R34 එකක් නම් පැදලා තියනවා Stock නෙමේ Mod එකක්, හැන්ඩ්ලින් නම් පට්ට ඒකේ, සමහර විට tune up කරලා නිසාද දන්නේ නෑ. නමුත් ඒක super car ගනයට වැටෙන්නේ නෑ නේ?
තව මම මැදපෙරදිග ඉද්දී (විශේෂයෙන් ම ඩුවායි වල) ගොඩක් කාර් වලට නැගලා වාඩි වෙලා ඉඳලා අතපත ගාල තියනවා. SLS AMG එකක ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා තියනවා, මම passenger සීට් එකේ වාඩි වෙලා නමුත් එලවලා නෑ. ඩුබායි වල දී යාලු උන අයියලා හිටියා එයාලා කරන්නේ නැව් වලින් බාන කාර් කන්ටේනර් වල දාලා ඒ ඒ companies සහ showroom වලට අදින එක. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට උයාගෙන කෑම වේලක් කන්න වෙලාව නෑ, එහෙම මනුස්සයෙක්ට කෑම වේලක් හදලා දුන්නාම කෝටි ගනන් වල කාර් නෙමේ පන උනත් දෙනවා. රාගම පැත්තේ පොරක් හිටියා පොර Mercedes එකේ Car carrier එකක් වැඩ කරන්නේ, ඒ අයියා-කාරයා මාර්ගෙන් Mercedes showroom එකේ වැඩකරන salesman කොල්ලක් දැන අඳුන ගත්තා අලුත් අලුත් වාහන showroom එකට ආවාම පොර මට එන්න කියලා බලන්න චාන්ස් එක දීලා තියනවා සමහර වෙලාවට.