SOPA & PIPA ගැන අලුත් තොරතුරු (Updating).....

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇමෙරිකානු රාජ්‍ය සහ ගීත වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකර් ප්‍රහාරයක්!

    Anonymous-downs-American-government-and-music-industry-sites.jpg




    ඇමෙරිකානු බලධාරීන් විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි සහ සිංදු ව්‍යාපාරික වෙබ් අඩවි සියල්ලටම පාහේ අති විශාල හැකර් ප්‍රහාරයක් නිර්නාමික ලෙස ලොව නන් දෙසින් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

    එම වාර්තාවන්ට අනුව නිර්ණාමික හැකින්වරුන් විසින් ඇමෙරිකානු FBI වෙබ් අඩවිය සාර්ථක ලෙස අඩපන කර ඇත.

    පසුව හැකරුන් විසින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය, යුනිවසල් මියුසික් ගෘෆ් වෙබ් අඩවිය, ඇතුලු වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට එම වෙබ් අඩවි අඩපන වන ලෙස හැකින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

    පිළිවෙලින් Department of Justice, Universal Music Group, RIAA and Motion Picture Association of America යන වෙබ් අඩවි හැකින්වරුන් විසින් අඩපන කරන ලද වෙබ් අඩවි වී ඇත.

    ලොව විශාලතම ගොනු හුවමාරු කරන්නා වු වෙබ් අඩවිය වන Megaupload වෙබ් අඩවිය ඇමෙරිකානු FBI පොලිසිය විසින් වසා දැමීමෙන් අනතුරුව එයට එකට එක කිරීමක් ලෙස මෙම හැකින් ප්‍රහාරය එම Megaupload වෙබ් අඩවියේ පැවැත්ම අපේක්‍ෂා කරන්නා වූ අතිවිශාල පිරිසක් විසින් එල්ල කරන්නට ඇතැයි සැලකේ.

    මේවන විට ඉහත ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි ඇතුලු ඉහත සමාගම් වෙබ් අඩවි සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව වාර්තා වන අතර, එම වෙබ් අඩවි වලට නිර්නාමිකව ලෙව නන් දෙසින් නොනවතින හැකින් ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවද සඳහන් වේ.

    දිනපතා මිලියන 50 ක පමණ ග්‍රාහක පිරිසක් සතු Megaupload වෙබ් අඩවිය ඇ‍ෙමරිකානු බලධාරීන් විසින් වසා දැමීමෙන් අනතුරුව එම වෙබ් අඩවිය නිර්මාතෘ ඇතුළු එයට ඝෘජුව සම්බන්ධ 4 දෙනෙකු නවසීලන්තයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර, තවත් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගැනීම සඳහා ලොක් මට්ටමින් වරෙන්තුද නිකුත් කරනු ලැබීය.

    ඇමෙරිකානු බලධාරීන් විසින් වසා දමනු ලැබූ Megaupload වෙබ් අඩවිය සතුව ලොව වටා පිහිටි ඇ.‍ ඩො. මිලියන 50 ක පමණ දේපලද ඇමෙරිකානු බලධාරීන් විසින් අවහිර කර ඇත.




    Code:
    http://lankacnews.com/sinhala/foreign-news/43886/

     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    sopa පනත ගෙන එන එක අත්හිටවලාලු බන් දැන් අවුලක් නෑ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇමරිකාව අන්තර්ජාල පනත් හකුලාගනී

    USA-flag.jpg



    විකිපීඩියා ඔන්ලයින් ඇතුළු ලෝක ප්‍රකට වෙබ් අඩවි දහස් ගණනක් පල කළ දැඩි විරෝධයෙන් අනතුරුව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ නීතීන් පිළබඳව පනත් කෙටුම්පත් අත්හිටුවා ඇතැයි විදෙස්වාර්තා පවසයි.

    අදාළ පනත් කෙටුම්පත් මුළුමුණින්ම ඉවත් කර ගැනීමක් අපේක්ෂා නොකරන බව එරට කොංග්‍රස් මණ්ඩලය පවසයි.

    සොපා සහ පිපා නමින් හඳුන්වන නව පනත් දෙක තුළින් අන්තර්ජාල වංචාවන් මැඩලීම අපේක්ෂාවෙන් වුවත් මෙය නිදහස් තොරතුරු හුවමාරුවට දැඩි බලපෑමක් එල්ල කරන බව වෙබ් අඩවි රැසක අදහස වී තිබිනි.


    Code:
    http://lankacnews.com/sinhala/foreign-news/44042/

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Captain ජැක් ස්පැරෝ;11891433 said:
    අපි මේවට විරුද්ද වෙන්න ඔනේ..........
    රෙප් දෙනවටද බන්.
    :eek:

    අනිවා..

    Captain ජැක් ස්පැරෝ;11891492 said:
    මිඩියාෆයර් නැති ලෝකයේ ඇයි අපි තවදුරටත් ජීවත් වෙන්නේ...........:baffled:
    :dull:
    අනිවා අනිවා..
    අනිත් ටිකටත් කෙලවයිද දන්නේ නැහැ.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Captain ජැක් ස්පැරෝ;11896925 said:
    ඇමරිකාව අන්තර්ජාල පනත් හකුලාගනී

    USA-flag.jpg



    විකිපීඩියා ඔන්ලයින් ඇතුළු ලෝක ප්‍රකට වෙබ් අඩවි දහස් ගණනක් පල කළ දැඩි විරෝධයෙන් අනතුරුව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ නීතීන් පිළබඳව පනත් කෙටුම්පත් අත්හිටුවා ඇතැයි විදෙස්වාර්තා පවසයි.

    අදාළ පනත් කෙටුම්පත් මුළුමුණින්ම ඉවත් කර ගැනීමක් අපේක්ෂා නොකරන බව එරට කොංග්‍රස් මණ්ඩලය පවසයි.

    සොපා සහ පිපා නමින් හඳුන්වන නව පනත් දෙක තුළින් අන්තර්ජාල වංචාවන් මැඩලීම අපේක්ෂාවෙන් වුවත් මෙය නිදහස් තොරතුරු හුවමාරුවට දැඩි බලපෑමක් එල්ල කරන බව වෙබ් අඩවි රැසක අදහස වී තිබිනි.


    Code:
    http://lankacnews.com/sinhala/foreign-news/44042/


    mona pissuda ban,onna filesonic 1th iwarayi,elagata fileserve
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    නොමිලේ අත්විදි සුපිරි ලොවක නිමාවද මේ ඇරඹෙන්නේ?

    banner.jpg



    අපි පෙරේදා නිකුත් වු ඇමරිකානු චිත්‍රපටය අද නොමිලේ බැලුවෙමු. එයද එලෙසම නොමිලේ බාගත කරගෙන පිහිටුවාගත් OS එකක් මතය. US $ දහස් ගනනේ වටිනා Software අපි අපේදේ ලෙස අත්වින්දෙමු. පිටු දහස් ගනනේ පොත් විනාඩියෙන් නොමිලේ බාගෙන කියෙව්වෙමු.

    මෙය සරලව නොව ගැඹුරින් බැලිය යුත්තක් වන්නේ විදේශ විනිමය සතයකුදු වැය නොකොට අපි දියුණු ලොවක ආශ්චර්යය මැනවින් අත්විදි නිසාත් එයින් අපගේ රසිකත්වය යම් රාමුවකට අනුගත වූ නිසාත් හා අපෙගේ හැකියාවන් වර්ධනය වු නිසාත් ය.

    පකිස්තාන රජයටවත් නොකියා එරටට ගොස් Operation කිරිමට තරම් බලගතු මෙම සුපිරි රාජ්‍යය බොහො කලක් මෙය ඉවසා සිටියේය. ඉන්පසු තරමක බලපෑමක් ඇතිකලහ. දැන් එහි කූටප්‍රාප්තිය සැපැමින ඇත.

    SOPA PIPA පැමින ඇත. අපේ සමහරුන් මෙයට wikipedia, google, FB … විරුද්ධවනු දැක අත්පුඩි ගහති. නමුත් ඔවුන් නොදන්නේ wikipedia, google, FB … විරුද්ධ වන්නේ මෙහි අන්තර්ජාලයේ නිදහසට කරන බාධාවට මිස අප අත්විදින නොමිලයේ කරන බාගත කිරීම් වලට කරන බාධාවට නොවන බවයි. විරෝධතා හමුවේ හකුලාගන්නට ගියත් , හකුලා ගන්නේසම්පුර්ණ පනත නොවන බවත් අප මතක තබා ගත යුතුය, තවද බුද්ධිමට දේපල රැකීමට මේ පනත් අත්‍යාවශම නොවන බවට (MegaUploads{dot}com) කදිම නිදසුන සිද්ධියයි.

    (MegaUploads{dot}com) ජර්මන් අයෝජකයෙකුගේ හොංකොන් ව්‍යාපරයක් ජාත්‍යන්තරව සීල් තබා ඔහුව වෙනත් රටකදී අත් අඩංගුවට ගැනීමෙන් මෙම දැවැන්ත මර්ධනයේ තරම ඔබට මට හොදින් වටහාගත හැක.

    මට හිතෙන ලෙස මෙතෙක් කල් ඇමරිකාව ඔවුන්ගේ නිර්මාණ දියුනුවෙමින් පවතන රටවලට හොරාකන්න දුන්නේ අප ඔවුන්ගේ උගුලට හසුවන තෙක්ය. අප දැන් හසුවී අවසානය. අපට දැන් සුනිල් ආරියරතනගේ සිට සුනිල් ටී දක්වා වු අපගේ අධ්‍යක්ශ වරුන්ගේ රුපියල් මිලියන කිහිපයක චිත්‍රපට අල්ලනේ නැත. මක්නිසාද $ මිලියන ගනන් වැයකොට තනන ස්පිල්බර්ග්ලාගේ චිත්‍රපට ආකර්ශණයෙන් වැඩි නිසාය. අපට වෙන OS දැන් දිරවන්නේ නැත. ඒ අපට හොදින් Windows හුරුවී ඇතිනිසාය. අපට අපේ ගුරුන්ගේ දැනුම දැන් මදිපුංචිය. මක්නිසාද international ගුරන්ගේ පොත් අපි නිකං කියවපු නිසාය.

    මෙය එක දවසකින් අපට බල නොපානු ඇත. සමහරවිට නව මාවත් උදාවනු ඇත. නමුත් ගත්තදේවල් පොලියත් සමග ගෙවීමට වැඩ කටයුතු සැකසෙමින් පවතින බව පෙනේ.


    Code:
    http://lankacnews.com/sinhala/foreign-news/44098/