා..
මානසික ප්‍රශ්ණ ත් ගොඩක් තියෙනවා..(අවුරුදු 11 ආදරේ කරපු කෙල්ල දාලා ගියා )කොච්චර හිතලා සතියක් දෙකක් හිටියත් ආයේ පරණ තත්වෙටම එනවා...හරියට රස්සාව කර ගන්නත් බැ එක නිසා..
ලංකාවේ මේ වගේ ප්‍රශ්න තියෙන අයට නේවාසිකව ප්‍රතිකාර කරන තැන් තියෙනවා නේද ?මට මාස 3කට වඩා ඉන්නත් බැ..මොකද ජොබ් එකත් දාල තමා මට එතන නවතින්න වෙන්නේ.. ෆිනැස් එකකුත් තියෙනවා ගෙවාගෙන යන්න..
මට මේ තත්වෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ජිවිතයක් බෙර ගත්ත පින ලැබෙයි..මොකද මං නිසා මගේ පවුලේ අයත් විදවනවා..මැරෙන එක විසදුමක් නෙමේ..එත් තුවලෙක වේදනාව දන්නේ එක තියෙන කෙනා..පුලුවන්නම් මට උදව් කරන්න...
