උඹට මම කලිනුත් මේකට රිප්ලයි එකක් දැම්මා. ඔය ලෙඩේ තියෙන බැරෑරැම් කම මම හොදට දන්නවා. මමත් කිහිප සැරයක්ම ඔය ලෙඩෙන් මාර දුකක් වින්දා. ජීවිතේ නැති කරගන්න කිහිප සැරයක්ම ප්ලෑන් කෙරැවා. පිස්සෙක් වගේ පාරවල් දිගේ ඇවිදන් ගියා කිසිම තේරැමක් දැනුමක් නැතුව. කෑම කෑවෙත් දවසටම බනිස් ගෙඩියක් වගේ ප්‍රමාණයක් විතරයි. කිලෝමීටර් ගනන් ගිනි අවුවේ ඇවිද්දා. කිසිම දෙයක් එක විදිහට කරන්න බැහැ. එක විදිහට විනාඩියක් එක තැනක ඉන්න බැහැ. නිතරම ඇවිදින්නමයි ඕන. පාරේ යන බෙන්ස් කාර් වගේ දේවල් දැක්කම මට හිනා ගියා. මට හිතුනේ මිනිස්සු මොකටද මේවා පාවිච්චි කරන්නේ, මේවා මහ බොරැ දේවල් නේද... වගේ හැගීමක්. සල්ලි, දේපල, වස්තු වල වටිනාකම නොදැනීම ගියා. ඒවා පාවිච්චි කරන අය දිහා බැලුවේ මුං පව්, මහ මුලාවකට අහුවෙලා යන සෙට් එකක් කියලයි. කා එක්කවත් කතාවට යන්න කැමැත්තක් තිබුණේ නැහැ. නිතරම තනියම ඉදන් කල්පනා කරන්න තමයි ආස උනේ. මට එක දිගට හරියට සතියක් නින්ද ගියේ නැහැ.
මට ඒ කාලේ බෞද්ධ ධර්ශනය ගැන මේ තරම්වත් දැනුමක් තිබුණේ නැහැ. මම මානසික වෛද්‍යවරයෙක් හම්බු උනා. ඒකා දුන්නා පෙත්තක්. බීපු ගමන් ඔලුව ටිකක් මත් වෙනවා වගේ දැනුනා මුල් දවස්වල. දවස් දෙක තුනක් යද්දි ඔලුව ක්ලියර් උනා. උඹට තේරෙනවා ඇතිනේ මම උඹට වඩා මේකෙන් පීඩා වින්දා කියලා.
මම දැන් ගොඩක් බන දේශනා වලට සම්බන්ධ වෙනවා. දැන් ජීවිතය සංසාර චක්‍රයේ ගලන් යන විදිහ ගැන පොඩි දැනුමක් තියෙනවා. දැන් හිතට දුකක්, කේන්තියක්, කලකිරීමක් එන ගතිය අඩුයි. එහෙම ආවත් මේක වෙන්නේ මේ නිසානේ කියලා ධර්මානුකූල තර්කයක් හිතට එනවා. දැන් ගොඩාක් දේවල් පාලනය වෙලා මම දන්නෙත් නැතුව.
උඹට මේක වැදගත්නම් පුලුවන් තැනින් පටන් ගනින්.
මානසික වෛද්‍යවරයෙක් මුන ගැහෙනවනම් හොද එකෙක් ගාවට යන්න අමතක කරන්න එපා. එහෙම නොවුනොත් උඹට තවත් ප්‍රශ්නයක් ඇතිවෙයි.

Last edited: