ආශ්චර්යමත් සිරි ලංකාවේ අඩි 6ක් උස කොල්ලෙකු ලෙස මා මුහුණ පෑ සමහරක් අත්දැකීම් ඔබ හමුවේ තබන්නට දෙන්න අවසර
1) කුඩ ඉහලගෙන යන අයගෙන් ප්‍රවේසම් කරගන්න ඕන ඇස් දෙක
2) බස් එකේ යනකොට ජනේලය පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට බහින්න ඉඩ දෙන්න වුණහම සෑහෙන දඟලන්න ඕන

3) සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා.ඊට පස්සේ ඉතින් අල බැහැල වගේ කකුල් 2 ඈත් කරන්න ඕන

4) බස් එකේ වාඩි වුණහම ලඟින් හිටගෙන යන සමහර ගෑණු අයගේ යම් යම් දේවල් මූණේ වදිනවා

5) කොට කෙල්ලෙක්ව hug කරද්දි අවුල්

6) බස් එකේ අල්ලන් යන පොල්ලෙ කොන්ඩේ,ඔලුව වදිනවා
7) මරුටි එහෙක වගේ ගමනක් යද්දී ඉස්සරහ සීට් එකේ ගියොත් පිටිපස්සේ ඉන්න කෙනාට අවුල් -පිටිපස්සේ සීට් එකේ හිටියොත් ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනාට අවුල්
8) ෆුඩ්සිටි වගේ තැන් වල සමහර බෝඩ්ස් ඔලුවේ වදිනවා
9) මුළු ඇඟම එක පාර පේන කණ්නාඩියක් නෑ ගෙදර
10) මූන බලන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕන (දණහිස් වලින් නැවිල,බෙල්ල පහත් කරලා)

11) සමහර බාත්රූම් වල shower එක යට දණහිස් වලින්,බෙල්ලෙන් නැවිල ඉන්න ඕන adjustable shower head එකක් නැත්නම්
12) බස් හෝල්ට් එකේ ඉද්දි බස් වල side කන්නාඩි වලින් සෑහෙන ඔලුව පරිස්සම් කරගන්න ඕන
නූලෙන් බේරුණු අවස්ථා තියෙනවා
13) විශේෂයෙන් නහය ගැන විශේෂ අවධානයක් දෙන්න ඕන මොකද කොට අය ලඟට ඇවිත් මූණ බැලුවහම කෙලින්ම එයාලට පේන්නේ නහය ඇතුල

14) අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ
15) බස් එකක මිනිස්සු හිටන් යන පැත්තේ සීට් එකක ඉඳගෙන එක දණහිසක් එලියට දැම්මම සමහරු ඒ දණහිස උඩින් බෑග්,බඩු මලු එහෙම ශේප් එකේ තියන් යනවා
එලකිරියේත් උස කොල්ලෝ ඉන්නවනේ...උඹලගේ අත්දැකීමුත් බෙදා ගමු මචන්ලා 





Last edited:


